ඉතිං ප්‍රේමිය

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ප්‍රේමණීය ව්‍යසනයන්ගෙන් හෙම්බත් වූ සිත්
    අදත් ඉඳ හිට අතීතයේ සිත මත
    පෑරුණු කඩතොලු අරා ඇදගන්නා
    වේදනාත්මක සුසුමකින් ලය සනසා ගනී

    ජීවිතයේ වසන්ත සමයෙහි
    එක් මොහොතක් නෑර තමන්ගේ වූ සිතක්
    සදහටම යලි නේන දෙසකට
    ඇවිද යන්නට සැරසේ නම්
    කදුලු නොසලා එම වෙන්වීම දරා ගැනීමට කිසිවෙකුට නොහැකියි

    ආදරණීයන් සමීපව ගැවසුනු අවකාශය
    හිස් වී යන්නා සේ ම
    ඔවුන් ගිය පසුව ඇතමුන්ගේ ජීවිතය ද හිස් වී යයි

    කවදාම හෝ කියන්නා වූ නො ආ දවසක් ගැන
    ඔවුන් බලාපොරොත්තු තබා බලා සිටියි

    ඇතමුන්ගේ ඇතැම් හමුවීම් සිදුවන්නේ
    අවසාන වරටයි
    එබැව් දැන දැනත් ඇතමුන් එවරද සුපුරුදු ප්‍රේමයෙහිම බැඳෙයි

    ඉතිං ප්‍රේමිය හෘදයාංගම සුභ පැතුම් සමගින්
    ඔබ නික්ම යාමට පෙර
    ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
    තවත් එක් වරක්

    හමු විය යුතු නොවේද?

    (උපුටා ගැනීමකි.)
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඉතිං ප්‍රේමිය හෘදයාංගම සුභ පැතුම් සමගින්
    ඔබ නික්ම යාමට පෙර
    ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
    තවත් එක් වරක්
    හමු විය යුතු නොවේද?

    Meca ciyanda gihin thama mage backup cellata mala penne lol
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඉතිං ප්‍රේමිය හෘදයාංගම සුභ පැතුම් සමගින්
    ඔබ නික්ම යාමට පෙර
    ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
    තවත් එක් වරක්
    හමු විය යුතු නොවේද?

    Meca ciyanda gihin thama mage backup cellata mala penne lol

    ඒ මොකද සහෘදය?