ඉතා අනුවේදනීය කතාවක්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඉතා අනුවේදනීය කතාවක්

    මචං මම මේ news එක මුලින්ම දැක්කේ nethgossip එකේ තිබිලයි. මේකේ තිබ්බ විස්තරේ කියවලා මට ඇඩුනා බං. මම මුලින්ම හිතුවේ මේක බොරුවක් කියලා. එත් world news sites වලත් මේක තියෙනවා බං. සල්ලි නැති කමින් දෙමවුපියන් සහ අහිංසක කිරි සප්පයන් විදවන හැටි සහ සංසාරේ භයානකකම හොදටම හිතට වදින කතාවක් තමයි මේ තියෙන්නේ.

    තැලසීමියා රෝගයෙන් පෙළෙන තම දෙහැවිරිදි සිඟිති දියණියට තව දුරටත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති ගොවියෙක් ඇය වෙනුවෙන් සුසානයක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින බවට පුවතක් චීනයෙන් වාර්තා වනවා.

    චීනයේ සිචුආන් පළාතේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වන සැන්ග්-ලියොන් නම් මේ පියා තමා සන්තකයේ තිබූ සියලු දේපොළ මුදල් කර දුවට ප්‍රතිකාර කර ඇති අතර, අනතුරුව හිතවතුන්ගේ උපකාර මුදලින් මේ වන තුරු බෙහෙත් ඖෂධ මිලදී ගෙන තිබෙනවා.

    තැලසීමියා ප්‍රතිකාර වෙනුවෙන් ගතවූ වසර දෙකට ඔහු වියදම් කර ඇති මුදල පවුම් එකොළොස්දාහක්.

    නමුත් තව දුරටත් බෙහෙත් සඳහා වන මුදල ඉල්ලා ගැනීමට කිසිවකු නොමැති නිසා තමාට වෙනත් විසඳුමක් නොමැති බැවින් දියණියට සුසානයක් තනා මරණය එනතුරු බලා සිටින බවයි ඔහු බිඳුණු හදවතින් සඳහන් කර ඇත්තේ

    “ඇය ළඟදීම දවසක මෙතැනට එනවා. ඇයව මෙතැනට හුරු කරන්නට මම දැන් නිතර මෙතැනට ඇවිත් ඇය සමඟ සෙල්ලම් කරමින් ඉන්නවා. එවිට මම නැතත් මෙතැන තනිවම නිදන්නට ඇය හුරු වේවි. එදාට දුවට මම නැතත් පාලුවක් දැනෙන එකක් නැහැ.” සැන්ග්-ලියොන් කඳුළු පිරි දෙනෙත් සඟවාගනිමින් කියා සිටියා.


    19601064_1431916806847370_3343098172084564648_n%20(1).jpg


    මේ කතාවේ youtube video එක බැලුවාම ඕනෑම ගල් හිතක් තියෙන එකෙක්ගේ වුනත් ඇහැට කඳුළු එනවා මචං. මේ තියෙන්නේ ඒ video link එක.

    https://www.youtube.com/watch?v=WFkg025B4hE
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    එච්චර දියුනු රටවල් වලත් තත්වෙ මේකයි