ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Oyage amma ethekota poornige scene eke dannewade?:baffled:...Oya a kale awulen hitiye kiyela ammata meter kiwwa neda?
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කොටස් පහක් එක හුස්මට කියෙව්වා.
    කතාව නම් පට්ට.
    අවසන් කොටස දෙනකම් බලන් ඉන්නවා.
    ඔබට ජය!
    :):):)බොහෝම ස්තූතී මචන්. අන්තිම කොටස් දෙකක් තියනවා.

    :sorry::sorry:
    :D:D
    :love::cool::sorry:
    All in One!!!
    rep+
    :D:D
    ඉවර කරනවා කිව්වට ඉතිං තව ටිකක් ලියනවා නම් අපි කැමතී මල්ලි. හැබැයි ඔයාට ඉවර කරන්නත් හේතුවක් ඇතිනේ ඒ නිසා ඒකට අනවශ්‍ය බලපෑමක් කරන්න අපිට බෑනේ ඉතිං. කොහොම උනත් මේ ලියපු කතාව එලකිරි ඉතිහාසයේ හැමදාම රැදිලා තියන එකක් වෙයි. :love:

    :):):)බොහෝම ස්තූතී අයියේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    boy%2Bhugging%2Bgirl%2Bhugging%2Bboy%2Bhug%2Bday%2Bshayri.jpg

    පුන්සඳ පසුපස මුවා වෙලා
    රෑ අහසේ මුළු ලොවට හොරා
    මගේ හද මඩලට එළිය අරන්
    හීන් සැරේ නුඹ ඇවිදින්...

    තරු ගොමු වැල් වල වැතිරිලා
    සීතල සුළඟේ දිගා වෙලා
    මගේ හද අරණට සුවඳ වෙමින්
    හීන් සැරේ නුඹ ඇවිදින්
    මටත් හොරා නුඹ ඇවිදින්...

    සැඩ ගං ඉවුරෙන් එගොඩ වෙලා
    තහංචි වැට කො‍ටු පන්නාලා
    මගේ හද මඩලේ දොර‍ටු ඇරන්
    හීන් සැරේ නුඹ ඇවිදින්
    මටත් හොරා නුඹ ඇවිදින්...

    :):):)බොහෝම ස්තූතී මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Onna wada iwara wela nidaganna kalin kohomahari awith ube katawa kiyewwa.Niyamai machan katawa me wage athdakimak labannath uba hena wasanawanthai:baffled::baffled:
    ube writing style ekath supiri kollo
    :cool::cool:

    :):):)බොහෝම ස්තූතී මචන්. කමෙන්ට් එක ලොකු ශක්තියක්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔයාව අදුනන්නේ නැති උනත් මේ කතාව කියවද්දී තේරෙන්නවා ඔයා කොයි තරම් හොද කෙනෙක්ද කියල.
    ඔයාගේ හිත හොදයි, කාගේවත් හිත රිද්දන්න කැමති නෑ, පලිගන්න හිතන්නෙවත් නෑ. ඔයාගේ හිත පිරිසිදුයි. එහෙම අය අඩුයි මේ කාලේ.
    අනික ඔයාගේ උත්සාහය, කැපවීම මේ කාලේ ගොඩක් අය ලග අඩුයි.
    ඔයාව මේ විදිහේ හොද කෙනෙක් විදිහට හදපු අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න ඕනේ.

    කතාව ඉවර වෙන්න ලගයි කියල දැනෙද්දී දුකයි.
    වෙන කතාවක් හරි ලියන්න බලමු.
    ඊලග එකත් ඉක්මනින් දාන්න.​

    :):):)බොහෝම ස්තූතී මාව අගය කිරීමට. ඒ වගේම හිත හදනවට පිං.
    වෙන කතාවක් නම් මට ලියන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ලිව්වත් ලස්සන වෙන එකක් නෑ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ තබා ගනිමු තරමින් වියතක්... :love:

    හඳ පානේ මද අදුරේ...
    අත් පටලා යමු ආයේ...
    අත් පටලා යමු ආයේ ...

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී.. :love:
    මා මගෙ හෙවනැල්ලෙන් මිදී... :love:
    අවුදින් හෙමින් රහසින් මුමුනා ... :love:

    හද පානේ මද අදුරේ
    හද පානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ

    හිරකර හසරෑල්ලෙන් හැඩුම්... :love:
    අපි හිනැහෙමු අපි සපුරා පැතුම්... :love:
    මතු ආත්මයෙ හමුවන පැතුමින්.. :love:
    යමු වෙන් වී හිමිදිරියේ... :love:

    හද පානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ..

    :):):)බොහෝම ස්තූතී මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ෆේක් තමා තරහ වෙන්න එපා. මගෙ කලින් එකවුන්ට් එක ඇඩ්මින් තුමා බෑන් කරල දාලද කොහෙද. කමක් නෑ.

    මම මේ කතා සෙට් එකම කියවගෙන ආවා. උබ සුපිරියට ලියල තියෙනව මචන්. කියවන්න ආසයි. නම් ගම් මනඃකල්පිතව හරි මේ කතාව ලියන එක වටිනවා. උඹේ ව්‍යාකරන වැරදි හදාගනින්

    අවංක ආදරයක් ප්‍රකාශ කරන්න කොච්චර අමාරුද කියල උබ කියල තියෙනව මම දැක්කා. ඒ කතාව සහතික ඇත්ත බන්. මගෙ හිතෙත් කෙල්ලෙක් ගැන අවංක ආදරයක් ඇති වුණා. මම දහස් වාරයක් ෆෝන් එක අතට අරන් ඇති අදනම් කියනවමයි කියල. දහස් වරක් ලෑස්ති වෙලා ඇති අද නම් මූනටම කියනව කියලා.එකම දවසකවත් කියාගන්න මට ගටක් නැති වුනානේ. අන්තිමට අපි ගිය ක්ලාස් එක ඉවර වුනා මට කියාගන්න බැරි වුනා. අන්තිම දවසෙ කියනවමයි කියල ලෑස්ති වෙලා ගියෙ. එදත් මගෙ හයිය නැති හිත මට කියන්න ඉඩ දුන්නෙම නෑ. එදා මම ජීවිතේ පලවෙනි වතාවත තනියම බිව්වා. දෙයියන්ගෙ පිහිටෙන් ඒක පුරුද්දකට නොයා නැවතුනේ.

    when_i_guy_calls_you-40939.jpg

    පුදුම කණගාටුවක් තිබුනෙ බන් ඒක ගැන. ශික්. අදටත් මතක් වෙනකොට වාවන්නෙ නෑ. මම හොයපු විදියෙම හිතක්. මම හොයපු විදියෙම හදවතක්. එහෙම වෙනකොට මූන ලස්සන නැති වුනත් ලස්සන වෙලා පේනවා. මමත් ඒ දවස් වල රෑ නිදි නැතුව එයා ගැන හිතපු විදිය මතක් වුනා බන්. සනත් නන්දසිරි මහත්මයගෙ "ඔබට වසඟ වූ දෑසක අබිමන්" කියන ගීතය මම නිතර දෙවේලෙ ඇහුවා. මිල්ටන්ගෙ ක්ලැරන්ස්ගෙ ආදර ගීත දවස තිස්සෙම ඇහුවා. පුදුම ලස්සන කාලයක්. අමුතුම හැඟීමක්

    මම අදටත් මේ සින්දුව අහන්නෙ නෑ. මේකෙ දාන්න ඕනකමට මේ සර්ච් කරල දැම්මෙ. මේක ඇහෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ

    බරපතලම දේ වුනේ පහුගිය දාක. මම රාජගිරියෙ ඉඳන් මාළඹේට එනකොට බත්තරමුල්ලෙ මැක්ඩොනල්ඩ්ස් එක ගාව බස් හෝල්ට් එකේ මෙයා ඉන්නවා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා. උබ නම් එක ආදරේකින් පැරදුන නිසා ඕන දෙයක් කියල හිත හදන් හිටියා. මට ඇතිවුන පලවෙනි ආදරේ, කවදාවත් අමතක කරන්න බැරි පලවෙනි ආදරේ අරෙහෙම ඉන්නවා දැක්කාම මට ඇතිවුන හැඟීම උබට හිතාගන්න පුලුවන් ඇති

    උබේ අර වැඩපොලේ කෙල්ල වගේම මේ පහුගිය කාලෙ මගෙනුත් කෙල්ලෙක් ඇහුවා. මම එකෙන්ම බෑ කිව්වා.
    මගෙ කතවම තමා මතක් වුනේ මේක බලද්දි. උබේ කතාව සුඛාන්තයක්. මගේ කතාව ශෝකාන්තයක් :(

    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
    ෆේක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කරන වැඩ අනුව මචන්. උඹ මේ හොද දේකට හදාගන ආපු එකව්න්ට් එක කවදාවත් ෆේක් නෙවෙයි. හැම එකව්න්ට් එකක් පිටිපස්සෙම ඉන්නේ මනුස්සයෙක්. ඒ එකව්න්ට් එකෙන් ඇවිල්ලා කරන දේ තමයි වැදගත්.

    හ්ම්... උඹ ගැන හොදට දැනෙනවා බං. හිතට දුකයි. එව්නාට උඹට හරියන කෙනා ලැබුන දාට මොන බාදක තිබුනත් ඒ කෙනා උඹට අයිති වෙනවාම තමයි මචන්. හරියට මට උනා වගේ. කොච්චර නම් අහම්බයකින්ද අපි දෙන්නා හම්බුනේ. වෙන්න තියන දේ කොහොමත් වෙනවා මචන්. තමන්ට අයිති කෙල්ල තමන්ට ලැබෙන එක 75% ම වාසනාව මතම වෙන දෙයක් බං. උඹ බෞද්ධනම් මම කියනවට සතියකට සැරයක් පන්සලට ගිහින් ටිකක් හිටපන්. බෝධියට පැන් කලයක් දාපන් හිතට මාර නිදහසක් ඇති කරගන්න පුලුවන්. බෞද්ධ නෙවෙයි නම් තමන්ගේ ආගමික ස්තානයට ගියත් එහෙම දැනෙයි මම හිතන්නේ.

    අවංකව ආදරය කරන කෙනෙකුට කවදාවත් වරදින්න විදිහක් නෑ මචන්. ඔක්කොම හිතේ අමාරු තුනි වෙලා යයි.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Oyage amma ethekota poornige scene eke dannewade?:baffled:...Oya a kale awulen hitiye kiyela ammata meter kiwwa neda?
    අම්මට දැනේන එපැයි මචන්. මොකද පූර්ණිගේ අම්මටත් දැනුනනේ. හැබැයි අම්මා මගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා නෑ.
    :D:D:D
    ලස්සනට ලියාගෙන ඇවිත් ඉවර වෙනවා කියන කොට දුකයි ඒත් ඉතිං මොනා කරන්නද?.....:oo::oo::oo:
    :sorry::sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    අම්මට දැනේන එපැයි මචන්. මොකද පූර්ණිගේ අම්මටත් දැනුනනේ. හැබැයි අම්මා මගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා නෑ.

    poornige amma oyage ammata wisthere kiwwade danne na....:cool:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    poornige amma oyage ammata wisthere kiwwade danne na....:cool:

    සමහරවිට කියන්න ඇති මොකද අක්කයි නංගිනේ. ඒත් පූර්ණිගේ අම්මටත් තිබුනේ සැකයක් විතරයිනේ. ඒ සැකේට හේතු කාරනා නම් කියන්න ඇති අපේ අම්මත් එක්ක.
     
    ahawal ekaa

    Member
    Nov 13, 2016
    4
    1
    0
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
    ෆේක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කරන වැඩ අනුව මචන්. උඹ මේ හොද දේකට හදාගන ආපු එකව්න්ට් එක කවදාවත් ෆේක් නෙවෙයි. හැම එකව්න්ට් එකක් පිටිපස්සෙම ඉන්නේ මනුස්සයෙක්. ඒ එකව්න්ට් එකෙන් ඇවිල්ලා කරන දේ තමයි වැදගත්.

    හ්ම්... උඹ ගැන හොදට දැනෙනවා බං. හිතට දුකයි. එව්නාට උඹට හරියන කෙනා ලැබුන දාට මොන බාදක තිබුනත් ඒ කෙනා උඹට අයිති වෙනවාම තමයි මචන්. හරියට මට උනා වගේ. කොච්චර නම් අහම්බයකින්ද අපි දෙන්නා හම්බුනේ. වෙන්න තියන දේ කොහොමත් වෙනවා මචන්. තමන්ට අයිති කෙල්ල තමන්ට ලැබෙන එක 75% ම වාසනාව මතම වෙන දෙයක් බං. උඹ බෞද්ධනම් මම කියනවට සතියකට සැරයක් පන්සලට ගිහින් ටිකක් හිටපන්. බෝධියට පැන් කලයක් දාපන් හිතට මාර නිදහසක් ඇති කරගන්න පුලුවන්. බෞද්ධ නෙවෙයි නම් තමන්ගේ ආගමික ස්තානයට ගියත් එහෙම දැනෙයි මම හිතන්නේ.

    අවංකව ආදරය කරන කෙනෙකුට කවදාවත් වරදින්න විදිහක් නෑ මචන්. ඔක්කොම හිතේ අමාරු තුනි වෙලා යයි.

    මන්දා මචන් මගෙ රිනාත්මක බවද මේක කියලා. හැමදේම වෙන්නෙ හොඳට කිව්වට මේක නම් එහෙම නෙවෙයි. "මගෙ පෙම්වතිය මෙන්න මේ ආකාරයේ විය යුතුය" කියල මගෙ හිතේ තිබ්බ ඉමේජ් එකට මේ ගෑනු ළමයා 99%ක්ම මැච් වුනා. අවුරුදු දෙකක් විතර ගිහිල්ලත් මට අදටත් අමතක කරන්න බැරි ඒකයි. පන්සල් පැත්තෙ යන්න ඕනෙ මචන්. ඒ වගේ කෙල්ලෙක් නම් කොහෙන්වත් හොයාගන්න ලැබෙන්නෙ නෑ ආයි. ඒක ඉර හඳ වගේ..

    හැමදේම හරි යයි මචන්. දුක සදා කාලික නෑ. මාත් අව්රුදු ගානක් දුක් වින්දනේ ඉතිං. අත්දැකිමෙන් කියන්නේ උඹට හොද කාලයක් එනවාමයි බං.
     
    Status
    Not open for further replies.