ප්‍රේමණීය ව්‍යසනයන්ගෙන් හෙම්බත් වූ සිත්
අදත් ඉඳ හිට අතීතයේ සිත මත
පෑරුණු කඩතොලු අරා ඇදගන්නා
වේදනාත්මක සුසුමකින් ලය සනසා ගනී
ජීවිතයේ වසන්ත සමයෙහි
එක් මොහොතක් නෑර තමන්ගේ වූ සිතක්
සදහටම යලි නේන දෙසකට
ඇවිද යන්නට සැරසේ නම්
කදුලු නොසලා එම වෙන්වීම දරා ගැනීමට කිසිවෙකුට නොහැකියි
ආදරණීයන් සමීපව ගැවසුනු අවකාශය
හිස් වී යන්නා සේ ම
ඔවුන් ගිය පසුව ඇතමුන්ගේ ජීවිතය ද හිස් වී යයි
කවදාම හෝ කියන්නා වූ නො ආ දවසක් ගැන
ඔවුන් බලාපොරොත්තු තබා බලා සිටියි
ඇතමුන්ගේ ඇතැම් හමුවීම් සිදුවන්නේ
අවසාන වරටයි
එබැව් දැන දැනත් ඇතමුන් එවරද සුපුරුදු ප්රේමයෙහිම බැඳෙයි
ඉතිං ප්‍රේමිය හෘදයාංගම සුභ පැතුම් සමගින්
ඔබ නික්ම යාමට පෙර
ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
තවත් එක් වරක්
හමු විය යුතු නොවේද?
(උපුටා ගැනීමකි.)
අදත් ඉඳ හිට අතීතයේ සිත මත
පෑරුණු කඩතොලු අරා ඇදගන්නා
වේදනාත්මක සුසුමකින් ලය සනසා ගනී
ජීවිතයේ වසන්ත සමයෙහි
එක් මොහොතක් නෑර තමන්ගේ වූ සිතක්
සදහටම යලි නේන දෙසකට
ඇවිද යන්නට සැරසේ නම්
කදුලු නොසලා එම වෙන්වීම දරා ගැනීමට කිසිවෙකුට නොහැකියි
ආදරණීයන් සමීපව ගැවසුනු අවකාශය
හිස් වී යන්නා සේ ම
ඔවුන් ගිය පසුව ඇතමුන්ගේ ජීවිතය ද හිස් වී යයි
කවදාම හෝ කියන්නා වූ නො ආ දවසක් ගැන
ඔවුන් බලාපොරොත්තු තබා බලා සිටියි
ඇතමුන්ගේ ඇතැම් හමුවීම් සිදුවන්නේ
අවසාන වරටයි
එබැව් දැන දැනත් ඇතමුන් එවරද සුපුරුදු ප්රේමයෙහිම බැඳෙයි
ඉතිං ප්‍රේමිය හෘදයාංගම සුභ පැතුම් සමගින්
ඔබ නික්ම යාමට පෙර
ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
තවත් එක් වරක්
හමු විය යුතු නොවේද?
(උපුටා ගැනීමකි.)
