උතුරු කොරියා ජනාදිපති මෙන් ඇමරිකාවට සින්හපෝතකයකු සේ අභියෝගකර ජෝ බයිඩන්ගේ පවා සුලුදියර පිටවෙන්න බය බිරාන්තකෙරූ රනිල් මැතිදානෝ නියම අරගලයෙන් උපන් රජිදානෝය
ජනපති අනුමැතිය දෙයි.. චීන නැව හම්බන්තොට එයි.. ඇමරිකා තානාපතිට ජනපතිගෙන් තද පිලිතුරක්…
August 13, 2022 at 10:40 am | lanka C news
‘යුවාන් වැන් 5’ චීන නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ දී ඉන්දියාවට ඇතිවන තර්ජනය කුමක්දැයි ලිඛිතව දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇත.
නමුත් එම ඉල්ලීමට ඉන්දියාව විසින් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.
එම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ දීම සඳහා පසුගියදා රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ජනාධිපතිවරයා ද එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව මෙම නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට ඇතුළු වී එහි නැංගුරම් යාමට නියමිතව තිබේ.
මේ වන විටත් එය අඩාල කරන ලද වේගයකින් හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරමින් ඇත.
මේ අතර එන යාත්‍රාවට ඇතුළුවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය ජනාධිපතිවරයාට සිය කනස්සල්ල පළකර ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන් ලෙසයි.
එමෙන්ම එම පණිවිඩය අඟහරුවාදා දිනයේ විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දීය රාජතාන්ත්‍රිකයන් වෙතද දැනුම් දී ඇත.
මෙම දෙපාර්ශ්වය ම ඒ පිලිබද පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ නොකළ නිසා ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.
මේ අතර මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවද වාර්තා වේ.
හම්බන්තොට වරාය පරිපාලනය හා මෙහෙයුම් කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ චීන සමාගමක් වන නිසා චීන නෞකාව තම සේවා සපයා ගැනීම සඳහා එහි පැමිණීමට විරුද්ධ ව කළ හැකි කටයුතු සීමිත වීම ඊට හේතුවයි.
Last edited: