මචං කලින් ත්රෙඩ් එකක මගෙ කතාව කිව්ව. ගොඩක් අය බොක්කෙන් ම රිප්ලයි කරා. කොරෝනා නිසා මම ගමේ ආවා. මහ ගෙදරට නෙමෙයි සීයගෙ ගෙදරට ආවෙ. එහෙ ලොකු අවුලක් නෑ. ඒ අස්සෙ මට දැන ගන්න හම්බ උණා අරූ බදින්න යනව කියල. මහ ගෙදර ඉඩම තාත්තගෙ තාත්තට රජයෙන් ලැබුණ එකක්. ඒකට තියෙන්නෙ ජයභූමි ඔප්පුවක් හරි ස්වර්ණභූමි ඔප්පුවක් හරි. ස්වර්ණභූමි ඔප්පු ජයභූමි ඔප්පු දෙක තුනක් ගෙදර තිබුණා. ඕව දැක්කෙ පොඩි කාලෙ නිසා මට මතක නෑ විස්තර වශයෙන්. ඒව අයිති අය කාටවත් පැවරුවෙ නැත්නම් ඒවගෙ අයිතිය කාට ද යන්නෙ?