ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ

    diarrhea.gif


    හෙල බස දැන පර තෙරටම
    ඉංගිරිසිය නොම දැනේ
    පෙර දිනයක උන්නයි මම
    ගමක දිවිය ගෙවමිනේ

    වේග තැපෑලෙන් දිනයක
    ලැබුණයි ලියුමක් මට
    ඉල්ලුම් කල රැකියාවක
    පළමු පරික්‍ශනයට

    දහස් ගණන් මල් පිපුණා
    මගෙ සිංහල හිත මත
    ඉතින් බොළඳ හිත හැදුණා
    යන්නට නගරය වෙත

    සියක් පැතුම් පොදි බන්දා
    සියක් පැතුම් සිත දරා
    මවුතුමියට මම වැන්දා
    ෆයිල් එකත් අත දරා

    බුදු සරණයි මගේ පුතේ !!
    උඹ ඉහළින් දිනනවා
    ඉන්ටවු එක දිනං ඇවිත්
    රස්සාවක් කරනවා

    මේ කිරිබත් කට කාපං
    උතුරු දිසා බලමිනේ
    දකුණු පාදෙ පෙර තබපං
    රාහු කාලේ මඩිමිනේ

    අම්මන්ඩිගෙ සුබ පැතීම
    එලෙසින් අවසන් වුණා
    පේවීලා හදවතින්ම
    මම උදෙන් පිටත් වුණා

    මම ඉන්ටවු එක දිනමින්
    රස්සාවද කරන්නේ
    අරගන්නා මුල් පඩියෙන්
    පවුලම ගොඩ දමන්නේ

    මගදි වදින සිසිල් සුළන්
    හිතේ හීන මවන්නේ
    ඉන්ටවු එක වෙත හෙමිහින්
    මමත් ගමන් කරන්නේ

    ඉන්ටවු එක පැවැත්වෙනා
    නගරේ පැක්ටරියට
    බස් රථයෙන් පිටත් වුණා
    මිතුරනි මම හනිකට

    ඇතුල් වෙච්චි හැටියෙම මම
    පැක්ටේරිය ඇතුළට
    කොහොම කියමි වුණු දේ මම
    රෙදි ඇඳගෙන ඔබ හට

    උදේ කාපු කිරිබත් කට
    ආමාශය මැද ඉඳන්
    ගුද මාර්ගෙ වෙත යන්නට
    පේළි සැදී ඇත බලන්

    ඉවසාගන්නට හදද්දි
    බඩ දඟලයි දෙවියනේ
    ගතද හිතද බෙරිහන්දී
    කෑගසනා බව දැනේ

    එළි බහින්න ළඟ පාතක
    කක්කුස්සියකුත් නැතේ
    පිහිද ගන්නටත් මා අත
    ලේන්සුවක් ළඟ නැතේ

    පිළිගැනීමෙ කවුන්ටරය
    උඩ කෙල්ලක් ඉන්නවා
    ඇගෙන් අහල කක්කුස්සිය
    ඇති තැන මම හොයනවා

    කකුල් දෙකම තද කර මම
    කටද තොලද හපමිනේ
    කෙල්ල ළඟට ගෑටුවෙ මම
    කඳු නගිනා විලසිනේ

    සුදු නංගියේ මට ඉමහත්
    බඩෙ අමාරුවක් ඇතේ
    කක්කුස්සිය පෙන්වූවොත්
    නංගියෙ උඹ බුදු වෙතේ

    එනිතිං යූ වෝන්ට් සර්
    ටෙල් මී ඉංගිරිසියෙන්
    ටෝක් කරනු බැරිය සර්
    මට කරෙක්ට්ලි සිංහලෙන්

    ඇහිලා ඉංගිරිසි වදන්
    ඇගේ මුවින් පිට වුණ
    හිටියයි පුවකක් විලසින්
    මම ගිරයට අහු වුණ

    බුදු නංගියෙ පිං අත් වෙයි
    විහිළු නම් කරන්නෙපා
    වැඳ වැටිලා මං ඇඬුවයි
    බදාන ඇගෙ සුදු දෙපා

    ජස්ට මිනිට් වෙයිට් අයියෙ
    මම ඩික් එක ගේනකම්
    සර්ච් කරල කක්කුස්සියෙ
    තේරුම මම හොයනකම්

    කාට කියන්නද මම දැන්
    විඳිනා දුක දෙවියනේ
    පස්ස අත් දෙකෙන් අල්ලන්
    මම සුසුමක් හෙලුවනේ

    දරා ගන්න නම් බෑ මට
    දැනෙනා මේ බර තවත්
    මරා කන්න හිතුණා මට
    මේ සෝබන කෙල්ලවත්

    ඉරා ගතිමි මම එවිටම
    හතර වරිගෙ නම්බුවත්
    ජරා කළෙමි ඒ සැනින්ම
    කෙල්ලගෙ දෙපතුල් ළඟත්

    දහසක් නෙත් ඉන් පසුවෙන්
    මගේ දෙසට යොමු වුණේ
    නාස් වසා ලේන්සුවෙන්
    සැවොම සිනාසෙනු පෙනේ

    ගතින් මල පයින අතරේ
    නෙතින් කඳුළු වැගිරුනා
    ඉතින් මගෙ වරද මිතුරේ
    ටිකෙන් ටිකම වැටහුණා

    ඉංගිරිසිය බැරි හන්දයි
    මම මේ ලෙස බලු වුණේ
    සිංහලයෙක් වුණු හන්දයි
    රෙද්දෙම ගූ පිටවුණේ

    දුවං ගියෙමි මහ පාරට
    කඳුළු සලා හඬමිනේ
    බෙල්ල තැබුවෙ කෝච්චියට
    අම්මව සිහි කරමිනේ

    කෝච්චියේ හැප්පුණු මම
    ලංකාවෙන් චුත වුණා
    තවු තිසාවෙ අති උත්තම
    දෙවියෙකු වී ඉපදුනා

    හෙල බස රැක ගත්ත තැනා
    මම දෙවි ලොව ඉපදුණේ
    මට හිනැහුණු සියලු දෙනා
    නිසි දඬුවම් ලැබුවනේ

    පෑව සියලු දනන් එදින
    ඉංගිරීසියෙන් හිනා
    කොකු පණුවන් වෙමින් මෙදින
    වැසිකිළියක ඉපදුනා

    සුද්දා දුන් කඩුව අරන්
    වැද්දා නොම නසන්න
    පද්දා ඔබ සිහළ වදන්
    සුද්දා කොර කරන්න


    ගත්තේ
    http://hisahasa.blogspot.com/2011/11/blog-post.html
    හිස් අහස

    කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...?

    සියලුම තුති සදරු වෙත
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    දුවං ගියෙමි මහ පාරට
    කඳුළු සලා හඬමිනේ
    බෙල්ල තැබුවෙ කෝච්චියට
    අම්මව සිහි කරමිනේ

    අම්මටසිරි කිව්වලු උන්ගේ මහපාරේ කොච්චිත් යනවා :P
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දුවං ගියෙමි මහ පාරට
    කඳුළු සලා හඬමිනේ
    බෙල්ල තැබුවෙ කෝච්චියට
    අම්මව සිහි කරමිනේ

    අම්මටසිරි කිව්වලු උන්ගේ මහපාරේ කොච්චිත් යනවා :P

    :P:P:P:Pමාර තොප්පිය .
    දැනුයි මමත් දැක්කේ :P:P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    දුවං ගියෙමි මහ පාරට
    කඳුළු සලා හඬමිනේ
    බෙල්ල තැබුවෙ කෝච්චියට
    අම්මව සිහි කරමිනේ

    අම්මටසිරි කිව්වලු උන්ගේ මහපාරේ කොච්චිත් යනවා :P
    :baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meke ganna deyak tiyenawa..eth samahara ewa kisima thaathwika bawak nam ne...
    hoda nirmaanyak eth aparade:(
    kohoma unath sinhala un wenath bhasawakata mul thana dena eka nam mama dakina ape unge pahathma gathiyak..ekai apita hemadama kelawenneth!
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    meke ganna deyak tiyenawa..eth samahara ewa kisima thaathwika bawak nam ne...
    hoda nirmaanyak eth aparade:(
    kohoma unath sinhala un wenath bhasawakata mul thana dena eka nam mama dakina ape unge pahathma gathiyak..ekai apita hemadama kelawenneth!

    aniwa,ubata ekagai..namuth apita ganna deyak tiye....:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මුලින් කක්කුස්සිය , ඊලගට ඒකෙම වැසිකිළිය කියල තියෙනවා , ගොන් ටෝක් දෙන්න එපා බන් , කක්කුස්සිය , වැසිකිළිය දන්නැතු උන් මෙහෙ නෑ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙහිදී සෝබන කෙල්ල ලෙස නම් කළ තරුණිය තමාගේ සිංහල නොදැනුවත්කම අඩුවක් ලෙස තේරුම් ගෙන අහළ පහළකින් හෝ 'ඩික් එකක්' තබාගෙන සිටීම අගය කළ යුතුය.

    ලංකාවේ බොහෝ සෙයින් සිටින්නේ සිංහල නොදැනුවත්කම ගෞරවයක් ලෙස සිතන හිස් මිනිසුන් සහ සිංහලයන් අතර පොදුවේ ඇති අඩු භාෂා දැනීම (ඉංග්‍රීසි පමණක් නොව ) අඩුවක් ලෙස නොදකින මැට්ටන් රැසකි.:rolleyes:
    මේ දෙපිරිසටම වඩා අර කෙල්ල බුද්ධිමත්ය.

    Thanks for sharing... Rep4+:)
     
    • Like
    Reactions: GAC

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මුලින් කක්කුස්සිය , ඊලගට ඒකෙම වැසිකිළිය කියල තියෙනවා , ගොන් ටෝක් දෙන්න එපා බන් , කක්කුස්සිය , වැසිකිළිය දන්නැතු උන් මෙහෙ නෑ

    කවිය කියවල හිටපන් බන් ..
    අර වැඩේ වුනාට පස්සේ වැසිකිලිය කියල ලියල තියෙන්නේ
    නමුත් කවියා කියන්න හදපු දේට හානියක් නෑ
    ඔය වචන දෙකේ තේරුම දන්නැති එවන් ඉන්නවා බන් මේහේ .wash room යනවා කියලා නේ දැන් මේ පළාතේ හුගක් අය පොඩි වැඩේටත් යන්නේ
    මේකේ තියෙන වචනේ එහෙම පාවිච්චි කලොත් අද අපිට හිනා වෙනවා .නමුත් හොද සිංහල වචන තමයි මේවා ...
    'රහිනවා' කියන වචනේ දන්නැති කෙනෙක් මම දන්නවා . ඒ කෙනා මගේ උත්තර පත්තරේ එක ලිව්වා කියලා ලකුණු කපල තිබ්බා
    මාව ගෙන්නලා ඇහුව මොකක්ද එකේ තේරුම කියලා ..
    අයිත් මේවගේ ඒවා ලියන්න එපා කිව්වා
    ඔන්න ඔහොමයි තත්වේ
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    කි‍්‍රශ්;11359576 said:
    සිරා කථාව
    ස්තුත්යි යාළුවා :)
    මෙහිදී සෝබන කෙල්ල ලෙස නම් කළ තරුණිය තමාගේ සිංහල නොදැනුවත්කම අඩුවක් ලෙස තේරුම් ගෙන අහළ පහළකින් හෝ 'ඩික් එකක්' තබාගෙන සිටීම අගය කළ යුතුය.

    ලංකාවේ බොහෝ සෙයින් සිටින්නේ සිංහල නොදැනුවත්කම ගෞරවයක් ලෙස සිතන හිස් මිනිසුන් සහ සිංහලයන් අතර පොදුවේ ඇති අඩු භාෂා දැනීම (ඉංග්‍රීසි පමණක් නොව ) අඩුවක් ලෙස නොදකින මැට්ටන් රැසකි.:rolleyes:
    මේ දෙපිරිසටම වඩා අර කෙල්ල බුද්ධිමත්ය.

    Thanks for sharing... Rep4+:)

    නියම අදහස යාළුවා .
    අදහසට එකගයි
    අපේ හැම බාසාවක් ගැනම ඇත්තේ අඩු හැකියාවක්
    එක අවසන් කර ගත යුතුයි:)


    patta machan

    rep +
    :):)
    ස්තුත්යි යාළුවා :)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සුද්දා දුන් කඩුව අරන්
    වැද්දා නොම නසන්න
    පද්දා ඔබ සිහළ වදන්
    සුද්දා කොර කරන්න

    11.gif
    11.gif
    11.gif