ගුණාත්මක අගය
නිහාල් කතාව, දෙබස්, තිර රචනය පමණක් නොව ගීත ද ලියා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. එසේම ඔහු එහි ප්‍රධාන නළු චරිතය ද රඟපෑවේය. ඔහුගේ බිරිය ප්‍රධාන නිළි චරිතය රඟපෑ අතර සංගීත අධ්‍යක්ෂණය ද කළාය. මංගල දර්ශනයෙන් පසු ප්‍රදර්ශනය අරඹා දින දෙක තුනක් ගතවන විට එහි දර්ශන සඳහා පේ්රක්ෂකයෝ දෙතුන් දෙනකුට වඩා නොසිටියෝය.
‘තමුසෙගෙ චිත්‍රපටිය ආර්ථික වශයෙන් අසාර්ථක වුණත් ඒ චිත්‍රපටිය හින්දා මිනිස්සු සිය ගණනකගෙ ජීවිත බේරිලා තියෙනවා’ නාට්‍ය පුහුණුවීමකදී හමුවුණු සිරිල්, නිහාල් සමඟ කීවේය.
‘ඒ කොහොමද?’ නිහාල් පෙරළා ඇසුවේ මවිත වෙමිනි.
‘තමුසෙගෙ චිත්‍රපටිය පෙන්නන හෝල් එකක වහළය චිත්‍රපටිය පෙන්නද්දි කඩා වැටිලා. හොඳ වෙලාවට තුන් දෙනයි මුළු හෝල් එකේම ඉඳලා තියෙන්නෙ.’ සිරිල් කීවේය.

හරවා එවීම
‘මං පත්තරේකට ඇරපු එක ලිපියක් වත් කවදාවත් ප්‍රතික්ෂේප කරලා ආපහු එවලා නෑ’ කපිල, තම මිතුරු ආරියතිලක සමඟ කීවේ දෙදෙනා එක්ව අවන්හලේ අඩියක් ගසමින් සිටියදීය.
‘එහෙමනං උඹ, මං වගෙ මුද්දර ගහපු කවරෙකුත් ඒ ලිපි එක්ක යවන්නෙ නැතුව ඇති.’ ආරි හිතේ අමාරුවෙන් යුතුව කීවේය.

තරුණ මදය
මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී පැමිණි කීර්ති මූණ එල්ලාගෙන සිටිනු දුටු නන්දවීර ඔහුගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලා පුදුමයෙන් මෙන්, මෙසේ ඇසීය.
‘ඇයි කීර්ති මේ අප්සෙට් ගහලා?’
මම මේ කල්පනා කළේ නන්දෙ මිනිස්සු මට ඡන්දෙ නුදුන්නොත් ඒ මගෙ තරුණකම හින්දයි.’
‘ඒක පුදුම කතාවක් නෙ. දැන් උඹේ තරුණ කාලෙ ගෙවිලා ඉවරයිනෙ’ නන්දවීර තම කට ඇද කරමින් කීවේය.
‘ඒක ඇත්ත. ඒ වුණාට තරුණ කාලෙ මං ගෙව්ව විදිහ ගැන විරුද්ධ පක්සෙ උන් ඡන්ද දායකයන්ට කියල දුන්නොත්...?’ කීර්ති පශ්චත්තාප වෙමින් කීවේය.

ඉඩක් කොහෙන්ද?
නිලංක තම මිතුරු සරත්ගේ උපන් දින සාදයේදී ගීතයක් රස විඳිමින් සිටින අයුරු දුටු සරත්ගේ මව මෙසේ ඇසීය.
‘පුතා නිලංක ඇයි ඔයා තව මොනවා හරි කන්නෙ නැත්තෙ?’
‘අනේ එපා ඇන්ටි. දැන් මගෙ බඩ හොඳටම පිරිලා’ නිලංක කීවේය.
‘එහෙමනං පුතා ගෙදර යන ගමන් කන්න ඔය ඇපල් ගෙඩියක් වගෙ දෙයක් සාක්කුවේ දාගන්න.’ සරත් ගේ මව පෙරැත්ත කළාය.
‘ඕනෙ නැහැ ඇන්ටි. සාක්කු දෙකම හොඳටම පිරිලා.’ නිලංක කීවේය.

විශේෂ සුදුසුකම
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි තරුණ චන්ද්‍රසිරි දෙස තියුණු බැල්මක් හෙළූ එම සමාගමේ පිරිස් කළමනාකරු මෙසේ පැවසීය.
‘අපි අපේ කොම්පැනියට බඳවා ගන්නෙ දක්ෂම තරුණයො විතරයි. අපි මුල් තැන දෙන්නේ, අනෙක් අයට කරන්න බැරි, මොකක් හරි අංශයකින් සුවිශේෂ දස්කම් පෙන්වන අයට. ඔබේ ළඟ ඒ වගෙ විශේෂ සුදුසුකමක් තියනව ද?’
‘අපොයි ඔව් සර්! වෙනින් කාටවත් කරන්ඩ බැරි විශේෂ දෙයක් මට කරන්ඩ පුළුවන්.’ චන්ද්‍රසිරි වහා ඉදිරිපත්ව පිළිතුරු දුන්නේය.
‘හොඳයි. ඒ මොකද්ද?’ පිරිස් කළමනාකරු උනන්දුවෙන් විමසීය.
‘ඇයි මගේ අත් අකුරු කියවන එක.’ චන්ද්‍රසිරි කීවේය.

හිනා කතා

matath