ඉඩම් ගනිමු ...ගෙවල් හදමු

Geyak Hadamu

Member
Mar 19, 2016
15
31
0
ඉඩම් ගනිමු ...ගෙවල් හදමු

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.පහුගිය දවස්ටිකේ මම දැක්ක අපේ කොල්ලෝ කීපදෙනෙක්ම ගෙවල් හැදීම ගැන කතා කරලා තිබුන.ඉතින් මම හිතුව මගේ කතාව සජීවීව මේ නුලේ ලියන්න.
ඊට කලින් මම ගැන විස්තරයක් කරනවානම් මගේ මුල් ගම අපේ රටේ පෙර රජදවස අගනුවර වෙලා තිබුණු නගරයට ආසන්න ගමක්.ඉතින් ඒ පුරුද්දට වෙන්න ඇති මමත් 2000 අවුරුද්දේ විතර වර්තමාන කාලයේ අගනුවරට අල්ලපු දිස්ත්‍රික්කයට පැමිණෙනවා. මොකද රැකියාවේ නියැලීම උදෙසා.පසුව ඉතින් පවුල් පන්සල් වෙලා දරුවෝ දෙතුන්දෙනෙකුත් හැදුවයි කියමුකෝ,ඔන්න දැන් ඉතින් මතක් වෙනවා ඉන්න ස්ථිර තැනකුත් ඕනේ කියලා.ඉතින් කොහොම හරි පසුගිය දෙසැම්බර් මාසේ පළමුවෙනිදා මම ඉඩමක් මිලදී ගන්නවා.ඔන්න දැන් එහෙනම් අපි කතාවට පිවිසෙමු.

මම ඉඩම තොරාගනිද්දී සලකලා බලපු කාරණා මොනවද ?
:confused::confused::confused::confused::confused:

01. වටපිට ඉන්න මිනිස්සු මොනවගේ අයද?:rolleyes::rolleyes::rolleyes:

මේ කාරණාවේදී ඉතාම සැලකිල්ලෙන් බලන්න ඕනේ දෙයක් තමයි ඔවුන්ගේ ජිවන රටාව.මොකද හේතුව අපි ගෙයක් හදන්නේ පදිංචිවෙලා නිවීසනසිල්ලේ දරුවන් හදාගෙන බිරිද බලාගෙන (ඔව් ඔව් දවල් රෑ දෙකේම ) ඉන්නනම්.ඉතින් අපි කොච්චර හොදට වියදම් කරලා සපපහසුවට ගේ හදාගත්තත් අහල පහල උන් සවුත්තුනම් වැඩක් නෑ.මේ නිසා අවට අයගේ රැකියාව කසිප්පු ගංජා ගහන උන්ගේ අතිරේකව තව කුඩු ගහනbadu ගහන උන්ගේ ප්‍රමාණ වගේ දේවල් ගැන හොයා බැලිය යුතුමයි.මේ වගේ උන් නැති පැත්තක් හොගන්න බැරි උනත් සන්කයත්මකව එවැනි අඩුම පිරිසක් ඉන්න පැත්තක් නම් හොදයි.හදිස්සියකට ළමයෙක්ව බිරිදව තනියම තියල එක රයකට බය නැතිව මිනිහට එලියට යන්න බැයිනම්.දුර ගමනක් ගිහින් එනකොට වැලේ රෙදිටික ගෙදර ජනෙල් ටික නැතිනම් වැඩක් නැත. අවසාන වශයෙන් බුදු හාමුදුරුවෝ පවා දේශනාකරනවා මහා මංගල සුත්‍රයේදී මෙහෙම "පතිරුප දේශ වාසෝච....." කියලා. මොකද සුදුසු පෙදෙසක් විසීම කියන එක මනුස්සයකුට එතරම්ම වැදගත්.

2වැනි පිටුව යාවත්කාලින කලා.....

Last edited:

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හොද අසල්වැසියෝ ඉන්න පැත්තක් වෙන්න ඕන අනිවාර්යෙන්ම
    අපේ නෑදෑ කට්ටියකුත් ඉඩමක් අරගෙන ගේත් හදලා ගියාට පස්සේ
    තමා දන්නේඒ හරිය ජරා සෙට් එකක් ඉන්න තැනක් කියලා ,
    දැන් ගේ විකුණගෙන යන්න හදනවා
     
    Geyak Hadamu

    Member
    Mar 19, 2016
    15
    31
    0
    හොද අසල්වැසියෝ ඉන්න පැත්තක් වෙන්න ඕන අනිවාර්යෙන්ම
    අපේ නෑදෑ කට්ටියකුත් ඉඩමක් අරගෙන ගේත් හදලා ගියාට පස්සේ
    තමා දන්නේඒ හරිය ජරා සෙට් එකක් ඉන්න තැනක් කියලා ,
    දැන් ගේ විකුණගෙන යන්න හදනවා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Geyak Hadamu

    Member
    Mar 19, 2016
    15
    31
    0
    02. හරි අපි දැන් අසල්වැසියෝ ගැන සොයා බැලුවට පස්සේ බලන්න ඕනේ ඉඩමේ වර්තමාන හිමිකරු ගැන.මේකෙදි පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඉඩම විකුණන මිනිහා ඇයි මේක විකුනන්නේ කියලා.මොකද උබලට අහු නොවුන නමුත් අමාරුවේ වැටෙන්න පුළුවන් අවදානමක් තියනවද කියල.අයිතිකාරයා මේ ඉඩම ගන්න කලින් හොදට ඉදලා මේ ඉඩම ගත්තට පස්සේ වැලේ වැල් නැතිවෙලා අනාථ වෙලා නම් මේක විකුනනේ අපි පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕනේ.සමහරු ඇවිල්ල කියනවා අන්න අතන ඉඩමක් තියනවා හොදටම අඩු කරලා ගන්න පුළුවන්,අයිති එකාට මේ දවස්වල හොදටම කෙලවිලා ඉන්නේ කියල.මගේ අවවාදය එවැනි ඉඩම් ගන්න පෙර දෙවරක් හිතන්න.සමහර ඉඩම් තියනවා වගතුවක් නැති එව්වා. එව්වා ජය බුමි නෙවෙයි.පරාජය බුමි.හැම වෙලාවේම මේ තියරිය හරි යන්නෙත් නෑ.සමහර විට ඉඩම හොදට යාදෙන ඉඩම,අයිති එකාගේ දුර්වල මුදල් කළමනාකරණය නිසා වෙන්නත් පුළුවන්.එවැනි වෙලාවට බලපල්ලා කලින් අයිති කාරයොත් දිගටම කෙලවිලා විකුණලා ගිය එව්වද කියල.එහෙම නැතිනම් ඉතින් හොදයි.

    මේ දෙකම අනුමතයි නම් මීලගට තෙවැන්න.

    03) බුමිය හෙවත් ඉඩම් රාජයාගේ පිහිටීම.(පිහිටීම කිව්වම ගාල්ල ද මාතර ද හම්බන්තොට නෙවෙයි හරිය).මේකෙදි ඉස්සෙල්ලම බලන්න ඕනේ මාර්ග පහසුකම කොහොමද කියලා.මොකද අපි ගේ හදලා වාහනයක් ගත්තම අල්ලපු ගෙදර හරි පාරේ අයිනේ හරි නවත්වන්න බලන්න උනොත් කරදරයි.ප්‍රදාන පාර අයිනේ කැමති අය‍ට එහෙමයි.පාරෙන් ඇතුලට වෙන්න කැමති අයට එහෙමයි.මගේ තෝරාගැනීම නම් පාරෙන් ටිකක (100M -200M ) ඇතුලට වෙන්න.මොකද එළිවෙනකම් සැපසේ නිදාගන්න.නැතිනම් වාහන යන කොට හෝන් ගහන කොට මල වැඩේ. ඒක මගේ කැමැත්ත උනාට උබල කැමති දෙයක් හිතල බලල කරපල්ලා. උදේ හවස පාරට මීටර 100ක් 200ක් ඇවිදින එක සරීර සෞක්‍යටත් හොදයි.නමුත් උබලට ප්‍රදාන පාර අයිනෙන්ම ඕනෙනම් මේ ටිකත් බලපල්ලා.

    අ.) ඉඩම තියෙන්නේ වංගුවක් ලගනම් ගන්න එපා.මොකද හැම වෙලේම අවදානම් වැඩි.සමහර ලොරි කාරයෝ වංගු කෙලින් කරන්න පුළුවන්.තමන්ගේ වාහනය පාරට දාන කොට දෙපැත්ත බලලා බෙල්ලේ පොටයනවා.අයෙත් ගෙදරට වාහනෙන් එන කොටත් එහෙමයි.වංගු ලගනම් එපා.

    ආ.) පාලතටම ලයිට් දෙන ට්‍රාන්ස්පොමරේ තියෙන්නේ වැට අයිනේද බලපල්ලා

    ඇ.) අල්ලපු වැටෙ ඉස්කෝලයක් පන්සලක් රෝහලක් පල්ලියක් තියනවද බලපල්ලා. ඔතනදි ආගමට ගොඩාක් ගොඩක් ලැදි උන් ඉන්නවනම් පන්සල පල්ලිය අමතක කරපල්ලා.සාමානයෙන් පොදු ඉස්තානයකට කිට්ටුවෙන් ඉන්න කොට කරදරයි.සරලව කිව්වොත් යාලුවෙක් එක්ක පොඩි අඩියක් ගහල සින්දුවක් කියන්න බෑ.වයිෆ් ගේ යට ඇදුමක් එලියට දාල වේලාගන්න බෑ.ගහක කොලක ගෙඩියක් පරිස්සම් කරගන්න බෑ.පන්සලේ පල්ලියේ වැඩසටහන් වලට ශබ්ද විකාශන දාපුවම සාලේ කතා කරන එක නෝනගේ කාමරේට ඇහෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් උබලට නිදහසක් නෑ.

    පිහිටීම ගැන තව ඉවර නෑ..................................
     
    Last edited:
    • Like
    Reactions: lasa_dal and conzy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103

    :love:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මිලදි ගන්න කලින් එවත් දාපන්කෝ බන් ඒකනේ වැදගත්ම එක.
     
    Geyak Hadamu

    Member
    Mar 19, 2016
    15
    31
    0
    ඉඩමේ පිහිටීම පිළිබද තවදුරටත් ඉදිරියට ......
    ඉඩමේ පරිබාහිර දේවල් එකියන්නේ අසල්වැසියෝ ගම්වැසියෝ වගේ දේවල් වලට පස්සේ බලන්න ඕනේ පොදු පහසුකම් පිළිබද හා අවදානම් තක්සේරුව.පොදු පහසුකම් නම් ඉතින් උබලා දන්නවනේ.ඔව් ඔව් ජලය විදුලිය තමයි.හැබැයි උබලා බලන්න ඕනේ තව දේවල් තියනවා.මොනවද ඒ කියල බලමු.ඉඩමට ගිහින් ෆෝන් එක එලියට අරන් බලපන් සිග්නල් හොදට තියනවද කියලා.සිග්නල් නැතිනම් ඇයි නැත්තේ කියලා බලපල්ලා.ලග දුරකථන කුළුණක් නැද්ද කියලා.ඇයි මම එහෙම කියන්නේ සමහර ස්ථාන තියනවා එව්වට කියන්නේ "නෙට් වර්ක් පොකට්" කියලා.ඒ වගේ තැන වලට අම්ම මුත්තා කිව්වත් ලොවෙත් සිග්නල් නැතිය.හේතුව තමයි බුමියේ පිහිටීම.අමතක කරන්න එපා මාලබේ නගරය අසන්නයේත් එහෙම තැනක් තියනවා.ගෙදරට ගිය ගමන් නො සිග්නල්.හැබයි ඉතින් ලෑන්ඩ් ලයින් තියනවනම් සංසන්දනය කරලා ලකුණු අඩු වැඩි කරලා බලපල්ලා.
    මීලගට ප්‍රදාන පාසලක්, රෝහලක්, පොලිසියක්,ආගමික ස්ථානයක් වෙත ඉඩමේ සිට යායුතු දුර හා කාලය බලන්න ඕනේ.(හැබැයි ඔය එකක්වත් අල්ලපු වැටට ගන්න එපා).මෙතැනදී දුර පිළිබද වගේම කාලය පිලිබදවත් සැලකිලිමත් වන්න.උදාහරණයකට ගුවන්තොටුපොළ තියෙන්නේ ඉඩමේ ඉදන් කිලෝ මීටර 50ක් දුරින් උනත් උබලට පැය බාගෙන් එතනට ඉඩමේ ඉදන් යන්න පුලුවන්නම් වටිනවා. (දැන් මගෙන් අහන්න එපා උබ පෙට්‍රල් දෙනවද කියලා).
    හරි මෙච්චර වෙලා අපි බැලුවේ ඉඩමේ අවට දේවල් දැන් අපි ඉඩම ඇතුලට යමු....
    ඒ ටික ඊලග කොටසින්.........