ඉතින් සමුගනිමි Ithin Smuganimi

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
බෝමන් අපට ඉන්න එලමකිරි කවියා කියන එක අතිශයෝක්තියක් නෙවෙයි. ඒ ගැන කවුරුවත් මා එක්ක ගහගන්න එන එකක් නැති වෙයි. මම මුලින් මේක බලපු වතාවෙ හෙන රවුමක් යන්න වුණා. දැන් නම් එක පාරින් තේරුණා මොකද මාත් අද ෂොට් එකක් දාලයි ඉන්නේ:lol::lol:.

මහා ගැඹුරක් මවන අපිව අපේ හිත ඇතුලෙම සංචාරය කරවන නිර්මාණයක් මේක. හරියට භාවනාවක් වගේ. නිදහස් තැනකට ගියා වගේ නොකැලඹුණ නිස්කලංක මානසිකත්වයෙන් මේක කියෙව්වොත් විතරයි නියම තේරුම දැණෙන්නේ.

:yes: කියන්න තරම් දෙයක් ඉතුරු කරප නැහැ
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>

මාර හයියක් ගැම්මක් හිතට ආව කමෙන්ට් එක කියවල. බොහොම ස්තූතියි:)
මම ඔයා සම්පත් රවි නිකිණි ඇතුලු හුගක් අය එළමකිරි කවීන් තමයි. ඔයාගෙ ඒ අයගෙ සමහර නිර්මාණ තියනව අනේ මේක මම ලිවුවනම් කියල මට හිතෙන. අන්න එහෙම දේවල් කරන්න තියෙන නොසන්සිදෙන ආසාව තමයි අපිව තව ඉස්සරහට ගෙනියන්නෙ කියලයි මට හිතෙන්නෙ Free.අනිත් එක තමයි මෙතන අයගෙ තියෙන සහෝදරත්වය ඒකත් කවියක් වගේම සුන්දරයි:)

මමත් කවිය ටිකක් තව එළිපෙහෙලි කරල දාන්නයි උන්නෙ ඒත් පොඩ්ඩක් මත් වෙලා හිටපු වෙලාවෙ කියවුවහම හිතුනා වරදක් නැහැ කියල දෙපාරක් හිතන්නෙ නැතිවම දැම්මා(මාත්රැකාවෙ අකුරකුත් අඩු උනා හැබැයි:lol: )
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
:yes: කියන්න තරම් දෙයක් ඉතුරු කරප නැහැ
උඹ දවසක් කියුව වගේ අපි අපිනෙ මචන්;)
දැන් උඹ මගේ flickr ලින්ක් එක උඹේ සිගි එක ගටින් දාගෙන ඉන්නෙ
මේ සුහදතාවය හැමදාම තියෙන්න ඕනෙ මචන් අපි අතර:) වෙන මොන සයිට් එකකද බන් දෙතුන් දෙනා එකතු වෙලා එක කවියක් ලියන්නෙ:) :)
දවසක ලියමු එළකිරි හැමකෙනාම පදය පදය ලියල හදපු කවක්
 
බෝ ගේ මේ කවිය ආයෙමත් බලද්දිත් මට බෝමන්ගෙ නිදහස ගැන ඉරිසියා හිතෙනව. :lol::lol::lol:

මේ කියන පුද්ගලයා නැවත එන්නෙ එයා තුලින් එලියක් දුටුවාම, ඒ කියන්නේ එයා ජීවිතාවබෝධය ලැබුවාමයි. ඒක එයා කරන පැතුමක් වගේ. ජීවිතාවබෝධය ලැබුවට පස්සෙ එයා තීරණය කරනව දැන් කල යුතු හොඳම දේ මිනිසුන්ටත් ජීවිතාවබෝධය ලබා දීමයි කියල. හරියට බුදුන් කලා වගේ.
 
maleemsg

:yes: :yes: ඇත්ත*ටම බෝධි සත්ව සිතුව්ල්ලක් වගේ දැනෙන්නේ...!:yes: :yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:

ඔව් ඒක ඇත්ත මචෝ මේක කවද හරි ලංකාව පුරා ,ලොකෙ පුරා ඉන්න ලාංකිකයන්ගෙ මහ ගෙදර වෙයි...එදාට අපි ඔක්කොම ලියමු එක ලස්සන කවියක් ....පදේපදේ බැරි නම් වචනෙ වචනෙ හරි ලියමු එක හිතින්:yes: :yes: සිගිය ගැන කථා එපා මොකෝ ගරු කළ යුත්තන් ගරු කරන්න අම්ම පොඩ් කාලෙ කියල දුන්න...අපි අපිම උනාට මේක නිසා ටිකක් විතර තව අපි අපිම තුළ දියුණු උනා කියලත් හිතෙනව....තරගයෙන් තොර කැපවීමක් කරන්න තරම් ඒ මිතු දම් බැදිල.....:yes: ඔව් මේව සදා කාලික වෙන්න ඔනෙ ...ඒ ගැන හිතද්දිත් එන්නෙ බොම සතුටක් තමා
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
බෝ ගේ මේ කවිය ආයෙමත් බලද්දිත් මට බෝමන්ගෙ නිදහස ගැන ඉරිසියා හිතෙනව. :lol::lol::lol:

මේ කියන පුද්ගලයා නැවත එන්නෙ එයා තුලින් එලියක් දුටුවාම, ඒ කියන්නේ එයා ජීවිතාවබෝධය ලැබුවාමයි. ඒක එයා කරන පැතුමක් වගේ. ජීවිතාවබෝධය ලැබුවට පස්සෙ එයා තීරණය කරනව දැන් කල යුතු හොඳම දේ මිනිසුන්ටත් ජීවිතාවබෝධය ලබා දීමයි කියල. හරියට බුදුන් කලා වගේ.

බොගෙ කවි තේරුම් ගන්න තරම් සරල නෑ....නමුත් තේරුම් ගත්තොත් තාවකාලික enlightenment ලැබුව වගේ තමා:D
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
අඩේ!! ඔච්චර වර්ණනා කරන්න එපා යකුනේ:angry: මට ලැජ්ජත් හිතෙනවා උඹලගෙ කමෙන්ට්ස් දැකල:rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
අඩේ!! ඔච්චර වර්ණනා කරන්න එපා යකුනේ:angry: මට ලැජ්ජත් හිතෙනවා උඹලගෙ කමෙන්ට්ස් දැකල:rofl:

බසිනු මැනව් හාරගෙන වලක් පොළවට
ලැබෙන තරමට තටු ඹබට
හැගේවි සතුට ස්ථායි බවේ රහස
ඉගිලෙන විහගුන්ට මග කියනු පිනිස

:rofl: :rofl: :rofl:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
බසිනු මැනව් හාරගෙන වලක් පොළවට
ලැබෙන තරමට තටු ඹබට
හැගේවි සතුට ස්ථායි බවේ රහස
ඉගිලෙන විහගුන්ට මග කියනු පිනිස

:rofl: :rofl: :rofl:
යහපති යහපති:lol:
මගෙ අම්මෝ කට්ටිය දියුණු වෙලා තියන තරම:shocked:
හෙන ගේමක් දීලයි උඹ*දැන් දාපු කවිය තේරුම් ගත්තෙ
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
යහපති යහපති:lol:
මගෙ අම්මෝ කට්ටිය දියුණු වෙලා තියන තරම:shocked:
හෙන ගේමක් දීලයි උඹ*දැන් දාපු කවිය තේරුම් ගත්තෙ

හිහී අපි දැන් advance:rofl: :rofl:

නිකන් අහසෙන් වගේ ආව උඹේ comment එක දැකපු ගමන්
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
බෝ ගේ මේ කවිය ආයෙමත් බලද්දිත් මට බෝමන්ගෙ නිදහස ගැන ඉරිසියා හිතෙනව. :lol::lol::lol:

මේ කියන පුද්ගලයා නැවත එන්නෙ එයා තුලින් එලියක් දුටුවාම, ඒ කියන්නේ එයා ජීවිතාවබෝධය ලැබුවාමයි. ඒක එයා කරන පැතුමක් වගේ. ජීවිතාවබෝධය ලැබුවට පස්සෙ එයා තීරණය කරනව දැන් කල යුතු හොඳම දේ මිනිසුන්ටත් ජීවිතාවබෝධය ලබා දීමයි කියල. හරියට බුදුන් කලා වගේ.
හරියට තේරුම් අරන් තියනව ෆ්රී මේකෙ අදහස:D
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:yes: :yes: ඇත්ත*ටම බෝධි සත්ව සිතුව්ල්ලක් වගේ දැනෙන්නේ...!:yes: :yes:
ඔව් නංගි එහෙම පුද්ගලයෙක්ට පහල වන සිතුවිල්ලක් ගැන හිතල තමයි ලියුවෙ
සමාජය සහ ලවුකික බැදීම් පෙන්නන්ට තමයි ඒ පුද්ගලයගෙ අනිත් සගයෙක්ව කවියට ඇතුලු කලේ
:)
 
Originally Posted by Boman
යහපති යහපති:lol:
මගෙ අම්මෝ කට්ටිය දියුණු වෙලා තියන තරම:shocked:
හෙන ගේමක් දීලයි උඹ*දැන් දාපු කවිය තේරුම් ගත්තෙ

උඹ බබා....:lol::lol::lol:

ඹයාගෙ නමේ තේරුම Bona + Man = Boman ද?
:lol::lol::lol:
 
Last edited: