මේ ලිපිය ලියන්නට මම බොහෝ සේ කල්පනා කලෙමි. මෙය නොලියන්නට මම මුලදී තීරණයක් ගෙන තිබුණි. එහෙත් එය මගෙ සිතට මහත් සේ වද දෙන්නට විය. එබැවින් මෙය ලියන්නට මා තීරණය කලෙමි. මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුට මා නරුම වාදියෙක් විය හැකිය. නැතහොත් දුෂ්ඨ හා ඒක පාක්ෂික චේතනාවෙන් මෙය ලියා ඇතැයි කියන්නට පුලුවන. මීට ඉහතද මා පක්ෂග්රාහී ලේකඛයෙක් ලෙස කවුදෝ ලිය තිබුනා මතකය. අවන්කවම සදහන් කලහොත් ලංකාවේ පවතින් කිසිම දේශපාලන පක්ෂයකට මා සම්බන්ධ නැත. එලෙස සම්බන්ධ වන්නට තරම් මගේ සිතුවිලි හා සැසදෙන දේශපාලන පක්ෂයක් මා දකින්නේ නැත.
කුඩා කළ පටන් මා දේශපාලනය පිළිබඳ අත් විඳ ඇත. ඒ තුලින් ඉගෙන ගත් දේ බොහෝය. ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත. මා වඩාත් විරුද්ධ මේ දේශපාලන ක්‍රමවේදය තුල ප්රජාතන්ත්රවාදය වලපල්ලට යමින් තිබෙනු දකින්නටය. මිනිසා සතු මූලික නිදහස ඉතා දරුණු ලෙස උල්ලංඝනය වෙමින් තිබෙයි. වෙනකක් තබා අප මේ පිය මනින්නේ අප විසින්ම කපා ගන්නා අපගේම සොහොන දෙසටය.
මැතිවරණ කොමසාරිස් තුමාට නිදහස් ඡන්දයක් පවත්වන්නට ඉඩක් නැත. මැතිවරණ කොමසාරිස් යනු කිසිවෙකුට වග නොකියන ජනතාවට පමණක් වගකියන්නට නීතියෙන් බැඳී සිටින ව්‍යවස්තාවෙන්ම පැවැරුන අසීමිත බලයක් හෙබි පුද්ගලයෙකි. ඡන්දයකට දින නියම කල මොහොතේ පටන් එය අවසන් වී ජනතාව විසින් සිය සර්වජන ඡන්ද බලයෙන් පත් කර දුන් පුද්ගලයා නම් කරන තෙක් මැතිවරන කොමසාරිස් වරයාට අසීමිත බලයක් ලැබී තිබෙයි. එහෙත් මේ වන විට මැතිවරණ කොමසාරිස් වරයා නාම මාත්‍රික පුද්ගලයෙක් බවට පත්ව ඇත. පොලිසිය ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත. රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත.
මැතිවරණයක් පවතින විට රටේ නීතිය ක්‍රියත්මක කිරීමේ යම් නිශේධ බලයක් මැතිවරණ කොමසාරිස්ට හිමිය. රජයේ සේවකයන්ගේ සියලු ඉස්තාන මාරු , පොලිසියේ මාරු කිරීම් උසස් කිරීම් නවතා දමන්නට ඔහුට බලයක් ඇත. එහෙත් අද මැතිවරණ කොමසාරිස් මුහුණ දී තිබෙන්නේ කනගාටු දායක තත්වයකටය. මේ හේතුවෙන් පවත්වන ඡන්දය දූෂිත එකක් වනු නොවැළැක්විය හැක. මෙවැනි තත්වයක් ඇති වීමට හේතුව කුමක්ද? මේ පිලිබඳව හොදින් සිතා බැලුවොත් එය අප අතින්ම සිදුව තිබෙන අතීත වරදක ප්‍රතිපලයකි.
රජයක් දූෂිත වන විට රටේ ආචාර ධර්ම පිරිහීම වැළැක්විය හැකිද. විධායක බලය අනිසි ලෙස යෙදවීම හේතුවෙන් අද ව්‍යවස්ථා දායකය අඩපන වී ඇත. ජනතාවට වග කියන ස්වාධීන කොමිසම් සභා සියල්ල අකර්මන්‍ය වී ඇත. ඔබ විධායකය අනුමත කරන කෙනෙක් විය හැකිය. එසේනම් යළිත් ඔබට සිතන්නට අවස්තාවක් දැන් එළඹී තිබෙයි. විධායකය මෙරට ඇති කලේ ජේ.ආර්. ජයවධන මහතාය. ඔහු විධායක ජනාධිපතිවරයා වුවද ඔහු ඔහු යටතේ තබා ගත්තේ එකම අමාත්‍යංශයක් පමණි. ඒ අනුව ඔහු බලය ඒකරාෂී කරගෙන දූෂණ වල නොයෙදුන පුද්ගලයෙකි. විධායකය නීච විදියට යොදාගනු ලබුවේ චන්ද්‍රිකා බංඩාරණායකය. ඉන්පසු මහින්ද රාජපක්ෂද අද කරන්නේ මේ එයමය.
අන් සියල්ලන්ටම වඩා අද විධායකය හැසිරෙන ආකාරය ඉතාමත් භයානකය. මෙය තේරුම් ගන්නට නොහැකි වන්නේ හේතු කීපයක් නිසාවෙනි. පළමු වැන්න නම් මහින්ද රාජපක්ෂ මහතා රටෙ යුද්ධය නිමා කල නිසා ඔහු ගැන අහිතක් හිතන්නට අකමැති වීමයි. කඩුව රත්තරන් වුවද අප ඉන් ඇනගෙන දිවි නසා ගන්නේ නැත. මහින්ද නැමැති පුද්ගලයා අමතක කර මහින්ද නැමැති විධායක ජනාධිපතිවරයා දෙස අප බැලිය යුතුව ඇත. රට තුල මේ වන විට මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා කොපමන සිදුවී ඇත්ද. පොලිසිය සිය රාජකාරී වල දී පකෂග්‍රාහී වී ඇත. ජනතාවට වග කිවයුතු ජනතාවගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන මෙවැනි ආයතන දේශපාලකයන්ගේ අතකොලු වේනම් එකී ආයතන වලින් ජනතාවට පලක් තිබේද.
මේ විධායක බලය නිසාම එකී විධායකට වටා සිටිමින් පෝෂණය වන්නන්ද ජනතාව පෙළමින් සිටියි. ඔවුන් නීතිය ඉදිරියේ බියක් නැත. ඒ ඔවුන්ට විධායකයේ රැකවරණය ලැබෙන නිසාවෙනි. අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය ගැලපෙන්නක් නොවේය.
මේ දිනවල මුසාමිල් නැමැත්තෙකු අල්ලස් දී විරුද්ධ පක්ෂයට ගන්නට ගිය බවට චෝදනා කරති. එහෙත් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගත් එස්. බී. දිසානායක වැන්නවුන් එලෙස ගත්තේ කෙසේදැයි කිසිවෙක් කතා නොකරති.
විධායකයේ දැඩි බලපැම් හේතුවෙන් අද ව්යවශ්ථාදායකය අඩපනව තිබෙයි. භයානක අපරාධ කරුවන් සිරගෙට නියම වූ කළ ඔවුන් මුදවා ගන්නට විධායකයට හැකිය. එබැවින් නීතිය වල් වැදී ඇත. අධිකරණය දුන් නියෝග පැහැර හැර වංචාකරුවන් යලිත් රජයේ තනතුරු වලට පත් කරගෙන තිබෙයි. අධිකරණය තීන්දුවක් දෙන්නේ එය ජනතාවගේ යහපත උදෙසා වන බැවින් එවැනි තීන්දු වලට එරෙහිව යාම පොදු ජනමතයට පයින් ගැසීමකි.
මෙහි දී හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නට ඉදිරිපත්ව සිටියි. ඔහු සදහන් කරන්නේ මේ විධායකය අහෝසි කරන්නට වුවමනා බවත් සරත් ෆොන්සේකා මහතා එය කරන බවට විශ්වාසයක් ඔහු තුල තිබෙන බවත්වය. මමද මේ අදහස හා එකග වෙන්නෙමි. විධායක විරෝධියෙක් හැටියට ප්රජාතන්ත්රවාදය යලි තහවුරු වෙන ස්වාධීන කොමිසම් සභා යලි පන ගැන්වෙන, මනාප ඡන්ද පොරය අහෝසි වෙන, ව්‍යවස්ථා ධායකය යලි ස්තාපිත වෙන වෙනසක් අපේ රටට අවශ්‍යය. සරත් ෆොන්සේකා පිළිබද විවිධ කටකතා හා දූෂණ චෝදනා එල්ල කළත් හමුදාවේ සිටි යුගයේ ඔහු කී දේ කළ, අවංක රජයේ සේවකයෙක් විය. එබැවින් ඔහු විධායකය අහෝසි කර 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලගන්වනු ඇතැයි විශ්වාස කරන්නට ඉඩ තිබෙයි.