ඉදල්ගස්හින්න, උඩරට දුම්රිය මාර්ගයේ තිබෙන
පට්ටිපොල ඉදන් හපුතලේට පයින් රේල් පාර දිගේ ගිය ගමනේ අපිට හමුඋන විශේෂ දුම්රිය ස්ථානයක් ගැන පොඩි සටහනක්...
ඉදල්ගස්හින්න, උඩරට දුම්රිය මාර්ගයේ තිබෙන ලස්සනම දුම්රිය නැවතුමක්. මරදානේ සිට ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 239 ක් ගිය තැනදී තමයි අපිට මේ සුන්දර ස්ථානය හමුවන්නේ...
හපුතලේ - නමුණුකුල කදු මුදුනක පටු නෙරුවක මුහුදු මට්ටමේ සිට 1665 m උසකින් පිහිටි මෙම ස්ථානය නිරන්තර වැස්සෙන්, පින්නෙන්, මීදුමෙන් වගේම හිරු එළියෙන් පහස ලබන අපූරු තැනක්. විශේෂත්වය වෙන්නේ දවසේ ඉතා කෙටි කාල සීමාවක් තුල සොබාදහමේ මේ අපූරු සංසිද්දීන් කිපයටම මුහුණ දීමේ හැකියාවයි.
1880 දශකයේ දී ඉදිකරන් ලද දුම්රිය ස්ථානයේ එක පසෙකින් බැලූ විට ලංකාවේ දකුණු දිග් භාගයේ බලන්ගොඩ, ඇබිලිපිටිය, සෙවනගල නගරත්, උඩවලව වනෝද්‍යානය, උඩවලව ජලාශය, චන්ද්‍රිකා වැව සහ බෙලිහුල්ඔය ත්
පැහැදිලි දිනක නම් දකුණු මුහුදු තීරයද දැකගත හැකිය. එමෙන්ම අනෙක් පසින් මනස්කාන්ත කදුකරයත් දැකගත හැකිය.
තවත් එක් විශේෂ කරුණක් නම් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ වහලයට වැටෙන වැහි වතුර ගංගා දෙකකට එකතු වීමයි. එයට හේතුව වලයේ එක පලයක් වලවේ නිම්නයටත් අනෙක පලය මහවැලි නිම්නයටත් යොමුව තිබීමයි.
කුඩා නමුත් සුන්දරත්වයෙන් නොඅඩු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කව්ළුව වෙනත් දුම්රිය ස්ථාන වලදී මෙන් නොව වේදිකාව දෙසින් ඇතුලට වන්නට සාදා ඇත. මුල් කාලයේදී එසේ නොතිබි නමුත් පසුකාලීනව සිදුකල අලුත්වැඩියා නිසා ප්‍රවේශ පත්‍ර කව්ළුව දුම්රිය ස්ථානයේ ඇතුලට පැමිණ තිබේ. එමෙන්ම සුදු පාලන සමයේ දුම්රියේ ගමන් කරන්නන්ට නිකුත් කල මගී දැනුවත් කිරීම් පත්‍රිකා දමන රැදවූමක් ද දැකගත හැකිය. මෙය වර්තමානයේ දුම්රිය ස්ථානයක දැකගත නොහැකි තරම් ය.
ඔහිය සහ ඉන් පසුව එන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතර ලංකාවේ දුම්රිය මාර්ගයක දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටි වැඩිම බින්ගේවල් ප්‍රමාණය
දැකගත් හැක. එනම් 8.5km තුල බින්ගෙවල් 14 කි.
SOURCE මාදව කසුන්ජිත්