හැම එකාම හදන්නේ ඉංජිනේරු. දොස්තර වෙන්න. මුකුත් නැති එකා ත්රිවිල් පදිනවා. ලංකාවට හරියයිද බන් මෙහෙම.
පුළුවන්තරම් තමාගේ සහජ දක්ෂතා සහ කැමැත්ත මත රැකියා තෝරාගන්න. vocational education වලට මිනිස්සු අඩුයි.
මේසන්, වඩු , පයිප්ප. electrical , welders ලා එලියට එන්න ඕනේ. එතකොට තමයි ඒවාට නියම මිල ගණන් හැදිලා වෙන දියුණු රටවල වගේ streamline වෙන්නේ.
අනික අපේ රැකියා පහත කියල සලකනවා.
මම ක්රිකට් මැච් බලනකොට දැක්ක දෙයක් තමයි අර වැස්සට වැහි ආවරණ ගෙන මිනිස්සු. හිගන්නෝ වගේ අන්දලා. සෙරෙප්පු දාගෙන , දවසේ වහල්ලු වගේ පඩියට අරන්.
ඔච්චර ලෝකයක් බලන් ඉන්නවා. බැරිද ඔච්චර සල්ලි තියෙන cricket ආයතනයට. ඒ අයට ලස්සන සපත්තු දාලා වෙන රටවල ground staff වගේ ID එකෙක් එහෙම දීලා ලස්සන යුනිෆෝම් එකක් අන්දන්න. එතකොට ඒ මිනිස්සු අබිමානයෙන් වැඩ කරනවනේ.
View attachment 121406View attachment 121407
බලපන් ඉන්න ගැම්ම .
මේ අපේ උන්. පව්
View attachment 121408
මචං මේවා සුළු දේවල් වගේ පෙනුනට. මේවා අපිට බලපානවා. අපිට නැතත් අපේ ළමයින් ට හරි හොඳ දියුණු ලංකාවක් කොච්චර ඉක්මනට දකින්න විදින්න හැකිවෙයි ද කියලා මේ දෙවල්වට තීරණය කරන්න පුළුවන්. රටේ work force එක අසතුටෙන්නම් අලසනම් රට යන්නේ හිමින්.