ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටය ඇමරිකා&
මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක ලෙස තැනු ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයෙන් ඇමරිකාවට දැඩි කැළලක් ඇතිවු බව ඇමරිකානු ජනාධිපති වරයා විසින් දැන් පිළිගෙන ඇත. ඒ බව පිළිගෙන ඇත්තේ පසුගිය 2012 සැප්තැම්බර් 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ ජගත් මහ සමුළුව ඇමතු අවස්ථාවේදීයි.
ලොව රටවල් රැසක සහභාගීත්වයෙන් මෙවර ඇමරිකාවේදී පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ 67 වන මහ සමුළුවයි. මෙහිදී සමුළුවාරය ඇමතු ඇමරිකානු ජනාධිපති වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ:
ඉස්ලාම් දහමට හෝ නබි නායකතුමන්ට නිගරු කිරීමට කිසිවකුටවත් ඉඩ නොදෙන බවටත්, ලෝක අර්බුද විසඳා ගැනීමට සැවොම එකමුතු වී, අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන ගාන්ධිතුමන්ගේ දර්ශනය අනුගමනය කළ යුතු බවත්ය.
මහත්මා ගාන්ධි විසින් මුහම්මද් නබිතුමාණන් ගැන පවසා ඇති දේ
ඉස්ලාම් දහමටත් නබි නායකතුමන්ටත් අපහාස වන අයුරින් නිර්මාණය කළ ‘ඉනසන්ස් ඔෆ් ද මුස්ලිම්ස්’ නමැති එම චිත‍්‍රපටය ඇමෙරිකා රජයට කැළැලක් බවත් එම චිත‍්‍රපටය හරහා ඇමෙරිකා රජයට නිගරු වූ බවත් ජනපති ඔබාමා අවධාරණය කළේය. එමෙන්ම එම චිත‍්‍රපටයට ඇමෙරිකා රජයේ කිසිදු සම්බන්ධයක් නැති බව ද ජනපති ඔබාමා යළිත් වරක් කියා සිටියේය.
මෙහිදී මෙම මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ සියළුම මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් එකහෙලා ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට ඇමෙරිකානු රජය තරයේ වගබලාගත යුතු බවයි.
ඉස්ලාමයට සහ මුස්ලිම් ලොවට පහරදීමට සැකසු චිත්‍රපටය අවසානයේ ඇමරිකාවටම හිසරදයක්වී එමගින් ලෝක මුස්ලිම් ප්‍රජාව විසින් ඇමරිකාවට තරවටු කරන්නට තරම් දුරදිග යාම ඇත්තටම ඉස්ලාමයට එරෙහි අන්තවාදීන්ගේ නම් නොසතුටට හේතුවක් වන්නට ඉඩ ඇත. කෙසේ නමුදු සත්‍යය කවදා හෝ ජයගන්නා බවට වන සංකල්පය මෙහිදී නැවතත් සනාථ වු බව මුස්ලිම් විචාරකයන්ගේ මතයයි.