ඉතාලි යන්න ආස අය එන්න...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඉතාලි යන්න ආස අය එන්න...

    italy%20400.jpg

    සති අන්තය කොහොමටත් නගරය කලබලකාරිය. බොහෝ සුපිරි වෙළෙඳසල් පිරී ඉතිරී යන්නේ සති අන්තයටය. මේ රටවල සුපිරි වෙළෙඳසල් තුළ තිබෙන අවශ්‍ය ද්‍රව්‍ය දමා ගෙන යන කරත්ත පාරිභෝගිකයන්ට ලබා ගත හැකි වන්නේ එය තුළට යූරෝ එකකට වැඩි වටිනාකමින් යුතු කාසියක් ඇතුළත් කිරීමෙන් පසුවය. එසේ කරනුයේ විශාල සුපිරි වෙළෙඳසල්වල පාරිභෝගිකයන් භාවිතා කරන කරත්ත තැන් තැන්වල අතහැර යාම වැළැක්වීමටය.
    තමන් ඇතුල් කරන කාසිය ආපසු ගතයුතු නිසා පාරිභෝගිකයන් නැවත එම කරත්ත අදාළ ස්ථානයේ රඳවා යනු ලැබේ. එහෙත් සමහරු තමන්ගේ වාහනයට මිලදී ගත් බඩු තැන්පත් කිරීමෙන් පසුව කරත්තය ආපසු රැගෙන යාමට එතරම්ම කැමැත්තක් නොදක්වා ඒ රථගා‍ලේ සිටි තැනට යාමට ඔවුන් දක්වන අලසකමකයි. ඔවුන් විසින් අතහරිනු ලබන කරත්ත රැගෙන ගොස් ඒවා නිසි ස්ථානයේ රැඳවීමෙන් එහි ඇති මුදල ආපසු ලබා ගැනීමම රැකියාව කරගත් වෙනම පිරිසක් මෙහි සිටිති. එය සිඟා කෑමකට වඩා වෙනස් වන්නේ සුළු වශයෙනි.
    මෙවැනි අය වාහන අසලට වී කරත්තය තමන්ට ලබාදෙන මෙන් කන්නලව් කරන අවස්ථාවලදී සමහරුන් එසේ දුන්නත් තවත් අය රැවුමකින් පමණක් සංග්‍රහ කරන අවස්ථාද විරල නැත. වැඩි වශයෙන් මෙසේ කරන්නේ අල්බානියා හා යුගොස්ලෝවියාවෙන් පැමිණි සරණාගතයන්ය. එහෙත් අහම්බෙන් මෙන් ලාංකික තරුණයෙක්ද මෙසේ කරත්ත ආපසු ගෙන ගොස් දමනු දැකීමෙන් අපට ඇතිවූයේ ඉමහත් පුදුමයකි. මක් නිසාද ශ්‍රී ලාංකිකයන් එවැනි රැකියාවන්ගේ නියුතු නොවන නිසාය.
    ඉතා ළාබාල පෙනුමකින් යුතු මේ තරුණයා සීත‍ලේ ගැහෙමින් මග දමා යන කරත්ත ආපසු රැගෙන යන අයුරු දුටු විට මට ඇතිවූයේ ඉතා කනගාටුවකි. තමන්ගේ රටෙන් පිටවී ඉසුරු සොයා පැමිණ මෙසේ එකිනෙකා ඉදිරිපිට අසරණවීමට සිදුවීම කෙතරම් අභාග්‍යයක්ද ? කෙසේ හෝ තවත් දිනක එම සුපිරි වෙළෙඳ සලට පැමිණි ඔහු සමග ටිකෙන් ටික හිතවත් වීමට මා හා හැකි විය.
    “මම මුල ඉඳන් මගෙ කතාව කියන්නම්. මම චාමර ගම කොළඹට කිට්ටුව. මම දැන් ඉතාලියට ඇවිත් අවුරුද්දකට කිට්ටු වුණා. මගේ පවු‍ලේ දරුවෙකුට හිටියේ මම විතරයි. මගේ තාත්ත බිස්නස් කළේ. අම්ම නම් රැකියාවක් කරේ නෑ.
    අපට කියන්න තරම් කිසිම ආර්ථික අපහසුවක් තිබුණේ නෑ. මම ජීවත් වුණේ හරිම සතුටෙන්. ඒ වගේම දැන් මට හිතෙනවා මම ගත කරේ හරිම සෙල්ලක්කාර ජීවිතයක් කියලා. මම පහේ පන්තියෙන් පස්සේ කොළඹ ලොකු ඉස්කෝලෙකට ඇතුල් වුණා. එහිදී වුණත් මම ඉගෙනීමට වඩා උනන්දු වුණේ සෙල්ලක්කාර වැඩවලට.
    හරියකට පාසල් නොගිය මම මටම ගැළපෙන යාළුවෝ කණ්ඩායමක් එක්ක දවස පුරාම රවුම් ගහලා හවස්වෙලා ගෙදර ආවා. අම්මටවත් තාත්තටවත් මගේ ගැන හොයලා බලන්න හිතුණේ නෑ. තාත්ත නම් කීවේ කොල්ලෙක්නේ මොනා හොයලා බලන්නද කියලා.
    මම ඉල්ලන ඉල්ලන වෙලාවට මගේ වියදමට තාත්තා මුදල් දුන්නා. මම නිදහසේ කුරුල්ලෙක් වගේ ජීවත් වුණා. මගේ උසස් පෙළ ප්‍රතිඵල ආවම මගේ ප්‍රතිඵල දැකලා අම්මා ගොඩක් දුක් වුණා. ඒත් තාත්තා නම් කීවේ දැන් ඉතින් මොනවා කරන්නද ඔන්න ඔහේ මගේ බිස්නස් එකට තවත් හුරු කරවමු කියලා. අම්මටයි තාත්තටයි වැරැද්දක් කියන්න බෑ. මමමයි වැරදි පාරේ ගියේ. අඩු වයසින් මම මත්පැන් දුම්වැටි වගේ හැම නරක පුරුද්දකටම ඇබ්බැහි වුණා. මම සල්ලි වියදම් කරන නිසාම මගේ වටේ හිටිය යාළුවොත් මාව වැරැද්දටම ‍පොළඹවා ගත්තා.
    තාත්තාගේ බිස්නස්වලට උදව් කරන්න කිව්වට මගෙන් එයාලට වුණ උදව්වක් නෑ. තාත්තා කළේ නිමි ඇඳුම් වෙළෙඳාම. එයාට රෙදි සාප්පුවකුත් තිබුණා. මම ටික කාලයක් කඩේ බලා කියාගත්තා. ඒත් එතන එකතුවෙන ආදායම මම තාත්තට දෙන්නේ නැතිව මගේ වියදම්වලට අරගත්තා. අන්තිමේ ටික දවසක් යනකොට ව්‍යාපාරය කඩන් වැටුණා. මිනිස්සු තාත්තට කතා කරලා දීපු බඩුවල සල්ලි ඉල්ලනකොටයි තාත්තා දැනගත්තේ වෙලා තියෙන දේ. එක දවසක් තාත්තා ගෙදර ඇවිත්ම මාත් එක්ක හොඳටම රණ්ඩු කළා. මට පහරවල් කීපයක් ගැහුවත් එක්ක.
    මට තාත්තා එක්ක දැනුණේ පුදුම තරහක්. මම ඒ වෙ‍ලේම මගේ යතුරුපැදිය අරන් ගෙදරින් පිට වුණා. මහ රෑක වැස්ස දවසක මම ගෙදරින් ගියාම අම්මා කෑ ගහ ගහ අඬනකොට තාත්තට දුක හිතිලා මාව හොයන්න පිටත් වෙලා. තාත්තට වෑන් එකක් තිබ්බා එයා ඒකෙන් තමයි ගමන් බිමන් යන්නෙ. වැස්සයි හිතේ කලබලයයි නිසා වෙන්න ඇති තාත්තා ඉස්සරහින් එන කන්ටේනර් එක දැක්කේ නැත්තේ. අනේ මගේ තාත්තා ඒ අනතුරින් එතනම අවසන් ගමන් ගියා.
    තාත්තගේ මරණයට වගකියන්න ඕනේ මම කියලා මම අදටත් හිතනවා. එදායින් පස්සේ කවදාවත් මට සැනසීමක් නම් ලැබුණේ නෑ. මගේ තාත්තා වගේ හොඳ තාත්තා කෙනෙක් ලබන්න දරුවෙක් වාසනා කරන්න ඕනේ. මගේ කාලකණ්ණි කමට මට ඒ වාසනාව තේරුණේ නෑ.
    තාත්තා මියගියායින් පස්සේ අම්මා නිතරම හිටියේ ලෙඩ ගාණේ. එයා ජීවත් වුණේ ජීවත් වෙන්න ඕනේ නිසා. තාත්තා කරපු ව්‍යාපාර කරන්න මට තේරුමක් තිබ්බේ නෑ. වෙළෙඳාම කඩන් වැටුණා. රෙදි සාප්පුව කරගෙන යන්න බැරි නිසා ඒක විකුණලා දැම්මා.
    ඔය අතරෙදි තමයි මගේ යාළුවෙක් කිව්වේ නීත්‍යනුකූල විදියට ඉතාලියට යන්න ක්‍රමයක් තියෙනවා හැබැයි ලොකු ගාණක් වියදම් වෙනවා කියලා. ඒ යාළුවා ගේ අයියා කෙනෙක් වීසා හදලා දෙනවා කියලා.
    මම මේ ගැන අම්මට කිව්වම අම්මා ගොඩක් ඇඬුවා.
    “ඔයත් මාව තනිකරලා යනවද පුතේ කියලා” මටත් අම්මාව දාලා යන්න ලොකු දුකක් දැනුණත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ. මට ඕනේ සල්ලි හොයා ගත්තෙ අපේ ගේ උකස් කරලා. යාළුවාගේ අයියගේ මාර්ගයෙන් මම ඒ සල්ලි දීලා ඉතාලියට ආවා. අම්මාව දාලා එන්න සිදුවීම තමයි මට දරාගන්නම බැරි වුණේ.
    මම හිතාගත්තේ ඉතාලියට ආව හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. අපිව ගෙනාව කෙනා අපිට ඉන්න තැනක් හොයලා දුන්නා. ඒත් රැකියාවක් නම් ලැබුනෙ නෑ. අතේ අරන් ආපු සල්ලි ඉවර වෙනකන් දුකක් නැතිව මම කාල බිලා හිටියා. ඒත් ඒ සල්ලිත් ඉවර වුණාම සිද්ධ වුණේ කබලෙන් ළිපට වැටුණ වගේ දෙයක්. හරියකට කර්මාන්තයක් ඉගෙනීමක් නැති මට සුදුසුකම්වලට රැකියාවක් ඉල්ලන්න හැකියාවක් තිබ්බේ නෑ. අනිත් ප්‍රධාන කාරනේ භාෂාව. මට හිතාගන්න බැරි වුණා මොනද කරන්නේ කියලා.
    නතරවෙලා හිටපු නැතිනුත් ගෙවල් කුලිය, කෑම බිමවලට යන සල්ලි ඉල්ලලා කරදර කරනකොට වෙන යාළුවෙක් ළඟ තාවකාලිකව නතර වුණා. ලංකාවට කතා කළාම අම්මා ගෙදර උකස මතක් කරල අඬනවා. මට ආසාවට මගේ අම්මට එක යූරෝ එකක් යවා ගන්න බැරි වුණා අද වෙනකන්. එක එක යාළුවෝ එක්ක ගිහින් එයාලට ‍පොඩි උදව්වක් කරලා ලැබෙන මුදලෙන් නවාතැන් ගාස්තුවත් බස් ගාස්තුවත් හොයාගත්තට මට ගත්ත ණය ගෙවා ගන්න නම් තාමත් කිසිම මුදලක් හොයාගන්න ලැබුණේ නෑ. ගේ උකස් වුණොත් මගේ අසරණ අම්මට පාරට බහින්න වෙයි කියලා මගේ හිත පිච්චෙනවා.
    මට බස් එකටවත් යූරෝ එකක් නැතිව ඉන්නකොට දවසක් දැක්කා මේ මිනිස්සු මේ විදියට කරත්ත තල්ලු කරන්න ගිහින් සල්ලි ගන්නවා. පස්සේ මමත් ලැජ්ජාව පැත්තක තියලා මෙහෙම කරන්න හිතාගත්තේ මේ විදියට හරි සල්ලි එකතු කරලා මගේ අම්මව පාරට වැටෙන එකෙන් වළක්වන්න. මට දැන් ලැජ්ජාවට වඩා තියෙන්නේ ජීවිතේ ගැටගහගන්න තියෙන ඕනේකම.


    මටත් මේ වගේ වෙන්න ඔන්න මෙන්න කියල ලංකාවට පැන ගත්ත... යන්න නම් එපා.. රස්සා නෑ :baffled::baffled::baffled:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇහැට කදුලකුත් අව මචං. :(

    වැදගත් ලිපියක්.

    රෙප් නම් ඉවරලු :(
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාව සිරා හො සුරා සිද්දිය ඇත්ත. ගෙවල් ඉඩම් උගස් කරලා යන්න එපා ජොබ් නැ.. මම ගිය ඊස්ටර් එකට ගිය වෙලාවේ ලන්කාවේ උන් බුරුතු පිටින් හිටියා පල්ලියක් ලග දානේ කන්න කියලා.. උන් දෙනවා හැබ ඉරිදටම වගේ පල්ලි වලින් නොමිලේ කැම. ඒක කන්න හිටියා පිලිපීන් උන්, රුමේනියා උන්.. ඒ අතරේ ලන්කාවේ උනුත් සැහෙන්න හිටියා.. ඒක දැක්කම මටත් ලැජ්ජා හිතුනා ලන්කාවේ කියලා කියන්න.. එච්චරට උන් හිගා කනවා වගේ ඉන්නේ එහෙ.. සමහර උන් ලන්කාවේ හොද ජොබ් කරපු උන්, හොදට වියාපාර කරපු උන්, එකෙක් මට හම්බ උනා කුකුල් කොටු කරලා මාසෙට ලක්ශේ පැනලා ගත්තු. ඒවා විකුනලා එහේ ගිහින්, දැන් පට්ටා දුක් විදිනවා.. එන්න හැටියක් නැ ගෙවල් දොරවල් උගස් නිසා..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කතාව සිරා හො සුරා සිද්දිය ඇත්ත. ගෙවල් ඉඩම් උගස් කරලා යන්න එපා ජොබ් නැ.. මම ගිය ඊස්ටර් එකට ගිය වෙලාවේ ලන්කාවේ උන් බුරුතු පිටින් හිටියා පල්ලියක් ලග දානේ කන්න කියලා.. උන් දෙනවා හැබ ඉරිදටම වගේ පල්ලි වලින් නොමිලේ කැම. ඒක කන්න හිටියා පිලිපීන් උන්, රුමේනියා උන්.. ඒ අතරේ ලන්කාවේ උනුත් සැහෙන්න හිටියා.. ඒක දැක්කම මටත් ලැජ්ජා හිතුනා ලන්කාවේ කියලා කියන්න.. එච්චරට උන් හිගා කනවා වගේ ඉන්නේ එහෙ.. සමහර උන් ලන්කාවේ හොද ජොබ් කරපු උන්, හොදට වියාපාර කරපු උන්, එකෙක් මට හම්බ උනා කුකුල් කොටු කරලා මාසෙට ලක්ශේ පැනලා ගත්තු. ඒවා විකුනලා එහේ ගිහින්, දැන් පට්ටා දුක් විදිනවා.. එන්න හැටියක් නැ ගෙවල් දොරවල් උගස් නිසා..

    මේ සීන් ඇත්ත මචං.. අත්දැකීමෙන් කියන්නේ..
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    aththa kathawa ohoma aya enneth podi ganan gewala neme laksha 15,17dila oya minussunwa genna unta hena gahanna one ekko ochchara ganak gannawanm job ekak ekka gennanna one kath kauruth nethi unama anathi den ithaliye sudusukamak nethuwa job hoyanna be aduma gane italian wath thiyenne one
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    කතාව සිරා හො සුරා සිද්දිය ඇත්ත. ගෙවල් ඉඩම් උගස් කරලා යන්න එපා ජොබ් නැ.. මම ගිය ඊස්ටර් එකට ගිය වෙලාවේ ලන්කාවේ උන් බුරුතු පිටින් හිටියා පල්ලියක් ලග දානේ කන්න කියලා.. උන් දෙනවා හැබ ඉරිදටම වගේ පල්ලි වලින් නොමිලේ කැම. ඒක කන්න හිටියා පිලිපීන් උන්, රුමේනියා උන්.. ඒ අතරේ ලන්කාවේ උනුත් සැහෙන්න හිටියා.. ඒක දැක්කම මටත් ලැජ්ජා හිතුනා ලන්කාවේ කියලා කියන්න.. එච්චරට උන් හිගා කනවා වගේ ඉන්නේ එහෙ.. සමහර උන් ලන්කාවේ හොද ජොබ් කරපු උන්, හොදට වියාපාර කරපු උන්, එකෙක් මට හම්බ උනා කුකුල් කොටු කරලා මාසෙට ලක්ශේ පැනලා ගත්තු. ඒවා විකුනලා එහේ ගිහින්, දැන් පට්ටා දුක් විදිනවා.. එන්න හැටියක් නැ ගෙවල් දොරවල් උගස් නිසා..

    owatama purudu wela pinata kanna purudu una un ona tharam kochchara hamba karath pinata kannamai balanne godak eun. eken wenne nethi minihata nethuwa yana eka
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aththa kathawa ohoma aya enneth podi ganan gewala neme laksha 15,17dila oya minussunwa genna unta hena gahanna one ekko ochchara ganak gannawanm job ekak ekka gennanna one kath kauruth nethi unama anathi den ithaliye sudusukamak nethuwa job hoyanna be aduma gane italian wath thiyenne one

    ඔතන මෙහෙම කතාවක් තියනවා මචන්, ඔය එකෙක්වත් හොරට ගිය උන් නෙමෙයි.. එක්කො සීසන් ජොබ් වලට ගිහින් ඉන්න උන්.. ( මිදිවතුවල මිදි කඩන්න ) එහෙම නැත්තම් ලක්ශ 18-20 දීලා ලීගල් ගිහින් ජොබ් නැතුව ඉන්න උන්.. උන්ට විසා කේස් නැ.. ඩීපොට් කිරිලි නැ, හැබැයි ජොබ් නැ. එහෙම ඉන්නවා 90%ක් ඔකෙන් ඉන්නවා 50%ක් දෙමව්පියො, එක්කො කෙල්ල, එහෙම නැත්තම් මාමා හො නැදැයො එක්ක ඉන්න උන්.. උන්ට අවුලකුත් නැ.. අවුල තියෙන්නේ මෙලො යකෙක් නැතුව "කොලයක්" ( ඔය යක්කු ස්පොන්සර් විස වලට කියන්නෙ ) හදාගෙන ඇවිත්, ඉන්න හිටින්න තැන් නැතුව ඉන්න උන්.. කොහොමත් බාශාව නොදැන ඉතාලි වැඩ කරන අමාරුයි. ගොඩක්ම ස්දුසුකම් නැති උන්ට හම්බ වෙන්නේ පාරවල්වල වැඩ හො වතු වැඩ තමා. ගැනු අයටනම් ගෙවල්වල වැඩ, එහෙම නැත්තම් වයසක අයව බලාගන්න වැඩ.. ඔහොම ගිය කෙල්ලෙකුට නියම චාන්ස් එකක් ඇදුනා දන්කොටුව පැත්තේ.. එයා බලා ගත්ත ගැනු කෙනා වයසයි.. මැරෙද්දි දෙපල ඔක්කොම මේකිගේ නමට ලියුවා.. පට්ට කියන්නේ මිදිවතුම අක්කර ගානක් තිබුනා
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    menna true situations machn.. dnt waste ur valuable time n money upon unrealistic ITALIAN dreamz :) it wont work machn..

    E salli walin monawahari hoda course 1k karapalla.. dan onitharam pvt uni thyenne. karala hoda job 1k karapn :)