ඉගෙනගෙන වැඩක් නෑ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    kiyala wedakna mu pora talk denawa hariyata .mu mulu lokema dinalawa wage . muge katawe week point keepayak tiyenawa man kiyanam.

    1. kawadawth uni freshers la ganne na 1.50 lak padiyakata. ehenam un SEO wage side ekakkin masters la wenna ona. ethakota e salary eka hambu wenne uge SEO knowledge ekata ubata hambuna wagema ;).

    2. Uba hithanne Dammika perera kiyanne hoda business karayek kiyalada ban ? u gema gahanne race buki walin uba uwnam follow karanne amaruwaka wetenne

    3.Igeniima kiyana de ganna School ma yanna one na athdakima walinuth igena ganna puluwan. habayi maath ekagayi 11 wasarata hari gihin adyapanaya ganna ona kiyala.


    4. Mark , Jobs , Gates oya okkoma weddo aetta un drop out une recognized collages walin ehema kiyala ape rate diyunu unu wiwasayakayo amathaka karanna bane neda. 1. Maliban Mudalali 2.Siddalepa Mudalali 3. Nwalooka Mudalali me kattiya oya kiyana usas adyapanaya nolabapu aya habayi degree gahapu un okkoma eyala yatathe weda. Mnussayekuta diyunu wenna ona thanata sudusu nuwana saha sahaja hakiyaawa pamanayi. Habayi igena gatta deyak kawadawath apathe yanne na habayi ape un igena gannawa kiyala hitan inne degree ganna eka witharayi anna ethanayi warada. 😊

    wahal bawen midenna puluwan hama kapa kirimakma karapalla ubalata jaya.

    අයිසේ අර අනික් ත්‍රෙඩ් එකේ තමුසෙව හොයනවා :rofl:

    Ctooi kiyala ekekwa mathakada ?
    uuth oya IQ kathawama kiyanawa .
    man kiyanne naha me umai kiyala .
    කෝම හරි අතවරයට පත් වෙලා ආත්මෙ මාරු කරගත්ත පරණ අයිඩී එකක්.

    ටවුකන්න මේ ඌද? යකෝ උගේ කලින් ආත්මෙත් මං ඌව සෑහෙන්න අතවරයට ලක් කරා :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අයිසේ අර අනික් ත්‍රෙඩ් එකේ තමුසෙව හොයනවා :rofl:




    ටවුකන්න මේ ඌද? යකෝ උගේ කලින් ආත්මෙත් මං ඌව සෑහෙන්න අතවරයට ලක් කරා :(
    IQ කතාව කියද්දි මට හිතුණා මෙ ඌ වෙන්න ඇති කියලා .
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Oka mokadda bn three wheel hire karana un aniwa dawasata 5000 kata wada hoyanawa.
    Fuel walata dawasata 500 yanne na. Spare parts maha loku ganak na.

    Monawa karath Net profit thiyenawa 3000-4000k. Eth sada anatha vidiyatamai jiwath wenne.
    Ape game ekek innawa 3wl duwala dwasata 3000 wtra hoyanawa, u thadi germansheperdla dennek hadanawa maaseta, 30k wtra wiyadan karala. Uge anith wedath ehema thmai. Sathiyak hire diwwe naththan kannath na.
    Diyunuwak na ethin.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    උබට තමා ඉස්සරහට වත්තෙ පොල් ටික එහෙම කඩා ගන්න වෙන්නෙ ඔන්ටපීනස්ල උනාම ඔක්කොම.

    Me parayonta pissu... 😁 Igenagenath nathuwa sallith nathuwa duk widina ewun dakala na me parayo... 🤣

    Anika oya koi parayath adu kule nam, Monawa tibbath wadak na miniho 😝
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉගෙන ගන්නේ මොකටද කියල දන්නේ නැතුව ඉගෙන ගෙන වැඩක් නැ,
    ඉගෙන ගන්නේ මොකටද කියල ප්‍රශ්න කරපු දවසට ඉගෙන ගනී.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    Oya okotama wada hoda nedda ipadenne nethuwa innawa :oo:
    ඒක හරි පුතී. අපි දැන් මේකේ ඉපදිලා කට්ට කාගෙන උපාධි අරගන්න ඩිප්ලොමා අරගන්න දත්මිටි කාගෙන රීගෙන මහන්සිවෙනවා. ඔය අතරේ පාර පනිනකොටවත් වාහනයකට යට වෙලා මලොත් කෙලින්ම අපායේ. නැත්තං පෙරේත ලෝකයේ.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Hari, igenagatte nathi ekak company ekak patangannawa. U kawadaawath qualifications nathi ekekwa job ekata ganeeda? Na. Uth upades ganne igenagatta ekagen. One man show daanna ba company wala. Pirisak ekathuwela hamogema ideas aragena thamai project ekak karanne. Hama level ekema leaders la innawa. CEO danneth na company eke wenne monawada kiyala. Un karanne high level management.

    Uba kiyana widihata lankawe hama ekaama igeneema athaharala business patanganna one :lol: Mona lokeda ban inne uba.

    Hama ekaatama galapena roles thiyanawa. Samaharu leaders la. Samaharu followers la. Loke wada kerenne ehema thamai. Uba business ekak patangaththath eke wada karanna qualifications thiyana minissu one.

    Uba ohoma kiyanne igenaganna kochchara fields me loke thiyanawada kiyala nodanna nisa kiyala matanam hithenne :rolleyes:

    Oita wada hoyapan loke monawada wenne kiyala.
    Banuka harischandra kiyala ekek inawa. Surge global. Oya kiyana dokkek wath engineers kenek wath newei.

    Uge company eka US firm ekakin gatha.

    Dokala life time ekata hambukarana salli u hambukaranawa
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉගෙනගෙන වැඩක් නැහැ කියනවා නම් , ඒ වෙනුවට මොකක්ද විකල්පය ?
    හැමෝම බිස්නස් කරන්න කියන එකද ?
    ඒ වැඩ හරියට කරන්නත් යම්කිසි ඉගෙනීමක් ,හැකියාවක් තියෙන්න ඕනෙ . එහෙම නැතුව කොල්ලටයි බල්ලටයි හැම එකාටම බිස්නස් කරන්න බෑ. තමන්ගෙ හැකියාව තියෙන්නේ යම් කිසි වෘත්තියක නියලෙන්න නම් ඒක කරා කියලා අවතක්සේරුවට ලක් කිරීම වැරදි .


    ෆුට්බෝල් ගහන උන් හොයන ගනන් දැකලා බිස්නස් කරන උන් ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ .
     
    • Like
    Reactions: starcred007

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    1. kawadawth uni freshers la ganne na 1.50 lak padiyakata. ehenam un SEO wage side ekakkin masters la wenna ona. ethakota e salary eka hambu wenne uge SEO knowledge ekata ubata hambuna wagema ;).

    අපේ ඩෙප් එකේ කරීයර්ස් ෆෙයා එකේ අඩුම පඩිය යන්නෙ මේ පාර 160,000. මීට අවුරුදු ගානකට කලින්න මම ගියේ 175,000. මගේ batch එකේ 240,000ට ගිය අය හිටියා (ලන්කාව අතුලෙ)
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම මේක උපුටා ගත්තේ ෆ්බ් එකෙන්.කවුරුත් දන්නා ඉන්ස්ෆ්රා එකේ CEO ගේ අකවුන්ට් එකෙන්.මට තේරිච්ච හැටියට පොර ජෙනුයින්.
    ගොඩක් ඉස්සර ඉදන් මම එයාගේ පොස්ට් බලනවා.
    රට යන සීන් එකකට විස්තර හොයද්දි ඉස්සර හම්බුනේ.
    හම්බ කරන සල්ලි වලින් උපරිම විදියට ලයිෆ් එක ගෙවන කොල්ලෙක්
    https://www.facebook.com/kosala8?__...w4ZnvyCC26r9E7AZHMcQWHAAe75wzinZ&__tn__=<,P-R
    Kosala Sandaruwan

    53m ·

    දානවද නැද්ද කියලා හිත ඉදල දාපු post එකක්.
    සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයේ යන්නම ඕනද, ඒ කියන්නේ O/L, A/L කරලා campus හරි වෙන vocational education එකක් හරහා.
    මම නම් ලොකුවට ඉගෙන ගෙන නැ. ලොකුම අධ්‍යාපන සහතිකෙට කියල තියෙන්නේ A/L.
    ඒ සහතිකෙත් කොහේ තියනවද දන්නේ නැ දැන් නම්.
    ඉගෙන ගන්න මගේ ලොකු දක්ෂ කමක් නොතිබුනාට විභාග ලියන්න නම් මම දක්ෂයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලියන්න තිබුනොත් මට අලුත්ම මාර්ග 10 ක් හදල හරි ලියන්න පුළුවන්. කොහොම හරි ඒ නිසා රුහුණු university එකට යන්න පුළුවන් උනා.
    එත් මම university drop out. මම ඒක අතැරලා government එකේ diploma එකක් කරන්න ගියා.
    ඇත්තටම මගේ plan එක තිබුනේ මේ degree එක complete කරන එක පස්සේ හරි. physics degree එක එක්ක මේ diploma එක අරන් physicist කෙනෙක් වෙන්න. කොහොමහරි Entrepreneurship පැත්තට ආවට පස්සේ අතට සල්ලි ටිකක් ආපු එකත් එක්ක degree එකේ value එකක් නැ කියල අතෑරලා දැම්මා.
    මම ජිවිතේ මගේ passion එක අලුත් පාරක් හොයා ගත්තම Education එක අතැරලා දැම්මා. නැතිව සේරම ඇත ඇරලා දැන් මොකද කරන්නේ කල්පනා කරලා මේ පැත්ත තොර ගත්තා නෙවෙයි. ඇත්තම කිවොත් මම ජිවිතේ කිසිම risk එකක් අරගෙන නැ.
    Steve Jobs, Bill Gates , Mark Zuckerberg වගේ අය උනත් අලුත් පාරවල් හොයා ගත්තම ඒවාට වැඩ කරන්න university drop out උනා මිසක් Education එක අතැරලා ඊට පස්සේ පාරවල් හොයන්න ගිය නෙවේ.
    ඇත්තටම මම මේ පොස්ට් එක දාන්න හිතුවෙත් දැන් මාරම trend එකක් වෙලානේ ඉගෙන ගෙන වැඩක් නැ. ඉගෙන ගෙන 8-4 ජොබ් එකක් කලොත් පඩිය අච්චරයි. නැත්නම් මෙච්චරයි වගේ කතා.
    ජිවිතේ දිනන්න try කරන්න ඕන. ඒකට පාරවල් හොයන්න ඕනේ. එකේ දෙකක් නැ. හැබැයි do or die game ඕන නැ.
    ඉගෙන ගන්නේ නැතිව පට්ටම successය ඕන තරම් ඉන්නවා. හැබැයි එක ඉගෙන ගන්නේ නැතිව life එක අනාගත්ත අයත් එක්ක බලද්දී පට්ටම අඩු % එකක්. 8 පාස් වෙලා මාරම innovation එකක් කල අයට ලොකු publicity එකක් ලැබෙනවා මිසක් එහෙම අය මාර ගොඩක් ඉන්නවා නෙවෙයි.
    සුරංගනා කතාව වලට අහුවෙලා network marketing වගේ ඒවාට education එක මග දාල ඇවිත් life එක ඇණ ගත්ත අය මට ඕන තරම් meet වෙලා තියනවා.
    අනික හොර emoney කාරයෝ. ඒ ඇඩ්ස් වල තියන විදියට එක දවසේ course එකක් කරලා මාසෙට ලක්ෂ ගානක income එකක් ගන්න පුළුවන් ලු. ඉතින් අවරුදු ගානක degree, diploma වෙන වෘතීය සුදුසු කමක් ඉගෙන ගෙන වැඩක් නැ වගේ හිතෙන්න පුළුවන් ඒවා දකින කෙනෙක්ට. අන්තිමට මාසෙට ලක්ෂ ගාන හොයල තියෙන්නේ ඒ emoney course එක උගන්නපු අය විතරයි.
    මම කියන්න අකමැතිම කතාව මේක. ඉගෙන ගන්නෙත් නැතිව life එක පට්ට්ට success කර ගත්ත හුගක් උන් උපතින්ම මර දක්ෂයෝ. උන් උලෙ හිටියත් පිලේ හිටියත් ගේම ගහන උන්. සමහරවිට ඉගෙන ගත්ත නම් ඊට වඩා ගේමක් ගහයි. ඉතින් TV එකේ එහෙම කතා අහල වැඩිපුරමත් ඇගට ගන්න එපා.
    අන්තිමට shortcuts වලින් ලක්ෂ ගණන් හොයන්න ගිහින් අන්තිමට 8-4 ජොබ් එකකටවත් යන්න සුදුසු කම් නැති කර ගන්න එපා.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අපේ ඩෙප් එකේ කරීයර්ස් ෆෙයා එකේ අඩුම පඩිය යන්නෙ මේ පාර 160,000. මීට අවුරුදු ගානකට කලින්න මම ගියේ 175,000. මගේ batch එකේ 240,000ට ගිය අය හිටියා (ලන්කාව අතුලෙ)

    මෙහෙමයි ඔක බලන්නෙ 240000 මාසෙ පඩිය බෙදිම 30 දවසට වැටෙන ගාන රුපියල් 8000 යි තෙ කඩෙක බනිස් නැතුව දවසට සුද්ද ලාබය

    කොටුව ටු බදුල්ල කොච්චියෙ වඩෙ විකුනන මනුස්සයගෙ දවසට සුද්ද ලාබය

    ඔය වගෙ ඇඩ් කරලා බලන්න ඔය මාසෙට ලක්ශ ගනන් ගන්න මාස් පඩි කරයො

    ජෙට්වින් ට්‍රැවල් එකෙ රට වටෙ ටුවර් එහෙක ගාන දවසට

    ඔය වගෙ ඇඩ් කරලා ලක්ශ ගනන් ගැන කියවන්න
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අපේ ඩෙප් එකේ කරීයර්ස් ෆෙයා එකේ අඩුම පඩිය යන්නෙ මේ පාර 160,000. මීට අවුරුදු ගානකට කලින්න මම ගියේ 175,000. මගේ batch එකේ 240,000ට ගිය අය හිටියා (ලන්කාව අතුලෙ)
    Degree eka moakkda ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මෙහෙමයි ඔක බලන්නෙ 240000 මාසෙ පඩිය බෙදිම 30 දවසට වැටෙන ගාන රුපියල් 8000 යි තෙ කඩෙක බනිස් නැතුව දවසට සුද්ද ලාබය

    කොටුව ටු බදුල්ල කොච්චියෙ වඩෙ විකුනන මනුස්සයගෙ දවසට සුද්ද ලාබය

    ඔය වගෙ ඇඩ් කරලා බලන්න ඔය මාසෙට ලක්ශ ගනන් ගන්න මාස් පඩි කරයො

    ජෙට්වින් ට්‍රැවල් එකෙ රට වටෙ ටුවර් එහෙක ගාන දවසට

    ඔය වගෙ ඇඩ් කරලා ලක්ශ ගනන් ගැන කියවන්න
    උබ ඔප්පු කරන්න හදන දේ පැහැදිලි නෑ.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබ ඔප්පු කරන්න හදන දේ පැහැදිලි නෑ.

    කාගෙ හරි තැනක වැඩ කරලා එ එන ලාබෙන් කියක් හරි අරුත් අරගෙන ලක්ශ ගනන් වලින් කියවන්නෙ මොන මොඩයොද කියලා විසෙසයෙන් ඔය වෙබ් & සොෆ්ට්වෙයා වගෙ ෆිල්ඩ් වල ඉන්න උන් එක වැඩෙ 10 කට විතර බෙදලා දිලා , ස්ටාට් එක ලක්ශ දෙකයි හිහි මොඩයො ඔහොම කියෙවුවට සල්ලි හම්බ කරන උන් කියවන්නෙ නැත එකයි විසෙසත්වය