ඉංජිනේරුවෝ පෝස්ටර් අලවන්න බැහැ කියති
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් 60000ක් ඇලවීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් යොදා ගැනීමට විරෝධය දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්ගේ සංගමය විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරියකු ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් පෝස්ටර් ඇලවීම සඳහා එම අධිකාරියේ ඉහල නිලධාරියකු වාචිකව උපදෙස් ලබාදී තිබෙන බවත් පෝස්ටර් 60000ක් ඉංජිනේරු අංශය වෙත ලබා දී තිබෙන බවත් අදාළ පැමිණිල්ලෙහි සඳහන්ව තිබූ බවයි.
මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේ දී පියවර ගනු ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.
- srilankamirror

uba heen nuulen gaanata wade denawa