ඉඩම් නොමිලේ දුන්නත් මිනිස්‌සු කොළඹ පදිංච

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ඉඩම් නොමිලේ දුන්නත් මිනිස්‌සු කොළඹ පදිං&#3488

ජපන්නු බෝම්බ දැම්මට පස්‌සේ
කොළඹ පාළුවුණා

පංචිකාවත්තේ වෙළෙදාම ඇරඹු
පරම්පරාවේ මිනිසෙකුගේ
මතකය

ඉඩම් නොමිලේ දුන්නත් මිනිස්‌සු කොළඹ පදිංචි වුනේ නෑ
කොළඹ වටේ ගලන හැම ඇළකම නිල් කැටේට වතුර.
ඒ ඇළවල්වලට බැහැලා
මිනිස්‌සු දිය නෑවා

පංචිකාවත්තේ එදා ගෙවල් පහ හයකට වඩා තිබුණේ නැහැ. කැලේ. තැනින් තැන ගරාඡ් කිහිපයක්‌ තිබුණා. ඒ වගේම හොර හතුරෝ

කුරුණෑගල වෙල්පල්ල ගමේ හිටිහාමිලාගේ සලමන් සිංෙÆa සහ එංගනෝනා මාතාවගේ පවුලේ පස්‌ වැනි දරුවා ලෙස ඉපදුණ කරුණාරත්න පුංචි කාලේ සිටම ඉගෙනුමට දක්‍ෂයෙකි. හෝඩිය පන්තියේ සිට වෙල්පල්ල බෞද්ධ පිරිමි පාඨශාලාවෙන් අධ්‍යාපනය ලැබූ කරුණාරත්න වයස අවුරුදු දහහතේදී කොළඹට පැමිණියේය. ගමෙන් කොළඹ පැමිණි ඔහු පිටකොටුවේ මෝටර් වාහන අමතර කොටස්‌ වෙළෙඳසලක සේවය කළේය.

"මම කොළඹ ආවේ 1940 අවුරුද්දේ. ජොබ් එකකට කොළඹ යනවා කියලා තාත්තට කිව්වහම තාත්තා මගේ අතට රුපියල් දෙකක්‌ දුන්නා. ඒ රුපියල් දෙකත් අරගෙන තමයි මම කොළඹ ආවේ. ඒ සන්දියේ ඉංග්‍රීසීන් රට පාලනය කළේ. මේ වගේ නෙමෙයි ඒ කාලේ කොළඹ හරිම පිළිවෙළයි. පිරිසිදුයි. නිස්‌කලංකයි. ඒ කාලේ හිටපු ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා හොඳ පාලකයෙක්‌. කොළඹ දියුණු කරන්න ගොඩක්‌ මහන්සි වුණා. උදේට කොළඹ හැම පාරක්‌ම හෝදනවා. සිංහල මිනිස්‌සු වගේම ඉංග්‍රීසි ජාතීනුත් හරි හරියට පාරවල් හොදන, අතුගාන වැඩ කළා. ඉංග්‍රීසි ජාතීන් කොළඹ විතරක්‌ නෙමෙයි මුළු රටම බොහෝම හොඳට පාලනය කළා. මහා මාර්ග හදලා රටේ විශාල දියුණුවක්‌ ඇති කළා.

කොළඹ වටේ ගලන හැම ඇළකම නිල් කැටේට වතුර. ඒ ඇළවල්වලට බැහැලා මිනිස්‌සු දිය නෑවා. කොළඹ පිටකොටුවේ විතරයි තරමක්‌ හරි දියුණු කඩ තිබුණේ. ඒත් වෙළෙඳසල් පනහකට වැඩි නැහැ. ඒ සමහර වෙළෙඳසල්වලත් වහළට සෙවිලි කරලා තිබුණේ පොල්අතු. පිටකොටුව ඇර කොළඹ ගොඩක්‌ම ප්‍රදේශ මහ ඝන කැලෑ. ඔය කොටහේන පැත්තේ කැලෑවල ඉඳලා රෑට පිටකොටුවටත් එක එක සත්තු ආවා. අපි පදිංචි වෙලා ඉන්න මේ පංචිකාවත්තේ එදා ගෙවල් පහ හයකට වඩා තිබුණේ නැහැ. කැලේ. තැනින් තැන ගරාඡ් කිහිපයක්‌ තිබුණා. ඒ වගේම හොර හතුරෝ.

මම කොළඹට ආවේ පිටකොටුවේ නැෂනල් මෝටර් ස්‌ප්‍රෙයාපාට්‌ස්‌ වෙළෙඳසලේ සේවකයෙක්‌ විදිහටයි. ටවර් ප්ලැට්‌ එකේ කාමරයක්‌ අරගෙන තමයි නැවතිලා හිටියේ. ඒ සන්දියේ මුළු කොළඹටම තිබුණේ ස්‌ප්‍රෙයාපාට්‌ස්‌ කඩ පහ හයයි. ඒ කඩවල තිබුණෙත් ඉංග්‍රීසි වාහනවල බඩු විතරයි. ඉස්‌සර දැන් වගේ ජපන් වාහන තිබුණේ නැහැ. වාහන අඩුයි. ඒ කාලේ බස්‌ කොම්පැණි නැහැ. බී. එම්. ඇම්. රුද්‍රිගෝ මුදලාලිගේ බස්‌ එකසිය ගාණක්‌ තිබුණා. කොහුවල ඇස්‌. ඩී. ඇස්‌ ජයසිංහ මුදලාලිටත් බස්‌ එකසිය හැත්තෑ පහක්‌ විතර තිබුණා. ඊට අමතරව කොම්පඳවීදිය හින්නිඅප්පුහාමි මුදලාලිගේ බස්‌ දහයක්‌ පහළොවක්‌ තිබුණා. ඒ බස්‌ ටික තමයි කොළඹ ඉඳල රට පුරා දිව්වේ. ගොඩක්‌ම බඩු එහාට මෙහාට ගෙනිච්ෙච් කරත්තවලින්. තනි ගෝනා, ගොන් දෙන්නා බඳින බක්‌කිකරත්ත තිබුණා. මිනිස්‌සුන්ට යන්න තිබුණේ රික්‌සෝ. ගොඩක්‌ම රික්‌සෝ අදින්න හිටියේ දෙමළ මිනිස්‌සු. ඒ කාලේ කොළඹ තිබුණු හොඳම වාහනය ට්‍රෑම් කාර් එක. සුදු ජාතිකයෝ එහෙට මෙහෙට ගියෙත් ට්‍රෑම් කාර්වල. ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයත් පාවිච්චි කළේ ට්‍රෑම් කාර් එකක්‌. එතුමා ට්‍රෑම් කාර් එකේ එහෙට මෙහෙට යනවා අපි දැකලා තියෙනවා. ඒ කාලේ කොළඹ හිටපු ආණ්‌ඩුකාරවරයා ඇතුළු සියලු ඉංග්‍රීසි නිලධාරීන් බොහෝම නිහතමානීයි.

ආණ්‌ඩුකාරවරයා කොළඹ ලස්‌සනට තියාගන්න ගොඩක්‌ මහන්සි වුණා. කොළඹ අපිරිසිදු වෙනවා කියලා කොටුවට කරත්ත එන එකත් තහනම් කළා. ඊට පස්‌සේ සර් ජෝන් කොතලාවල මහත්තයා මූලිකත්වය අරගෙන කරත්ත ස්‌ට්‍රයික්‌ එකක්‌ කරලා නැවත කරත්ත කොටුවට ගෙන්න අවසර ගත්තා. ජෝන් කොතලාවල මහත්තයට සුද්දොa පුදුම බයක්‌ තිබුණේ. වචනේ වැරදුණ ගමන් කොතලාවල මහත්තයා සුද්දන්ට ගහනවා. කොතලාවල මහත්තයා හොඳ හතර රියන් මනුස්‌සයා. මුහුණේ පෙනුමත් හරිම රෞද්‍රයි. ඉතිං ජෝන් කොතලාවල එනවා කිව්වහම සමහර සුද්දොa හැංගෙනවා.

1942 අවුරුද්දේ ලෝක යුද්දේදී ජපන්නු කොළඹට බෝම්බ දානකොටත් මම හිටියේ කොළඹ. එදා 1942 අවුරුද්දේ අප්‍රේල් 05 වැනිදා ඉරිදා. මම විතරයි සාප්පුවේ හිටියේ. උදේ 9.30ට විතර ඇති. මම හිටියේ පිටකොටුවේ බෞද්ධ මන්දිරේ උඩ තට්‌ටුවේ කාමරයේ. ගුවන් යානා පනහක්‌ විතර අහසේ කරකැවෙනවා. මමත් අහස දිහා බලාගෙන හිටියා. එක පාරටම එක ළඟ ගුවන් යානා කිහිපයක්‌ වරාය පැත්තට පාත් කරලා මොනවාදො දාගෙන ඇදලා යනවා මම දැක්‌කා. ඒ එක්‌කම බ්‍රිතාන්‍ය හමුදාව ඒ ගුවන් යානාවලට වෙඩි තිබ්බා. ඒ එක්‌කම ලොකු පිපිරීමක්‌ එක්‌ක විශාල ගින්නක්‌ ඇති වුණා. ගුවන් යානා කිහිපයක්‌ ගිනි ගෙන වැටුණා. පස්‌සේ අපි ඒ බෝම්බ දාපු තැන්වලට ගිහින් බැලුවා. ඉංග්‍රීසි ජාතීන්ගේ වාහන කිහිපයක්‌ සහ ගොඩනැඟිලි කිහිපයක්‌ එතකොටත් ගිනි ගත්තා. ඉංග්‍රීසි ජාතීන් වගේම සිංහල මිනිස්‌සුත් කිහිප දෙනෙක්‌ බෝම්බවලට පිච්චිලා මැරිලා තිබුණා. එක දවසක කොළඹ වරායට, කැලණියට, බෙල්ලන්විල පැත්තට බෝම්බ දැම්මා. තවත් දවසක ත්‍රිකුණාමලේට බෝම්බ දැම්මා. ඒ සිද්ධියත් එක්‌ක කොළඹ පදිංචි වෙලා හිටපු මිනිස්‌සු බය වෙලා වෙන පළාත්වල පදිංචියට ගියා. දවසක්‌ දෙකක්‌ යනකොට කොළඹ කඩ සාප්පු වැහිලා තනි කරම පාළු සොහොන් පිටියක්‌ වුණා. තේ එකක්‌ බොන්නවත් කඩයත් තිබුණේ නැහැ. අන්තිමට කොළඹ ඉතුරු වුණේ සුදු ජාතිකයන් විතරයි. ඒ අයත් හැංගිලයි හිටියේ. පස්‌සේ මමත් නුගේගොඩ හිතවතෙකුගේ ගෙදරකට ගිහින් සති දෙකක්‌ විතර නැවතිලා හිටියා. ඊට පස්‌සේ ඉංග්‍රීසි ආණ්‌ඩුව නිවේදනයක්‌ නිකුත් කරලා කිව්වා මිනිස්‌සුන්ට කොළඹට ඇවිත් ගෙවල් හදාගෙන පදිංචි වෙන්න කියලා. ඉඩම් නොමිලේ දුන්නත් මිනිස්‌සු කොළඹට එන්න බය වුණා. කොළඹ ව්‍යාපාර පාළු වෙලා ගියා. එහෙම කාලයක්‌ ගියාට පස්‌සේ නැවත පවුල් එක දෙක ඇවිත් කොළඹ පදිංචි වුණා. ව්‍යාපාර පටන් ගත්තා. අලුත් කඩ සාප්පු විවෘත වුණා.

ගමේදි මම හොඳට ඉගෙනගත්ත නිසා කොළඹ රස්‌සාවට ආවත් තව ඉගෙනගන්න ආසාව තිබුණා. ඒa නිසාම මම කඩේ වැඩ කරන ගමන් 1946 අවුරුද්දේ අගෝස්‌තු 20 වැනිදා එස්‌.එස්‌.සී. විභාගට පෙනී සිටියා. විභාගයෙන් මම ඉහළින්ම සමත් වුණා. එතකොට අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විදිහට හිටියේ ඉයන් සැන්ඩිමන්ට්‌ කියන ඉංග්‍රීසි ජාතිකයා. එතුමාගේ අතින් දුන්නු විභාග සහතිකය අදටත් මා ළඟ තියෙනවා. එස්‌.එස්‌.සී. විභාගයට මම පෙනී හිටියේ කොළඹ ඇවිත් අවුරුදු හයකට පස්‌සෙයි. අධ්‍යාපන කටයුතු විතරක්‌ නෙමෙයි ව්‍යාපාර කටයුතුත් හොඳට ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ස්‌ප්‍රෙයාපාට්‌ස්‌ බඩු ගැන හොඳ අවබෝධයක්‌ ගත්තා. හැම දෙයක්‌ ගැනම ඉගෙනගන්න අතරතුර මගේම කියලා ස්‌ප්‍රෙයාපාට්‌ස්‌ වෙළෙඳසලක්‌ පටන් ගත්තා. කොළඹ නොරිස්‌ පාරේ බෞද්ධ මන්දිරයේ කාමරයක්‌ කුලියට අරගෙන තමයි මම ව්‍යාපාරය ආරම්භ කළේ. පිටරටවලින් වාහන අමතර කොටස්‌ ගෙනත් හොඳට ව්‍යාපාරය කරගෙන ගියා. අවුරුදු තුනක්‌ විතර යනකොට මගේ කඩේ සේවකයෝ හතර දෙනෙක්‌ වැඩ කළා. මම බිස්‌නස්‌ කළේ ඉංග්ලිෂ් වාහනවල පාට්‌ස්‌ විතරයි.

1947 අවුරුද්දේ සැප්තැම්බර් 24 වැනි බදාදා ලංකාවේ ප්‍රථම අගමැති විදිහට ඩී. ඇස්‌. සේනානායක මැතිතුමා පත් කළා. එම පදවිය පිරිනැමුවේ ලංකාණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි මන්ක්‌ මේසන් මුවර් මැතිතුමා. ඊට පස්‌සේ 1948 පෙබරවාරි 4 වැනිදා අපේ රටට නිදහස ලබා දුන්නා. නිදහස දෙන්න ආවේ ගොලොස්‌ප් ආදිපදතුමා. එතුමා සමග තවත් සුදු ජාතික නායකයන් විශාල පිරිසක්‌ අපේ රටට ආවා. ඒ සේරම නැවතිලා හිටියේ කොළඹ. නිදහසට සමගාමීව සතියක්‌ පුරාවට කොළඹ නගරයේ විශාල පෙරහැරක්‌ පැවැත්තුවා. අලි-ඇත්තු සියයක්‌ විතර පෙරහැරේ ගියා. පෙරහැර සංවිධානය කළේ ඩී. එස්‌. සේනානායක අගමැතිතුමා. කේ. ඩී. ඩේවිට්‌ තමයි පෙරහැර සියලු කටයුතු භාරව හිටියේ. නිදහස ලැබිලා සති දෙකක්‌ තුනක්‌ යනකම් කොළඹ මඟුල් ගෙදරක්‌ වගේ තමයි. ඒ හැම උත්සවයක්‌ම කළේ විදේශීය අමුත්තන්ව සතුටු කරන්න.

ඒ කාලේ ඕන කෙනෙකුට ඕනෑ තැනක තැබෑරුම් අරින්න අවසර දීලා තිබුණා. පිටකොටුවේ රා-අරක්‌කු තැබෑරුම් දහ හතක්‌ තිබුණා. ඒ සුරා සැල් නිසාම පිටකොටුව තනිකරම හොර මැරකම්වලින් පිරිලා තිබුණේ. එතකොටත් කොළඹ වරායේ කම්කරුවන් දහස්‌ ගානක්‌ වැඩ කළා. හවසට වැඩ ඇරුණට පස්‌සේ ඒ සේරම වගේ අර තැබෑරුම්වලට එනවා. රෑ දහය එකොළහ වෙනකම් මත්පැන් බොනවා. ඊට පස්‌සේ රණ්‌ඩු සරුවල් වෙලා ගහ මරා ගන්නවා. සමහර මිනිස්‌සු බීලා වැඩි වෙලා පාරෙ වැටිලා ඉඳලා උදේ තමයි ඉන්න තැන්වලට යන්නේ. රජයටත් මේ තත්ත්වය විශාල ගැටලුවක්‌ වෙලා තිබුණේ.

ඔය කාලේ මමයි මැලිබන් මුදලාලියි තවත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එකතුවෙලා පිටකොටුවේ බෞද්ධ සමිතියක්‌ පිහිටුවා ගත්තා. මම තමයි ඒ සමිතියේ සභාපති ලෙස පත් වුණේ. පිටකොටුවේ මාර්කට්‌ එකේ තරුණයෝ හැම කෙනාම වගේ අපේ සමිතියේ සමාජිකත්වය ලබා ගත්තා. සෑම ඉරිදාවකම සමිතියේ සමාජිකයන් පිටකොටුවේ බෞද්ධ මන්දිරයට කැඳවලා හාමුදුරු කෙනෙක්‌ වඩම්මවලා ධර්ම දේශනාවක්‌ පැවැත්වුවා. ටික කාලයක්‌ යනකොට අපේ සමිතියට පුළුවන් වුණා පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ව දහම් මාවතකට යොමු කර ගන්න. අපේ සමිතියේ ප්‍රධාන ඉලක්‌කය වුණේ පිටකොටුවේ තැබෑරුම් වසා දැමීමයි. ඒ කාලේ ජනතාව අකැමැති නම් තැබෑරුම් වහලා දාන්න පුළුවන්. පස්‌සේ රජය සුරා සැල් වසා දාන්න මහජන කැමැත්ත විමසා බැලුවා. සියයට අසූවකටත් වැඩි ප්‍රමාණයක්‌ කිව්වේ තැබෑරුම් එපා කියලයි. ඒ එක්‌කම අපිත් සූරාවෙන් වෙන විනාශය ගැන වෙළෙඳසලෙන් වෙළෙඳසැලට, ගෙයින් ගෙට ගිහින් මිනිස්‌සු දැනුවත් කළා. කොහොම හරි පිටකොටුවේ සියලුම තැබෑරුම් වහලා දැම්මා. ඊට පස්‌සේ තමයි පිටකොටුව සාමකාමී නගරයක්‌ වුණේ.

ඔය කාලේ වෙනකොට රටට නිදහස ලැබිලා රටේ සාමකාමී වාතාවරණයක්‌ තිබුණා. කොළඹත් හොඳට දියුණු වෙන්න පටන් ගත්තා. පිටකොටුවේ තිබුණු ස්‌ප්‍රෙයාපාට්‌ වෙළෙඳසල් අයිතිකාරයන් හැම දෙනාම වගේ පංචිකාවත්තේ, ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික පංචිකාවත්තේ තිබුණු ගරාඡ් නැති වෙලා ගිහිල්ලා වෙළෙඳසල් ආරම්භ වුණා. පංචිකාවත්ත දියුණු කරන්න මූලික වුණේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්. මුලින්ම මාතර සෝමපාල ව්‍යාපාරිකයා පංචිකාවත්තේ ගොඩනැඟිල්ලක්‌ හදලා සෝමපාල ඇන්ඩ් කොම්පැණි කියලා මෝටර් පාට්‌ස්‌ ව්‍යාපාරයක්‌ පටන් ගත්තා. ඊට පස්‌සේ ඇම්. ඩී. කේ. ගුණතිලක නැෂනල් මෝටර් පාට්‌ස්‌ කියලා කඩයක්‌ ඇරියා. ඊට පස්‌සේ එක එක පළාත්වල සිංහල ව්‍යාපාරිකයන් පංචිකාවත්තට ඇවිත් මෝටර් ස්‌ප්‍රෙයාපාට්‌ස්‌ වෙළෙඳසල් ආරම්භ කළා. දැනටත් පංචිකාවත්තේ ඉන්න ගොඩක්‌ම ව්‍යාපාරිකයන් සිංහල බෞද්ධයන්.

source from
http://www.divaina.com/2014/03/16/nimna07.html
 
Last edited:
  • Like
Reactions: Fox Mulder89