..::[ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන(පළමු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    ඇයි බං ටික ටික දාන්නෙ. ඔක්කොම එකපාර දාපන්කො බලන්න. :)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩේ උබ මේකේ අනිත් පර්ට් එක පොස්ට් කරන්නැත්නම් සෙකන්ඩ් පර්ට් එකේ ලින්ක් එක මට දිපන්කෝ, මෙතන දාන්න බැරිනම් පී.එම්. එකක් දාපන්;);)....​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අඩේ උඹද ලියන්නේ..
    11.gif

    එල එල.. හිමීට කියෝගෙන එන්න ඕනෙ නිදහසේ..:)

    අඩේ නෑ බන් මම නෙමෙයි මේක ලියුවේ ;) සම්පුර්ණ credit එක මේකේ අයිතිකරුට :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    නොසිතූ මොහොතක අපට මුහුණ දීමට සිදුවූ ඇබැද්දිය නිසාවෙන් අප සිත් භීතියෙන් තැතිගෙන තිබිණි. වනය තුල ඇවිදීමෙහි අති දක්ෂයෙකු වන සනාට ද ඒ තත්පර කිහිපයක ප‍්‍රමාදය මරු කැඳවන්නට ඉඩ තිබිණි. ගල් පඩිය යට දඟර ගසා සිටි කුණකටුවාගේ ඉරියව් මද වේලාවක් නිරීක්ෂණයකළ අප හට දක්නට ලැබුණේ අපගේ මීළග ඉරියව්ව ඌ හට අන්තරායක් පමුණුවන්නේ යැයි සිතුනහොත් සෘජු පහරදීමකට ඌ සූදානම්ව සිටින බැව්ය. එබැවින් ගල් පඩියෙන් එපිට වනය තුළ වූ මාන ගස් අතරින් ගමන් කළ අප යළිත් අඩි පාරට පිවිසුනෙමු.

    පහත රට තෙත් කලාපීය වනාන්තරයක් තුළ අත් විඳිමින් පැමිණි අසීමිත සුන්දරත්වයෙහි වූ ආශ්වාදය මදකට අපගේ සිත් හැර දමා ගොස් තිබිණි. මා දන්නා පරිදිතෙත් කළාපීය වනාන්තරතුළ උග‍්‍ර විෂ සර්පයින්ගේ ග‍්‍රහණය ඉතා අවමය. නමුදු ඉදිරි ගමන තුල අපගේ දෛවය කෙසේ ලියවෙනු ඇතිදැයි අප නොදැන සිටි බැවින් සුපරීක්ෂාකාරීව දෙපා තැබීමට අපි යුහුසුළු වීමු.

    මේ වන විටත් අප වනාන්තරය තුළ කිලෝමීටර් දෙකකට අධික දුරක් පා ගමනින් පැමිණ සිටියෙමු. පුරා පැයකට අධික කාලයක නොනවත්තා පැමිණි ගමනෙහි අප හට විවේකයක් අවශ්‍යව තිබිණි. කන්දෙහි ආනතියද එන්න එන්නම වැඩි වන බැවින් පිටු පස සිටි මම ‘‘සනා ටිකක් ඉඳල යමු නේ’’ පැවසීමි. ‘‘මගේ මතකෙ හරිනම් තව මීටර් දෙසීයක් විතර ගියාම පොඩි වතුර පාරක් ගලාගෙන යන ගල් තලාවක් තියෙනවා. අපි එතෙන්ට ගිහින්ම ටිකක් ඉමු’’ සනාගේ පිළිතුර විය. වෙහෙස නොබලා යළිත් අප ඉදිරියට ඇදෙන්නට වීමු. සනා කී දෙය සැබෑවකි. එය විවේක ගැනීමට කියාපු තැනක් විය. සොබාදහම, විශ්වයෙහි සිටින ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා යැයි කීමට මෙම ස්ථානය නිසැකවම සාක්ෂි දරනවා ඇත. වර්ග අඩි දහයක පමණ කුඩා ගල් තලාවක් වූ එයට පිටුපසින් වන ගල් කුළ ඔස්සේ රූරා වැටෙන සිහින් දියදහරක් ද විය. සනා පැවසු පරිදි නම් වැසි දිනයන්හිදී මෙය කුඩා දිය ඇල්ලක් බවට පත්වේ.


    ගෙන ආ කරමළු ගල් තලාව මත තැබූ අප මද වේලාවක් වට පිට නිරීක්ෂණය කළෙමු. ඉදිරිපසින් වූයේ ප‍්‍රපාතයයි. ‘‘හරා, වැඩිය අයිනට යන්න එපා. දිය සෙවෙල් වලට ලිස්සයිද දන්නෑ’’ මම පැවසීමි. ඒ අතර තුර දුම් වැටියක් දල්වමින් සිටි ලපයා වටා අප මිතුරන් පිරිස එක් රොක් විය. ඉන් උගුරු දෙක තුනක් ඇද ගත් මම යළිත් ගල් තලාව මත හිඳ ගත්තේ පසු වූ අඩ හෝරාවෙහි මුහුණ දුන් අත්දැකීම් වල මතක ආවර්ජනයක යෙදෙමිනි.

    ‘‘හ්ම්... දැන් යමං’’ මද වේලාවකට පසුව ඇසුණු ලපයාගේ කට හඬින් පියවි ලොවට පැමිණි අප, විඩා නිවීමට සුව පහසුව සැලසූ අපූරු ගල් තලාවට සමු දුන්නෙමු. මෙවර ලසා ඉදිරියෙන්ද සනා දෙවනුවද මා සුපුරුදු පරිදි පිටුපසින්ද ගමන් කරන්නට විය. ගමන අතරතුර, වන සතුන් පිළිබඳ සනා සතු රස බර අත්දැකීම් සහ ශාක පිළිබඳ වූ හසල දැනුමද කිසිදු නිර්ලෝභී බවකින් තොරව ඔහු අප හා බෙදා හදා ගත්තේය. ඇඟිල්ල දිගු කර පෙන්වමින් සනා අප හට විස්තර කළ විවිධ ශාකයන් අතුරින් මාගේ මතයකට එක් වරම නැගෙනුයේ කළුවර සහ මෑත භාගයේ ලංකාව තුළ ආන්දෝලනයක් ඇති කළ ඉතා වටිනා ශාකයක් පමණි.


    NmxJ8e4.jpg



    ‘‘ඒ පොඩ්ඩක් ඉක්මණට යමං. මට පොළොන් ගඳක් එනව බං’’ තෙවනුව ගමන් කළ හරා තරමක භීතියෙන් යුතුව පැවසීය. මා හට නම් එය නොදැනුන ද වනයෙහි ගමන් කරන විට කණ්ඩායමෙහි සිටින සෑම සාමාජිකයෙකුගේම හැඟීම් එක්කාසු කර ගනිමින් ගමනෙහි නියැලීම වඩාත් යෝග්‍ය බැවින් දෙපා තරමක් වේගවත් කොට අපි එම ස්ථානය පසු කළෙමු. ඔරලෝසුව උදෑසන එකොළහේ කණිසම පසු කරමින් තිබුණද දහවල හිරු රශ්මිය අප හට එතරම් නොදැනුණේ එකම වියන් තලයකින් හෙබි වූ රූස්ස ගස් මගින් හිරු කිරණ වලකා තිබූ බැවිණි.
    ‘‘මචං, දැන් නම් ටිකක් ළඟයි වගේ. තව ටිකක් ඉස්සරහින් පාරෙන් එළියට පැනලා කැළේ ඇතුලට බඩගාන්න තියෙන්නෙ’’ සනා පැවසීය.
    වනය තුළ කිලෝමීටර හතරකට ආසන්න දුරක් පා ගමනින් පැමිණි අප හට සනාගේ වදන නව ප්‍රාණයක් ගෙන ආවේය. ඉදිරියෙන් ඇදෙන ලසා වන ගත මං පෙතෙහි භූමිය පිරික්සමින් ඉතා ආරක්ෂාකාරීව ගමන් කරයි. පිටු පසින් පැමිණි මා හට යළිත් වරක් ඇසුණේ සනාගේ කට හඬෙහි දෝංකාරයයි.
    ‘‘ලසා නැවතියං’’ ලසා හිටි වනම නතර විය.
    ‘‘බලපං කෙහෙල් ගහෙන් පාරට එබිලා ඉන්නේ මොකාද කියලා’’ සනා පැවසීය.
    මමද ලපයාගේ කර මතින් දෙනෙත් යොමා බලන්නට වීමි.
    ‘‘යකෝ පොල් මල් කරවලෙක් නේද!’’ මට කියැවිණි.
    ලසාට අඩි දෙක තුනක් ඉදිරියෙන් වම් පස බෑවුමට වන්නට වැඩි තිබූ කෙසෙල් ගසක නොමේරූ අත්තක් මත සිටියේ මද විෂ සර්පයෙක් වූ පොල් මල් කරවලෙකි.


    hcCihOm.jpg


    ‘‘ලසා, පොඩ්ඩක් පස්සට වෙයංකො’’ සනා ලසාව පස්සට ඇද්දේය. ‘‘ඌ පනින්න ලෑස්ති පිට ඉන්නේ. බුද්ධියා, උඹේ අතේ තියෙන පොල්ල මට දීපං’’ සනා මා අත වූ අත්වාරුව ඉල්ලා ගත්තේය. පසුව ඔහු කෙසෙල් ගස යටින් එපිටට දිව ගියේ සිතා ගත නොහැකි තරම් වේගයකිනි. එක්වරම මා මතකයට නැගුනේ ටාසන්ගේ කතා පුවතයි. ‘‘උඹලා ඔහොම ඉඳපල්ලා. මම අත්ත පාත් කරද්දි ඌ කොහාට හරි ඇදිලා යයි.’’ පැවසූ සනා, අත වූ පොල්ලෙන් කෙසෙල් අත්ත පාත් කරන්නට විය. එක්වරම ඉලක්කය ගත් පොල් මල් කරවලා ඉදිරියෙන් සිටි හරාගේ දෙපා අසලට පැන ක්ෂණයකින් වනය තුළට ඇදී ගියේ ඔහුගේ මුවින් නික්මුණු අසැබි වදන් පෙළට අප සිනා ගස්වමිනි. ‘‘හරි හරි උඔල හිනා වෙයල්ල. කෑවනම් මාවනෙ’’ හරා පැවසූවේ සිත්හි ඇතිව තිබූ බිය මිශ‍්‍ර කේන්තිය සඟවාගෙනය.

    එතැන් සිට විනාඩි විස්සකට ආසන්න කාලයක් වන ගත මං පෙත ඔස්සේ ගමන් කළ අප සනාගේ වදනින් යළිත් මදකට නතර වීමු. ‘‘මචං මේ තියෙන්නේ ලෙනට යන්න තියෙන පාර. අපි ඉස්සල්ලා කන්ද උඩට ගිහින් එමු.’’ සනා වනය දෙසට ඇඟිල්ල දිගු කරමින් අප හට පෙන්වීය. මෙතැන් පටන් අප හට ගමන් කිරීමට සිදුවන මාර්ගය නම් බොහෝ අනතුරුදායක බැව් පෙනුනද මීට වසර සීයකට පමණ පෙර වැළලී ගිය ඉංගිරි කන්දේ තව්සාගේ පුරා වෘත්තය හාරා ඇවිස්සිමෙහි ලා වූ ආශාව නිසාවෙන් අපි යළිත් ඉදිරියට ඇදෙන්නට වීමු. උණ කොළ වැටී තිබූ ඝණ වනය තුළ අප දෙපා තැබූ තැන් ඉතාමත් ලිස්සන සුළු විය.


    D7V3qi8.jpg



    අතෙහි වූ කැමරාව බෑගයට දමා ගත් මම හිදිසි අවස්ථාවක ලිස්සා ගියහොත් දෙඅතෙහි වාරුවද ලබාගැනීමට සුදානම් වුනෙමි. තුරු ලතාවන්ගේ එකතුවීමකින් නිර්මාණයවී තිබූ සුන්දර බඩ වැටියක් යටින් වකුටු වී ගමන් කළ අප ඉන් පසුව තවත් කිලෝමීටර් භාගයකට ආසන්න දුරක් තරමක් ආනත කන්දෙහි ගමන් කළෙමු. ගමනෙහි විඩාව නම් හොඳින්ම දැනෙන්නට විය. මිතුරන් පිරිස අතරින් නිරන්තරයනේ ඇසෙන්නට වූයේ ‘‘වතුර ටිකක් දීපං’’ යන්නය.
    ‘‘ඕන්න ආවා ඉංගිරි කන්ද මුදුනට. අපි හැම අවුරුද්දෙම මෙතන දෙවියන්ට පිරිතක් කියනවා, ගමේ කට්ටියත් එක්ක. ගුහාවට යන්න කලින් නියම ප්ලේස් එකක් තියෙනවා උඹලට පෙන්නන්න. වරෙන්කො මාත් එක්ක.’’ සනා පැවසීය. පැමිණි මාර්ගයෙහිම මද දුරක් ආපසු පැමිණි අප වනය තුළට අඩි කිහිපයක් ගමන් කළෙමු. ගස් අතරින් දුටු දසුන මා දෙනෙත් වසඟ කළේය. එය කඳු මුදුනෙන් ප්‍රපාතය දෙසට විවෘත වූ ඉතා කුඩා ස්ථානයකි. ‘‘අඩෝ පට්ට බං’’ මට කියැවිණි. පෙර දින රාති‍්‍රයෙහි අපගේ නිදියහන, කිතුල් ගල අලුත්පාලම පාමුල වූ ගල් තලාවද ඊට මදක් එපිටින් ගලා බසින කැළණි ගඟ ද ඈතින් දිස් වෙයි..
    ‘‘ආ මේ ඉන්නේ බඩු’’ ලපයා පැවසීය. ‘‘ඇයි මොක්කුද?’’ මම ඇසීමි. ‘‘කූඩැල්ලො බං’’ ලපයාගේ පිළිතුර විය. කඳු පාමුල කූඩැල්ලන් දක්නට නොමැති වුවද කඳු මුදුනෙහි කූඩැල්ලන් ගහනය තරමක් වැඩි බව අප හට වැටහිණි. එතැන් පටන් ගමනෙහි පෙරමුණ ගත්තේ සනාය. අපි වන ගත මං පෙතෙන් ඔබ්බට වූ වන ලැහැබ තුළට වැදුනෙමු. උණ කොළ ඇතිරී තිබූ ආනත භූමියෙහි විටෙක ලිස්සා වැටෙමින් ද විටෙක ගස් අතු වල එල්ලෙමින් ද අප ගමන් කළෙමු.


    FrBbwkX.jpg



    ‘යේයි...’’ ඈතින් ඇසුණේ සනාගේ හඬය. ඔහු තවුස් ලෙන සොයාගෙන විය හැක. පසු පසින් ගමන් ගත් මා හට වදුල තුල වන ලෙන දිස්වන්නට නොවූ බැවින් ඇතිවූ කුතුහලයත් සමඟ සනාගේ හඬ ඇසුණු දෙසට මා දිව ගියේ උමතුවෙන් මෙනි. ඉදිරියෙන් තිබූ තරමක් උස් ගල් පඩි කිහිපය නැගි මා ද ලෙන වෙතට පිවිසීමි. ඉදිරියෙහි වන ගල් කුළු මතින් ගලා යන සිහින් දිය දහරකි. භාවනා යෝගී භික්ෂුවකට හෝ බ‍්‍රාහ්මණයෙකුට නම් මෙම ගල් ගුහාව කදිම ස්ථානයක් වනු නිසැකය. ලෙනෙහි වූ අද්භූත භාවයත් හුදකලා භාවයත් නිසාවෙන් විනාඩියක් දෙකක් පුරාවට පැවති නිහඬතාවය බිඳ ලමින් සනා දන්නා කතා පුවත අප ඉදිරියේ දිග හරින්නට විය. ‘‘මේකයි මචං මං අහල තියෙන කතාව. අපේ කිරි අත්තලගෙ කාලෙ, ඒ කියන්නෙ දැනට අවුරුදු සීයකටත් කලින්, කොහෙදෝ ඉඳන් ආපු තාපසයෙක් ගස් ගෙඩි කකා මේ ලෙනේ භාවනා කරල තියෙනවා...’’

    ‘‘...මේ ඉස්සරහින් යන වතුර පාර කොච්චර හයියෙන් වැස්සත් ලෙන ඇතුලට ගලාගෙන එන්නේ නෑලු. අනික මචං කොච්චර පෑව්වත් මේ දිය පාර හිඳිල යන්නෙත් නෑලු. අපේ මාමලා කට්ටියක් මේ ගුහාව බලන්න ආපු දවසක අර අතන බට පඳුරු වලින් වැහිලා තියෙන වතුර පාර දිගේ කැලේ පාදගෙන ටික දුරක් ගිහින් තියෙනවා. එයාලා නම් කිව්වේ එක තැනකදී වතුර පාර කැලෙන් වැහිල ගියපු ගලක් අස්සට යනවා කියලා’’‘‘කිරි අත්තලගෙ කාලේ මේ ළග පාත ගම් තිබිල නෑ. අද තියෙන කිතුල්ගල ටවුන් එකයි කන්දෙන් එහා පැත්තෙ තියෙන ගිනිගත්හේන ටවුන් එකයි විතරයි තිබිල තියෙන්නෙ. ඒ නිසා මේ ගල් ගුහාවෙ ඉඳපු තාපසතුමා ගැන විස්තර දන්න අය හරිම අඩුයි. ගමේ අය හිටපු ගමන් පොඩි දානයක් එහෙම ලෑස්ති කරගෙන ඇවිල්ලා මේ තාපසතුමාට පූජා කරලා එතුමා භාවනා කරන තැන අතුගාල දීලා ආපහු යනවලු. හැබැයි ගල් ගුහාවට යන එය අය කවදාවත් ගම් වලට ගිහින් කාටවත් ඒ ගැන කියල නම් නෑ. ඉස්සර ඉඳපු අය විශ්වාස කරල තියෙන්නේ මේ තාපසතුමා සෝවාන් හරි සකෘදාගාමී හරි මාර්ග ඵලයක් ලබපු කෙනෙක් කියලා. ඒ බලයෙන්, එතුමාට උපස්ථාන කරන්න එන අයගේ හිත් ගොඩක් පාලනය කරලා හොඳ පැත්තට යොමු කරලා තියෙනවා’’


    ‘අපේ සීයලා නම් කියන්නෙ මේ තාපසතුමා නුවර යුගයේ ඉංගී‍්‍රසීන්ට රට පාවලා දෙන එකට ලොකු ගේමක් ඇදපු හාමුදුරු නමක්ලු. ගිවිසුම අත්සන් කළාට පස්සේ පන්සලේ ඉන්න බැරි තත්වයක් ආපු නිසා පරම්පරාවෙන් උරුම වෙච්ච ලොකු නිධානෙකුත් පොදි බැදගෙන කැලේට ඇවිල්ලා. කතාවෙ හැටියට නම් අර උඩ තියෙන ගල් වලින් වැහිල ගියපු උමග ඇතුලේ තමයිලු නිධානේ තියෙන්නේ’’‘‘හ්ම්...පොඩ්ඩක් ඉඳපං’’ සනා කතාව මදක් නතර කොට වතුර උගුරු හතට අටක්ම බිව්වේ වියළි ගිය දෙතොල් තෙත් කර ගැනීමටය. මිතුරන් පිරිසද සනාගේ මුව දිහා දෙනෙත් අයාගෙන බලා සිටී. තවුසාගේ කථාන්තරය මුළුමනින්ම අපගේ සිත් තුළ ගැබ්ගෙන තිබිණි. මා ද පුරාවෘත්තය ඔස්සේ ගොස් මීට අවුරුදු එකසිය පහනකට දෙසීයකට පෙර වූ යුගයක චිත්ත රූපයන් අතර මංමුලාවී සිටියෙමි.‘‘අඩෝ, මොන ලෝකෙද බං ඉන්නෙ’’ සනා මාගේ උරහිසින් අල්ලා මදක් සෙලවීය. ‘‘නෑ බං මම මේ තව්සා ගැන හිත හිතා හිටියේ ඉතිං කියපන්කෝ ඉතිරි ටික’’ මම පැවසිමි. සනා යලිත් කතාව ආරම්භ කළේය.


    ngQORmx.jpg



    ‘‘ඔය උමං කට වැහිලා තියෙන්නේ මෙහෙමයි මචං. අපේ ආච්චිලගේ කාලේ ගිනිගත්හේන ටවුන් එක කිට්ටුව ඉඳල තියෙනවා මහ නාහෙට අහන්නැති පොරක්. උගේ වැඩේම සත්තු මරලා දඩ මස් විකුණන එකයි ගඟේ මාළු අල්ලන එකයි අනුන්ගෙ ගස් වල රා ටික හොරෙන් බොන එකයිලු. ඔන්න දවසක් මූ මසට ගන්න කියලා කබැල්ලෑවෙක්ගෙ පස්සෙන් පන්නගෙන ගිනිගත්හේන පැත්තෙන් කන්දට නැගලා තියෙනවා. මර බයේ ඉඳපු කබල්ලෑවා කෑලේ අස්සෙන් දුවද්දි මේ පොරත් උගේ පස්සෙන්ම ඇවිල්ලා. කතාවට නම් කියන්නෙ දඩ මස්ම කන නිසාද කොහෙද මේ පොරට මී මින්නෙක් එක්ක උනත් දුවන්න හයිය තියෙනව කියල. ඔහොම දුවනගෙන ආපු කබැල්ලෑවා මේ ලෙනට කොටු වෙලා. මරණ බය නිසාම මේ අසරණ සතා දුවල ගිහින් උමගෙ හැංගෙන්න ඇති. අල්ලපු ගේමක් අත හරින්නෙ නැති අර පාහරයා කබැල්ලෑවාගෙ පස්සෙන් ලෙනට බඩගාලා තියෙනවා. ඉතුරු ටික ඉතිං කියන්න ඕනේ නෑ නේ මචං. තවුසාගේ පූජා භූමිය වෙච්ච මේකේ දයඩම් කරන්න ආපු එවුන්ට මොන සමාවද. අරූ උමඟ ඇතුලට ගියපු ගමන් දඩ බඩ ගාලා උමං කට උඩ තිබ්බ ගල කඩන් වැටිලා උමග වැහිලා ගියා කියල තමයි කට්ටිය කියන්නේ. තවුසට තියෙන බය නිසාම, වැහිච්ච උමග ආයෙ අරින්න නම් කවුරුත් උත්සාහ කරල නෑ’’


    ‘‘අනික තමයි මේ ලෙනේ තඩි නයෙක් ඉන්නවා. ඌව නම් මාත් දැකල තියෙනව බං. ඒත් ලෙනට එන අයට උගෙන් කරදරයක් නම් නෑ. ආච්චි නම් කියන්නෙ කිළි නැතුව ලෙනට ගියොත් යහතින් ආයේ එන්න පුළුවන් කියලා. කිළි කියන්නෙ මොනවද කියල උඹලා දන්නවනෙ ඉතිං. ඔය මස් මාළු බිත්තර වගේම අරක්කුත් කිලි වලට තමයි අයිති වෙන්න’’ පැවසූ සනා දිගු හුස්මක් හෙලීය. මා උමතුවෙන් මෙන් ලෙනෙහි ඉහල කෙලවරේ වූ උමං කට දෙස බැල්මක් හෙලීමි. අවට පරිසරය ද තරමක් අඳුරු වී ගොස් යැයි මට හැඟිණි. මිතුරන් පිරිස ද බලා ගත් අත බලා ගෙනම තම තමන්ගේ හුදකලා සිතුවිලි තුල අතර මංව සිටිති. සනාගේ නිහඬතාවයෙන් පසුව වචනයකුදු ඇසෙන්නට වුයේ නැත. ගලක් මත වාඩි වී සිටි නිසාදෝ මාගේ දකුණු පාදය තරමක් හිරිවැටී ගොස් තිබිණි. එතැනින් නැගිට ලෙනෙහි ඉදිරිපසට ගිය මම සිත්හි ඇතිව තිබූ ජුගුප්සාජනක සිතිවිල්ල නිසාවෙන් පසෙක තිබූ ගලක් මත යළිත් වාඩි ගතිමි.
    මෙම ලෙනෙහි විසූ බ‍්‍රහ්මණයා මිය ගොස් ඇතැයි අප නිසැකවම දන්නෙමු. එනමුත් පුරාණ හෙල සමාජය තුළ වූ මන්තර ගුරුකම් ආදිය අදටත් ලක්වාසි ජනතාව විශ්වාස කරනුයේ ඒවායේ නිසැක ප‍්‍රතිඵල ඇති හෙයිනි. වසර සියයකට එකසිය පනහකට පෙර විසූ මෙම බ‍්‍රහ්මණයා නුවර යුගයේ විසූවෙක් නම් මෙම ලෙනෙහි නිධානය ආරක්ෂා කිරීමට ඔහු හැකි උපරිම අයුරින් කටයුතු කරන්නට ඇත. මන්ද යත් වර්තමාන ලංකාව තුල පවතින මන්තර ගුරුකම් ආදියෙහි අවසාන විකාශයද පුළුල් පැතිරිමද අවසන් වරට සිදුවන්නේ නුවර යුගයේදී වීමයි.‘‘ඒ... බුද්ධියා, මොකෝ’’ භීතිය මුසු මනෝ භාවයන්හි අතර අතරමංව සිටි මා අවධි වීමි. ‘‘මචං පාන් කෑල්ලක් කමුද, බඩගිනි බං’’ හරා ඇසීය. ‘‘කමු කමු’’ පැවසූ මම ගෙන ආ බෑගයට අත දමා මම පත්තර කොළ කිහිපයක් ගෙන එතැන තිබූ ගල්තලාව මත එලුවෙමි. පසුව ලෑලි කඩයෙන් මිලදී ගත් පාන් ගෙඩි දෙක එය මත තබා සිලි උරයක් දිග හැර, ගෙන ආ මාගරින් පැකට් කිහිපයත් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයත් කඩා එය මතට දැම්මෙමි. මිතුරන් පිරිස දඩ බඩ ගා පාන් ගෙඩියට වගකියද්දී මමද පාන් කැබැල්ලක් අතට ගෙන ලෙනෙහි ගල් බිත්ති අසලට ගොස් ඒවා පරීක්ෂා කරන්නට වීමි.
    ලෙන් බිත්ති මත වැඩී තිබු පෙඳ පාසි සහ දිය සෙවෙල් සප‍්‍රාණිකය. එබැවින් ලෙනට ඇතුල් පැත්තෙන් හෝ ඉහලින් දිය පහරක් ගලාගෙන යන බැව් නිසැකවම කිව හැකිය. උමං කට තිබූ දෙසට යලිත් පිය නැගු මම වැඩිදුර පිරික්සීම සඳහා එතැන තිබූ ගල් පතුරක් ගෙන පසෙකින් වූ ගලක් මතට අත හැරියෙමි. කළුගල් පතුර සැනෙකින් දෙකට තුනට කැඩී කුඩු වී ගියේය. මාගේ දැනුමේ හැටියට නම් ලෙනෙහි මතු පිටින් තිබූ අඟලකට ආසන්න මෙම ගල් පතුර පස් බවට පත්වීමට බොහෝ ආසන්නව තිබිණි. එසේ නම් මෙම ගල් ගුහාවෙහි බිත්ති බොහෝ දුරට ක්ෂය වී ගොස්ය. උසින් අඩි 8 ක් පමණ ද පළලින් අඩි 6 ක් පමණ ද දිගින් අඩි 11 ක් පමණ ද වන මෙම ලෙන මීට වසර 28,000 කට පමණ පෙර විසු බලංගොඩ මානවයාගේ හෝ මීට වසර 38,000 කට පමණ පෙර විසූ හෝමෝ සේපියන් හෙවන් නූතන මානවයාගේ සුසාන භූමියක් වන්නට ද පුළුවන.


    uEo7uzU.jpg



    ‘‘ඒ දෙකත් පහුවෙලා බං, යමං. හවසට වහිවත් එක්ක’’ මිතුරන් පිරිස ආපසු ගමනට ලැහැස්ති වෙමින් සිටී. ලෙන් බිත්ති සහ භූමිය අධ්‍යයනය කරමින් සිටි මම උමං කටෙන් පහලට බැස මිතුරන් පිරිසට එක්වීමි. ‘‘මචං කන්දෙන් එහා පැත්තෙ මගේ යාළුවෙක්ගෙ ගෙදර දවල්ට කෑම ලෑස්ති කරන්න කිව්වා. අපි ඒ පැත්තෙන් බැහැලා පොඩ්ඩක් නාලා, කාලා එහෙම යමු’’ සනාගේ වදනින් විඩාබරව සිටි අප හට නව ප‍්‍රාණයක් ලැබිණි.උණ කොල ඇතිරී තිබු බඩ වැටිය යටින් මද වේලාවක් ගමන් කළ අප පල්ලම ඔස්සේ රූටා ගොස් ස්වල්ප වේලාවකින් අඩි පාරට පිවිසුනෙමු. ආපසු ගමනෙහි පෙරමුණ ගත්තේ සනාය. ගිනිගත්හේන නගරයට මෙපිටින් වූ ගම්මානයක් අපගේ ගමනාන්තය විය. වනගත මං පෙත ද සැඳෑ අඳුරෙහි ගිලෙන්නට පටන් ගෙන තිබිණි. කූඩැල්ලන්ද එකා දෙන්නා පණ ගසා විත් අපගේ සපත්තු මත එල්ලෙමින් රුධිරය සොයා පාද ඔස්සේ උඩට ඇදෙද්දී එය නොතකා අප වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වීමු.


    ඊලග කොටස බලාපොරොත්තු වන්න :yes:
     
    • Like
    Reactions: laMir

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    මොකද බං ටික ටික දාන්නෙ? එකපාර දාපන්කො අගය නොකර.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොළොන් තෙලිස්සා කියන්නේ මැදි විශ සර්පයෙක්ද... :shocked:
    මම හිතන්නෙ නයාටත් වඩ විශයි.. :sorry:

    හ්ම්....... තෙල් දාපු කරවලයා පස්ට සැර පයිතන්ස්ලා බොල :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මොකද බං ටික ටික දාන්නෙ? එකපාර දාපන්කො අගය නොකර.

    මේක මම ලියන එකක් නෙමෙයි කපුටොහ් :sorry: ඒක නිසා ලියන කෙනා දාන විදියට එපැයි මම දාන්න :baffled: අනිත් ටික තාම මග අරු ලියනවා ඇති :P
     
    • Like
    Reactions: Ashman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    මේක මම ලියන එකක් නෙමෙයි කපුටොහ් :sorry: ඒක නිසා ලියන කෙනා දාන විදියට එපැයි මම දාන්න :baffled: අනිත් ටික තාම මග අරු ලියනවා ඇති :P

    කෝ බං ඒක තාම මේක ලියනවද? දැන් මේක ලියල මලවන්නත් කාලෙ ගිහින්නෙ බං :P
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1920169

    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love: