ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

    *(මේකත් EK Office Fun ත්‍රෙඩ් එකේම දාපු තවත් පුංචි කතාවක්..:P)

    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...:baffled:


    No-Internet-Meme-nofpsw.png
    images


    මේ සිදුවීම උනේ මම රස්සාවට ආව මුල්ම කාලේ... ඒ කියන්නෙ පියන්ටත් "සර්" කියල කියවෙන්න යන, සිකුරුටි අන්කල්ට මහත්තයෝ කියල කියවෙන හෙන ගන්දබ්බ සීසන් එක.. :rofl:

    උදේ පාන්දරම අයි.ටී එකේ දොර ගලෝල යන තරම් වේගෙන් ඇරගෙන, චූටි ඇස් කණ්නාඩි දෙකකුත් හීනි දැම්වැලකින් බෙල්ලෙ එල්ලගෙන, කලිසම පපුවට පොඩ්ඩක් පහලට වෙන්න ඇඳපු ටිකක් විතර වයසින් වැඩි තරබාරු කෙනෙක් ඇවිත්

    "කවුද අද අයි.ටී. එකේ ඉන්නෙ" කියල ඇහැව්වා...

    දත් තිස් දෙකෙන් විසි හතරක් විතර ලාවට
    වගේ පේන හිනාවක් දාගෙන මමත් ඇහැව්වා "මොකද්ද අවුල" කියලා.. ආපු අලුතනේ.. :P

    "ආහ් ඔයා.. අලුතෙන්ද ආවේ..? අනේ මල්ලි, මචන්, පුතේ මේහ්... අන්න අර මල ඉලව්වේ ඉන්ටර්නෙට් එන්නෙ නෑනේ.. පොඩ්ඩක් ඇවිත් බලල මොකක් හරි කරල දීපංකො අනේ.."

    ඈහ්.. :eek:

    හෙන ප්‍රෝෆෙසර් ලුක් එකක් තිබුණ මේ මනුස්සයගෙ කතා විලාසෙ නිසා මාව නිකන් කරකවල අත ඇරල ආයි වට තුන හතරක් කැරකෙව්වා වගේ උනා...:baffled:
    මටත් දැන් හෙන ජාතික ප්‍රස්නයක් මේ යකාට මම මොකක් කියල කතා කරන්නද කියල..? සර් කියනවද, අයියෙ කියනවද, මචන් කියනවද, එහෙම නැත්තන් කට පුරෝල අංකල් කියල කුණුහරුප අහගන්නවද කියල හිතන ගමන්, කුළුඳුල් ට්‍රබල් ශූටින් එකට පිටත් උනා මේ කියන වයසක හාදයත් එක්කම එයා වැඩ කරන මැෂින් එක ලඟට...:confused:

    වර්ඩ් ෆයිල් ගොඩ ගැහුණු ඩෙක්ස්ටොප් එක පුරාම මීයව (Mouse) එක්ක ගිහින් බොහොම අමාරුවෙන් තැඹිලි පාට නරිය ඉන්න අයිකන් එක හොයාගෙන ඩබල් ක්ලික් කරාම, හෝයි ගාල යාහූ මේල් එකක් ඕපන් උනා.. අඩේ මේකෙ ඉන්ටර්නෙට් නියමෙට වැඩනේ...:baffled: මම ඉතින් අර අංකල්, මචන්, අයියට කිව්වා,

    "මේකෙ ඉන්ටර්නෙට් එක හොඳට වැඩ කරනවනේ.. අවුලක් පේන්න නෑනේ.." කියලා..:eek:

    "නෑ නෑ.. මෙහෙම නෙමෙයි... මේ වෙන මොකද්ද හත් ඉලව්වක්නේ එන්නේ.. මට ඕනෙ මේක නෙමෙයි..."

    ඈහ්.. ඒ පාර මොන කෙහෙල් ගෙඩියක්ද මේ යකා මේ කියවන්නේ..:shocked: එක්කො මේ මනුස්සයා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන්ද දන්නෙත් නෑ නෙට් යන්නේ... මම ඉතින් කෝකටත් ආයි ඇහැව්වා,
    "මේ බ්‍රවුසරේ නේද සාමන්‍යෙන් පාචිචි කරන්නෙ.." කියලත්... එතකොට කියපි,

    "ඔව් ඔව්.. මේක මෙන්න මෙහෙම දෙපාරක් ඔබල තමයි මම හැමදාම යන්නේ.. ඒත් අද ඉන්ටර්නෙට් එක හරියට එන්නෙ නෑනේ..." කියලා..

    නයි කයිද රෝස් පාන් කිව්වලු... මේ යකා තියෙන එක ආයි නෑ කියනවනේ...:baffled:

    "හරි හරි... ඉන්න මම මේ ටික ඔක්කොම ක්ලෝස් කරන්නම්... මට චුට්ටක් වෙනද යන විදිහ ආයි පෙන්නනවද..?":yes:

    "දැන් මෙහෙමනේ මචන්, මල්ලී.. ඔයාගෙ නම මොකද්ද කිව්වේ.."(මම මූට නම කිව්වෙත් නෑ..:angry:)

    "මෙන්න මේක දෙපාරක් එබුවාම මෙතන මැද්දෙන් එනව ගූගල් කියලා... අද ඉන්ටර්නෙට් එක නැති නිසා මේ යාහූ ද මොකද්ද !@#$%^&*ක් එනවනේ..."

    8u2b.jpg


    අම්මපා යකෝ මේ යකාගේ !@#$%^&*()_+.........:frown:
    වෙලාවට ඒ කාලෙ චාමරල, සුජීල කරලියේ හිටියෙ නැත්තේ.. නැත්තන් චාමරට කියල පොල්ලකින් ගස්සගෙන සුජීට කියලා... එක්කො ඕනෙ නෑ....:growl:

    පස්සෙයි වැඩේ තේරුණේ..:nerd: බ්‍රවුසරේ හෝම් පේජ් එකට ගූගල් සෙට් කරල තිබුණ එක වෙනස් වෙලා යාහු සර්ච් ඇන්ජිම සෙට් වෙලා...:sorry:වෙනදා ඕපන් කරපු ගමන් පාට පාටින් විරාජමාණ වෙන ගූගල් දෙයියෝ පේන්න නැති උන ගමන් මගේ සේවාදායකයා හිතල තියෙන්නේ ඉන්ටර්නෙට් එක හුටස් වෙලා කියලා... පස්සේ ඉතින් ආයෙත් හෝම් පේජ් එකට ගූගල් දෙයියොන්ට වඩින්න සලස්සල බ්‍රවුසරේ ක්ලෝස් කරල ආයෙ ඕපන් කරල දුන්නාම,

    "ආහ්.. දැන්නම් ඉන්ටර්නෙට් වැඩ නේද මල්ලි.." කියලත් ඇහැව්ව..
    11.gif


    Funny-Images-For-Facebook-Comments-In-English-6.jpg


    පස්සේ මේ හාදයා සිරියාවට නෙලන පුටින් වගේ හෙන හැපි එකේ ගූගල් එකට ගිහින්, ආයෙත් යාහූ කියල මුල ඉඳල සර්ච් කරල, කලින් තනි ඩබල් ක්ලික් එකෙන්ම ඕපන් උන Yahoo මේල් එකම ඕපන් කරපු හැටි බලන් ඉඳපු මට ආපහු අපේ ඩිපාට්මන්ට් එකට එන පාරත් අමතක උනා...:baffled:





    ප.ලි.
    (අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රස කථාවක් මචන්. ඒ වගේමයි උඹ කාගෙ කවුරු උනත් නියම වටිනාකමක් තියෙන කොල්ලෙක්. මේ ප.ලි. ටික නිසාමයි මම එහෙම කියන්නෙ.[මේක ලියාපු එකාට.] :yes:


    ප.ලි.
    (අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :baffled::baffled:


    :P


    :D


    :yes::yes::rofl:


    ;)

    Rep ban thanks share karata

    :yes::yes::yes::D

    දැන් ඔය මෑන්ස් කව්ද් බං

    එයා දැන් මෙහෙ නෑ බන්.. :D
    හප්පේ ඒ දවස් වල මාර ආතල් ගොඩක් දුන්නා...:angry:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බුහ් හා හා හාාාා

    :P:P

    රස කථාවක් මචන්. ඒ වගේමයි උඹ කාගෙ කවුරු උනත් නියම වටිනාකමක් තියෙන කොල්ලෙක්. මේ ප.ලි. ටික නිසාමයි මම එහෙම කියන්නෙ.[මේක ලියාපු එකාට.] :yes:


    ඒ ටික මම නොකිව්වොතින් ලොකු අඩුවක් මචන්... මම දන්න දේවල් වලට සාපේක්ෂව ඒ අයගේ සමාජීය දැනුම සෑහෙන ඉහලයි.. ඒකට නිසි ගෞරවේ දීලයි ලියන දෙයක් ලියන්නෙ ඕනෙ..:yes:
    ගොඩක් ස්තූතියි අගය කිරීමට..:)

     
    • Like
    Reactions: u.saradiyel

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මාත් ඔය වගේ අවස්ථා වලට සෑහෙන්න මුහුණ දීල තියේ :)




    උබලට කියන්න මට සමහර දවස් වලට හෝ ගාලා වැඩ තියෙන අස්සේ උදේම කෝල් එනවා සමහර බ්‍රාන්ච් වලින් මල්ලි මගේ කොම්පියුටර් එක ඔන් වෙන්නේ නෑ අරකයි මේකයි කියලා ... මන් ඉතින් සේරම වැඩ දාලා මොකක්ද අවුල බලන්න ගියහම තමයි වැඩේ මීටර් වෙන්නේ උන් පවර් කේබල් එක ප්ලග් පොයින්ට් එකට ගහලා නෙවෙයි මෙච්චර වෙලා on කරන්න ට්‍රයි කරලා තියෙන්නෙ.. සමහර වෙලාවට මලත්පයිනවා බන් ඔය වගේ එව්වට. මුන්ට කේබල් එක ගහලද නැද්ද බලන්නවත් හිතෙන්නේ නැද්ද කියලා :dull::dull::dull::dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    A. සිරියා;19687858 said:

    11.gif
    :P

    උබලට කියන්න මට සමහර දවස් වලට හෝ ගාලා වැඩ තියෙන අස්සේ උදේම කෝල් එනවා සමහර බ්‍රාන්ච් වලින් මල්ලි මගේ කොම්පියුටර් එක ඔන් වෙන්නේ නෑ අරකයි මේකයි කියලා ... මන් ඉතින් සේරම වැඩ දාලා මොකක්ද අවුල බලන්න ගියහම තමයි වැඩේ මීටර් වෙන්නේ උන් පවර් කේබල් එක ප්ලග් පොයින්ට් එකට ගහලා නෙවෙයි මෙච්චර වෙලා on කරන්න ට්‍රයි කරලා තියෙන්නෙ.. සමහර වෙලාවට මලත්පයිනවා බන් ඔය වගේ එව්වට. මුන්ට කේබල් එක ගහලද නැද්ද බලන්නවත් හිතෙන්නේ නැද්ද කියලා :dull::dull::dull::dull:

    ඇයි නෙට්වර්ක් කේබල් එකට එහෙම පයින් ගහල ගැලවිච්ච තැන හොයා ගන්නත් බැරි වෙන්නම සපත්තුවෙන් හරි සෙරෙප්පුවෙන් හරි අස්සකට තල්ලු කරල දාන කස්ටිය එහෙම නැද්ද...?:rofl: