ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    tv series films english sub ekka baluwata awulk nadda?
    අන්න හොඳ තැනකට ආවා .
    ඔව් මුලින්ම බලන්න කිසිම සබ්ටයිටල් එකක් නැතුව.
    ඇසීම පුරුදු වෙන්න උච්චාරණය හුරු කරගන්න .
    ඊට පස්සෙ ඉංග්‍රිසි සබ් දාලා බලන්න .
    එතකොට ඔයාගෙ මනසෙ හුරුව තියෙන නිසා ඔයාට වචන අල්ල ගන්න තෙරුම්ගන්න ලෙසි වෙනවා ඒ ක්‍රමෙන් .
    ඔයා දන්නවා සමහරක් විට ඔයාට ඇහිච්ච වචනෙ වැරදිද හරිද ?
    කොයි විදියටද කියන්න ඔනි කියන එක .


    ඒ වගෙම ටී වී සීරියස් ගත්තොත් ඔය බ්‍රේකින් බෑඩ්, එක්ස් ෆයිල්ස් වගෙ එව්වා හොඳා .තනිකරම ස්ටෝරීස් තියෙන ෆිල්ම්ස් සහ ටී වී සීරියස් බලන්න .

    ඇක්ෂන් ටයිප් එව්වා බලන්න එපා.
    English walata amatharawa wena basha mukuth barida ?
    කාටද මටද ?
    මට හින්දි පුලුවන්
    අරාබි යාන්තම් පුළුවන් .

    චීන ඉගෙන ගන්න ආසාවක් පහල වෙලා තියෙනවා .
    ඉස්සරහට ඒකත් ඉගෙන ගන්නවා .
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අන්න හොඳ තැනකට ආවා .
    ඔව් මුලින්ම බලන්න කිසිම සබ්ටයිටල් එකක් නැතුව.
    ඇසීම පුරුදු වෙන්න උච්චාරණය හුරු කරගන්න .
    ඊට පස්සෙ ඉංග්‍රිසි සබ් දාලා බලන්න .
    එතකොට ඔයාගෙ මනසෙ හුරුව තියෙන නිසා ඔයාට වචන අල්ල ගන්න තෙරුම්ගන්න ලෙසි වෙනවා ඒ ක්‍රමෙන් .
    ඔයා දන්නවා සමහරක් විට ඔයාට ඇහිච්ච වචනෙ වැරදිද හරිද ?
    කොයි විදියටද කියන්න ඔනි කියන එක .


    ඒ වගෙම ටී වී සීරියස් ගත්තොත් ඔය බ්‍රේකින් බෑඩ්, එක්ස් ෆයිල්ස් වගෙ එව්වා හොඳා .තනිකරම ස්ටෝරීස් තියෙන ෆිල්ම්ස් සහ ටී වී සීරියස් බලන්න .

    ඇක්ෂන් ටයිප් එව්වා බලන්න එපා.

    කාටද මටද ?
    මට හින්දි පුලුවන්
    අරාබි යාන්තම් පුළුවන් .

    චීන ඉගෙන ගන්න ආසාවක් පහල වෙලා තියෙනවා .
    ඉස්සරහට ඒකත් ඉගෙන ගන්නවා .
    Hindi igana ganiddi vocabulary eka wadi karagatte kohomada ?

    Mamath japanese igana gannawa vocabulary wenama padam karanna giyata mataka hitinnema na tika dawasak yaddi..

    Vocabulary eka long term memory ekata daaganna widiya thama hita ganna bari
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Hindi igana ganiddi vocabulary eka wadi karagatte kohomada ?

    Mamath japanese igana gannawa vocabulary wenama padam karanna giyata mataka hitinnema na tika dawasak yaddi..

    Vocabulary eka long term memory ekata daaganna widiya thama hita ganna bari
    හින්දි ඉතින් එහෙම විෂෙශ දෙයක් කරෙ නැහැ බන් .හින්දි ෆිල්ම් බලලා තිබ්බ නිසා නිකන්ම ආභාෂය ආවා .අනික හින්දි අපිට ටිකක් සමීප ගතියක් දැනෙනවා.
    මහ ලොකු ෆ්ලුවන්සි එකක් නැහැ. එත් නවා ගන්න පුළුවන්
    මැදපෙරදිග ඉන්න අපෙ නූගත් කම්කරුවා පවා හින්දි වතුර වගෙ කතා කරන්නෙ .
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මටනම් ඉංග්‍රීසි කියන්නේ සිංහල වගේ වෙනම සංස්කෘතියක්. එ වෙලාවට එ සංස්කෘතියේ හැඩෙට හැඩගැන්වීම තමයි හොද. එතකොට ඉංග්‍රිසි නිකම්ම ඇගට එනවා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පොත් පත් නම් ඉතිං ඔය එපික් නවල්ස් නම් කියවන්න එපා .මොකද එව්වා ඒ අදාල විෂය වස්තුව වටා භාවිතවෙන වචන වලින් පිරිලා තියෙන්නෙ .
    අපි ගමු ලොර්ඩ් ඔෆ් ද රින්ග්ස් ,ගෙම් ඔෆ් ත්‍රොන් ගත්තොත් එව්වායෙ ඒ ෆැන්ටසි වලට විශේශ කරපු වචන තියෙන්නෙ.
    දැනුමට හොඳා එත් ඉංග්‍රිසි ඉගෙන ගන්න තෙරුමක් නැහැ.
    මොකද ඒ වචන තෙරුම් ගන්න උත්සාහ කරොත් ඉංග්‍රිසි ඉගෙන ගන්න එක එපා වෙනවා .
    හරියට අපි සිංහල ඉගෙනගන්න පන්සිය පනස් ජාතක කතාපොත කියවනවා වගෙ වැඩක් ඒ .

    ඉංග්‍රිසි ඉගෙන ගන්න කාරනාවට නම් නූතන යුගයයෙ ලියවිච්ච නවල්ස් තියෙන්නෙ .
    එහෙම නැත්තම් කාගෙ හරි බයොග්‍රෆි එකක් .අන්න එව්වා හොඳයි .
    ගොඩක්ම හොඳ පත්තර ඇන්ඩ් මැගසින්ස් තමා හැබැයි .
    මොකද එව්වා නිතර නිතර නූතනත්වය එක්ක අප්ඩෙට් වෙන එව්වා .
    පොත් ගත්තොට් පොත ලියපු කාලෙට ගැලපෙන පරිසරය සමාජය තමා තියෙන්නෙ .

    ඒත් ඇසීම ප්‍රගුණ කරන්න නම් ඒ කිව්වෙ උච්ඡාරණය තෙරුම් ගන්න වගෙ නම් ඕඩියො බූක්ස් එහෙම අහපන් .
    එතනදි ඔනිම පොතක්.
    හේතුව එතනදි දැනුම නෙමෙ අපි බලන්නෙ භාෂාවට හුරුව

    Fatta.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මටනම් ඉංග්‍රීසි කියන්නේ සිංහල වගේ වෙනම සංස්කෘතියක්. එ වෙලාවට එ සංස්කෘතියේ හැඩෙට හැඩගැන්වීම තමයි හොද. එතකොට ඉංග්‍රිසි නිකම්ම ඇගට එනවා


    මෙන්න මෙක හොඳ පොයින්ට් එකක් !!

    මෙතඩ් ඇක්ටින් (Method Acting) වගෙ තමා හරියට ඉංග්‍රිසි ඉගෙන ගන්නවා කියන එක .
    මොකක්ද මෙතඩ් ඇක්ටින් (Method Acting) කියන්නෙ ?

    යම් කිසි නළුවෙක් තමන්ට රඟපාන්න නියම වෙච්ච යම් චරිතයකට තමන්ගෙ චර්‍යාවෙ හැඟීම සිතුවිලි සෙරම චරිතය වෙනුවෙන්ම හැඩ ගස්සවා ගැණිම.

    අපි කියමු " හිඟන්නෙක්ගෙ " චරිතයක් රඟපානවා කියලා
    ඉතිං මෙතඩ් ඇක්ටර් (Method Actor) කෙනෙක් කරන්නෙ හිඟන්නෙක් වගෙ මාස ගාණක් ජීවත් වෙනවා.ආශ්‍රය කරන්නෙත් හිඟන්නොන්ව
    ජීවත් වෙන්නෙත් හිඟන්නො ජීවත් වෙන විදියට .
    හිඟන්නා කන බොන විදිය අඳින පලඳින විදිය.
    හිතන පතන විදිය ඉඳන් සෙරම අධ්‍යනය කරලා තමන්ට ඒ දෙවල් ආරුඪ කරගන්නවා.

    අන්න ඒ වගෙ තමා ඉංග්‍රිසි හරියටම ඉගෙන ගන්නව කියන එකත් .
    භාෂාව ,ශබ්ද කොෂය ව්‍යාකරණ පමණක්ම නෙමෙ
    හැසිරෙන විදියෙ ඉඳන් සෙරම ජීවන රටාව පවා ඉංග්‍රිසි විදියට හැඩ ගැහෙන්න ඔනි.
    කොටින්ම තමන් හිතන එක පවා ඉංග්‍රිසියෙන්ම හිතන්න ඔනි .
    අපෙ අය ඉංග්‍රිසි කතා කරන්නෙ සිංහලෙන් හිතලා ඉංග්‍රිසියට හරවන එක නෙ ?
    නැහැ ඉංග්‍රිසියෙන්ම හිතන්න ඔනි .

    මෙකෙදි ඉගෙන ගන්න කෙනා අහන්න ඔනි ඉංග්‍රිසි දෙවල්ම විතරයි .කියවන්න ඔනි ඉංග්‍රිසි පොත් පත්තරම විතරයි .
    ඇසුරු කරන්නත් ඔනි ඉංග්‍රිසි කතා කරන අයම විතරයි.
    ඉංග්‍රිසි නේටිව් රටවල් වල කට්ටිය ඇසුරු කරන්න සෙට් වෙනවා නම් ගොඩක් හොඳයි .

    අපෙ රටවල් වල ඉඳන් නම් ඔව්වා ලේසි වෙන්නෙ නැහැ සමාජයත් එක්ක.
    පිට රටකට වගෙ ගිහින් පිට ජාතීන් එක්ක සෙට් උනොත් නම් ඔන්න ටිකක් ගොඩ දාගත්ත හැකි .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මචන් cause , phases ,sentence patterns වලින්ද english කතා කරන්ඩ ලියන්ඩ හඩන්නේ ?
    කියන්න හදන දෙ පැහැදිලි මදි .
    මට තෙරුණ විදියට මම උත්තරෙ දෙන්නම්.
    මෙහෙමයි.
    ඉංග්‍රිසි කතාකරන්න මුලින්ම හදන කෙනෙක් නම් ග්‍රැමර් ලොකුවට ඔළුවට ගන්න එපා.
    එකෙන් කියන්නෙ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා.
    උඹ නිකන් හිතපන් අපි සිංහල කතාකරද්දි පොඩි කාලෙ ඇහෙන වචනෙ අපි කතා කරන්න උත්සාහ කරන්නෙ ග්‍රැමර් ගැන දැනගෙනද ? නැහැ ඇහෙන වචනෙ උච්ඡාරනය කරලා අපි පුරුදු වෙනවා.
    ඉස්කොලෙදි තමා අපි ග්‍රැමර් ඉගෙන ගන්නෙ.
    ඉතිං අපි ග්‍රැමර් සලකන්නෙ ලියුමක් ලියද්දි ,නොටිස් එකක් ලියද්දි රචනාවක් ලියද්දි වගෙ දෙවල් වලදි විතරයි .
    කතාකරද්දි අපි ග්‍රැමර් ඔළුවට ගන්නෙ නැහැ නෙ ?

    අන්න ඒ වගෙ තමා ඉංග්‍රිසිත් .
    ග්‍රැමර් ගැන හිත හිතා කතාකරන්න හිටියොත් කවදාවත් වෙන්නෙ නැහැ.
    කතා කරන්න බය නැති උනායින් පස්සෙ අන්න ග්‍රැමර් ගැන අවධානය යොමු කරන්න .