ඉතින් කෝවලන් ...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
කෝවලන් කියන්නේ ඇගේ දෙමළ පෙම්වතාගේ නම...


දුවිලි සුළඟ ඇවිත් ඇස්දෙක පිරෙනවා.. කෙවෙන නෙත් කෙවෙනි පිසදාගෙන මම ඉස්සරහ තියන බෝඩ් එක දිහා බැලුවා . පේසාලේ ....... මා රැගත් වාහනය පේසාලේ හන්දිය පහු කරන් මන්නාරම නගරය දිහාට හැල්මේ එනවා. මම ඇස්දෙක පියාගත්තා .
මනසින් අවුරුදු විස්සක් විතර අතීතයට ගියා. රශ්මි සංගීතාගේ සෝබර හඬ මගේ දෙසවනේ දෝංකාර දෙනවා

මන්නාරම් කන්‍යාරාමය ඇරිලා
වැලිපාරේ මං ආවා
පේසාලෙයි හන්දිය ළග
කනේරු මල් ගහ පාමුල
ඔබ පර වී වැටිලා
පපුවෙන් ලේ ගැලූවා

ඔබ නැතිව ගියේ මට ම යි
මේ රටට නොවෙයි
මහපොළොවට මිස මිනිස්කමට

පෙම්නොකරන රටට නොවෙයි
නැගිටින්න එපා නැගිට කොහේ යන්න ද අපි
ඉතිං කෝවලන්

ගිනි ගන්න රටක් නෑ රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින ම
පස් කදු වැඩි වෙයි
නැගිටින්න එපා නැගිට කොහේ යන්නද අපි
ඉතිං කෝවලන්

මේ ගීතය මුලින්ම අහද්දී පුංචි එකෙක් වෙච්ච මන්නාරම හිතේ මව ගන්න උත්සාහ කරා. මන්නාරම කියන්නේ ලංකාවේ වයඹ දිග මුහුදේ කරාඹු නැට්ටක් වගේ තියන දුපත කියල මම දැනන් හිටිය තමයි... එත් මගේ ජීවිතේදී හැබැහින් මන්නාරමට යන්න පුළුවන් වෙයි කියල මම හිතුවේ නැහැ.
පුංචි කාලේ මේ සීනුව ඇහෙනකොට මට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි මේ කනේරු ගහ රෝස පාට මල් පිපෙන එකක්ද නැත්නම් කහ පාට මල් පිපෙන එකක්ද කියන එක . ප්‍රේමසිරි කේමදාසයන්ගේ හද කකියවන සංගීතය ඇහුනට පස්සේ මම හිතුව එක රෝස පාට මල් පිපෙන එකක් කියල.
මම වර්තමානයට ඇවිත් ඇස් ඇරලා බැලුව. පේසාලේ හන්දිය නම් තියනවා. එත් කොයි කනේරු මල් ගහ.කෝ පපුවෙන් ගලපු ලේ. කාස්ටක අව්වට සාප නොකර පුංචි මල් දෙකක් විතරක් පාර අද්දර කටු පඳුරක පිපිලා තිබුන. ගිනියම් පාරදිගේ කකා බූරුවෝ රංචුවක් මේ පැත්තට එනවා. මල් පඳුරට දෙයියන්ගේම පිහිටයි.

දෙමළ සංස්කෘතිය ,යුද්ධය , මන්නාරම තේමා කරගන ගොඩක් ගීත ලියවුනා තමයි. නමුත් ඉහත ගීතය අහද්දී පපුව පුරාවට හීන් රිදුමක් දැනෙනවා.
ප්‍රේමකීර්ති ලියපු ෆ්‍රෙඩි සිල්වා කියපු මන්නාරම් පිටිවැල්ලේ......මදටිය වැල් ඔන්චිල්ලේ...........ගීතයවත්, අමරසිරි පීරිස් ගේ මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපැගෙන්න .......ගීතයවත් ඇහුවට එහෙම පපුව රිදෙන්නේ නැහැ.
ඔබ අහිමි උනේ මට විතරමයි.....වෙන කාටවත් නෙමේ,,,පොළොවේ අයිතියට ලොබ බඳින උන්ට නෙමේ..... නැගිටින්න එපා අපිට යන්න තැනක් නැහැ. ඔබනම් මෙයින් ගැලවුනා......එත් මම.

පුංචි කාලේ මම මනසින් දැකපු පෙසාලේම තමයි. එත් ඇය කෝ. පපුව පසාරු කරගෙන ගිය මළකඳක් බදාගෙන අඬන ඇය . මම හිතුවේ සුදු ගවුම ලේ වලින් පෙගිල ඇති කියල. එත් කන්‍යාරාමයේ ළමයි අඳින්නේ නිල්පාට ඇඳුමක්......
හැබෑ ලෝකෙට වඩා සිහින ලෝකේ කොච්චර ලස්සනද.....

මටත් නොදැනීම වාහනය මන්නාරම රෝහල් ගේට්ටුව ළඟටම ඇවිත්......මන්නාරම හීනෙන්වත් දකින්න බලාපොරොත්තුවක් නැති.....රතුපාට ආකහේ යට රෝස පාට කනේරු ගහක එක මලක් පරවෙලා වැටෙනවා මනෝ ලෝකයේ දුටු......මම
...................
.....................ඉතින් කෝවලන්
 
  • Like
Reactions: sat_12 and toiya

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හදවටම වදිනව. දැන් ඉන්න අය අහලවත් තියෙනවද දන්නෙ නැහැ.