ඉක්මනින් විනිශ්චයට ලක් කරන්න එපා

chinsara

Member
Mar 3, 2012
562
137
0
ඉක්මනින් විනිශ්චයට ලක් කරන්න එපා

දිනක් වෛද්‍යවරයෙක් වේගයෙන් රෝහල වෙත තම රථය නවතා දිව ආවේ ඔහුට රෝහලෙන් හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට ඔහු අත්‍යාවශ්‍ය බව දැනුම් දුන් බැවිනි. වහාම ශල්‍යාගාරය සඳහා අඳින ඇදුම් වලින් සැකසුනු ඔහු ශල්‍යාගාරය වෙත දිව එද්දී සැත්කමට මුහුණ දීමට සිටි දරුවාගේ පියා ඔහුට කොරිඩෝවේදී හමුවෙනවා.

''පුදුම මිනිස්සු නේද, කිසිම වගකීමක් නෑ. හදිසි වෙලාවකදි ඉක්මනට එන්න ඔබතුමාල සේවයට බැඳිලා ඉන්නවා නේද? දන්නවද, මගේ පුතා ශල්‍යාගාරය ඇතුලේ ජීවිතයයි මරණයයි අතර සටනක.''

''මට සමාවෙන්න, මම රෝහලෙන් බැහැරව සිටි නිසයි පැමිණීමට ප්‍රමාද වුනේ. ඔය මහත්මයා දැන් ඉවසීමෙන් මට අවසර දෙනවද ශල්‍යාගාරයට යන්න.''

''ඉවසන්න, ඉවසන්න... ඔබතුමා නම් කියාවි. මගේ පුතයි අරක ඇතුලේ මැරෙන්න යන්නේ, ඔබතුමාගේ පුතා නෙවෙයිනේ.''

''මහත්මයගෙ තරහ මට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඔහොම කෝප අරගෙන වැඩ කරන්න බෑ නේද? දැන් තවත් ප්‍රමාද නොකර කරුණාකරල මට යන්න ඉඩ දෙනවද? මම පොරොන්ඳු වෙනවා මට හැකි උපරිමය කරලා ඔබේ පුතාව බේරල දෙන්න. ''

''අවවාද දෙන්න නම් ලේසියි, මොකද තමුන් නෙවෙයිනේ මෙතන දුක් වෙන්නේ. දරු දුකක් තේරෙනවා නම් ඔහොම වැඩ කරන්නේ නෑ ඔබ තුමන්ලා''

කෙසෝ හෝ ඔහුගෙන් මිදී පැය 2ක පමණ සාර්ථක ශල්‍යකර්මයකින් පසුව නැවත වේගයෙන් ශල්‍යාගාරයෙන් ඉවතට පැමිණෙන වෛද්‍යවරයා '' ඔබේ පුතා වාසනාවන්තයි, අපේ සැත්කම සාර්ථකයි'' යනුවෙන් පවසමින් වේගයෙන් එතැනින් පිටව යන්නට වුනා.

තමුන් ස්තූතියි පවසන තුරු හෝ නොසිට මෙසේ වේගයෙන් පිටව යන වෛද්‍යවරයා ගැන ඔහු හෙදියකගෙන් විමසනවා.

''මට මගේ දරුවා ගැන තව ටිකක් දැන ගන්නකම් වත් ඉන්න බැරි තරම් අර දොස්තරයට වැඩ රාජකාරිද. මහ නපුරු උද්දච්ච මිනිස්සු. කොහෙද ඇත්තටම අර මනුස්සයා අර දුවන්නේ?''

''හ්ම්ම්... ඔයාගේ පුතාගේ පණ බේරලා දීලා එතුමා ඒ දුවන්නේ තමන් ගේ දරුවගේ අවසන් කටයුතු කරන ස්ථානයට. මීට දින 2ට කලින් වුනු හදිසි අනතුරකින් ඔහුගේ එකම දරුවා මියගියා''

යාලුවනේ... කිසිම කෙනෙක්ව ඉක්මනින් විනිශ්චයට ලක් කරන්න එපා. මොකද අපි ඇත්තටම දන්නේ නෑ ඒ කෙනා තමන් ගේ ජීවිතය ඇතුලේ මොන වගේ ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නවාද කියලා.
:(:(:(:(:(:(:(
 

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    නියමයි යාළුවා. ගන්නවනං කාට වුණත් ඔන්න තියනව ජීවිතයට වටිණ පාඩමක්. :nerd::nerd:
     
    • Like
    Reactions: chinsara