ඉන්දියාවටත් බෝට්ටුවෙන් ගියා ... (කච්චතිව්)

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉන්දියාවටත් බෝට්ටුවෙන් ගියා ... (කච්චතිව්)

    කච්චතිව්
    කිව්වාම ගොඩක් උන් අහලාත් ඇති , ඒතරම් මතභේදයට තුඩු දුන් දේශ සීමා අරගලයක් ලංකාවට තිබ්බෙම නෑ අදටත් තමිල්නාන්ඩුවෙන් විටින් විට කේස් දානවා....
    ලංකාවට ඈතෙන්ම තියන දූපත කිව්වත් හරි. ඇත්තටම කිව්වොත් මේ දූපත වැඩියෙන්ම ලග රාමේශ්වරම් වලට තමා.... :shocked::shocked:
    IMG-5601.jpg

    **කච්චතිව්

    සම්පූර්ණ දූපතම ජන ශූන්‍ය වුනත් දූපතේ තියෙන ශාන්ත අන්තොනි මුනිතුමා ගේ නාමයට කැපවූ දේවස්ථාන දූපතේ විශේෂම සහඑකම අංගය ලෙස හදුනාගන්න පුලුවන් . ධීවර ජනතාව අතර ඉමහත් පිලිගැනීමක් ශාන්ත අන්තොනි මුනිතුමා ට ලැබීම මේ දූපතේ එතුමා නමින් දේවස්ථාන ඉදි වීමට බලපාන්නට ඇති. :)

    ඒ කොහොම උනත් සාමාන්‍ය ධිවර ජනයාට මේ දූපතට යන්න පුලුවන් අවස්ථාව ඇත්තටම ඉතාම සීමිතයි. :confused: වසරටම දවස් තුනකටවිතරයි පුලුවන් ඒ තමා ශුද්ධ වූ අන්තෝනි මුනිදුගේ දේවස්ථානයේ වාර්ශික මංගල්‍
    මේ වසරේ ඒ මංග්ල්‍ය යෙදිලා තිබුනේ මාර්තු 16-17

    ඇත්තම කියනවා නම් මේක ගැන ටච් එකේ හිටියේ ගිය අවුරුද්දෙ ඉදන්ම අපේ සෙට් එක ම alert එකේ තියන් හොය හොයාහිටියේ. කොහොම හරි මෙ වැඩේට අන්තිමේ 30 කට වැඩි සෙට් එකක් සෙට් උනා. (පූජා ගමනක් ,අලුත් අත්දැකීමක් , වගේමදහස් ගානක් රැස්වෙන උත්සවයක් නිසා මේකට සීමාවක් දැම්මේ නෑ)


    කට්ටියම යාපනේට උදෙ 7 වෙද්දිම ලගාඋනෙ උදේ කෑම කලින්ම දාගන්න...
    kachchativ.jpg

    **යාපනය

    උදේ කෑම ඉන්දියාවේ විදියට අක්ශිතායි හෝටලෙන් කන්න සෙට් කරපු නිසා පිට්ටු ඉදිආප්ප තෝසේ මසාලා තෝසේ සාම්බාරු වඩේ ඉට්ලි ඕඩර් පියාබන්න උනේ මුලු රෙස්ටුරන්ට්එකේම වැඩ පැය එක හමාරකට විතර අඩපණ කරමින්. ලොකු සෙට් එකක් යාපනෙ යනවා නම් කන්න කියාපු හෝටලයක් තමා අක්ශිතායි :yes::yes: ..

    කාලා බීලා. දවල් කෑම පාර්සලුත් අරන් ඩෙල්ෆ් ජැටියට ගියේ කච්චතිව් බලා පිටත් වෙන්න. මේ යන අතරමග තැන් දෙකකදි විතරනේවි එකෙන් චෙක් කලා. (චෙක් කලා කිව්වට චෙක් කිරීමක්ම නෙවේ ලිස්ට් එකක් හැදුව එක කලේ. ලොකු සෙට් එකක් යනවා නම් id number, නම ගම වයස ලිපින උපන්දින තියෙන පොඩි ලිස්ට් එකක් හදන් ගියාම ලේසියි)

    ඔන්න ජැටියේ වෙනම තැනක්. වීසා කාර්‍යාලය :D:D
    IMG-2015.jpg



    මෙතන අපේ id නම්බර් ලියාගෙන පොඩි කාඩ් එකකුයි, කෑම කූපන් තුනකුයි දෙනවා නේවි එක.
    ඇත්තටම මේ කාඩ් එක වීසා එකක් වගේ තමා. ගියපු ඔක්කොම ආපහු ආවද කියන එක චෙක් කරගන්නෙ මේ කාඩ් එකෙන්
    IMG-2018.jpg

    ***

    Picture1.png

    **return එක (මේක එනකොට බාර දෙන්න ඕනේ )



    මෙන්න මේ වෙලාවෙදී අපේ සෙට් එක ලොකු නිසා දෙකට කැඩුනා.. මුලින් නම් කියවූ අපේ 20 දෙනෙක් ඒ වෙලාවේ බාගෙට පුරවාතිබූ බෝට්ටුවකටත් ඉතුරු සෙට් එක ඊට පස්සෙ බෝට්ටුවටත් බෙදා වෙන්කිරීමට නාවික හමුදාවට සිදු වුනා..

    කට්ටියම අහලා බැලුව විදියට පැය 2.30- 3 වගේ වෙනකොට දූපතට ලගා වෙනවා කිව නිසා අපි දූපතේම සෙට් වෙන්න බලන් ටටාබායි :yes::yes: කියලා පිටත් උනා

    ඔන්න ඔතනින් තමා කච්චතිව් වලට යන එකෙක්ටවත් ගන්න බැරි ජීවිතේ ලේසියෙන් හම්බෙන්නේ නැති අත්දැකීමකට මුහුන දෙන්න වෙන්නේ... අංක 20 බෝට්ටුව නම සී මාර්ටීන් :shocked:

    බෝට්ටුවේ 50-60 ක් වගේ හිටියේ . නෝමල් සෙට් එක ඇතුලේ පල්ලෙහා ඉද්දි අපේ සෙට් එක උඩ ඩෙක් එකේ යන්න තීරනේකරලා ඩෙක් එකට නැග්ගා. පොඩි කයියකුත් ගහන් ඒ බෝට්ටුවේ තව හිටපු අපි වගේ ම සිංහල කොල්ලො සෙට් එකකුත් සෙට්වෙලා හෙමින් හෙමින් ගියා. විශේශයෙන් කියන්න ඕනේ අනිත් ඔක්කොම දෙමළ. ගොඩක් අයට සිංහල තෙරෙන්නෙවත් නෑ
    ඉරත් මුදුන් උන වෙලාව. පැය දෙකක් විතර ගිහින් දූපත දැක්කෙ නැති නිසා කතාකලාම හැම අවුරුද්දෙ යනවා කියපු මල්ලිකෙනෙක් පැය 3-4 ක් :shocked: වගේ යනවා කියලා කැඩුන සිංහලෙන් කියපු නිසා පොඩ්ඩ්ක් ඉවසන් හිටියා.
    පැයක් ගියා දැන් නම් කට්ටියටම අමරුයි. පල්ලෙහා තට්ටුව සී සික් හැදිලා ඉස්පිරිතාලෙ වගේ.:( :( ඒ මදිවට රස්නෙට තැම්බෙන්නඇති. කැප්ටන්ට කතා කලා. උට සිංහල බෑ. ඉංග්‍රීසි ත් බෑ හරියට මොනා කරන්නද :confused:

    දන්න ඉංග්‍රීසියෙන් තේරෙන්න ඇහුවා අපි යන පාර හරිද කියලා. ඌ කියන්නෙම හරි කියලා. අපේ උන්ට දැන් ඉවෙන් තේරෙනවා පාරවැරදිලා කියලා ඔන්න දැන්ෆෝන් මැප් දිග අරන් දූපත හොයනවා.:cool::cool:

    මෙන්න දූපත පල්ලෙහා අපි වෙන කොහෙද යන්නෙත් වෙන පැත්තකට .
    හුටා ඒ කියන්නේ අතරමං වෙලා......:shocked:
    කැප්ටන්ගෙන් ඇහුවා මැප් එකක් තියෙනවාද? කොම්පාස් එකක්? අඩුම සැට් පෝන් එකක් ? ඔය මොකුත් නෑ ලු. අපි යන්න ඕනේ දකුනට අපි කැපාට බෝට් එක හරවගන්න කියලා දකුනට යන් කිව්වා. අපේ කොම්පාස් වලින් බලාගෙන...:cool::cool:
    කොහොමද ෆීල් එක මුහුද මැද්දේ අතරමං උනාම
    හතර පැත්තෙන්ම ඉමක් නැති සාගරේ. දැන් අපි මූද මැද්දෙ පැය 5 ක් වගේ


    ඔය අස්සේ අපිට ඉන්දියාවෙන් රෝමින් සෙට් උනා. :shocked:
    IMG-2029.jpg

    ***

    දන්න කියන උන්ගේ නේවි නම්බර් අරගෙන සීන් එක කිව්වා. කියපු ලොකේශන්හරි නෑ. සමහරු whatsap live location share කලා නේවි කමාන්ඩර්ස් ල ට
    අන්තිමේ පෝන් එකෙන් බලන් අක්ශාංශ දේශාංශ කිව්වා. Jaffna navy base එකේ කෝල් එකක් දාලා
    "
    මල්ලී අපේ කෝඩිනේට් .60 වලින් ඉවරයි උබලා ඉන්නෙ ඉන්දීය සීමාවේ. අපිට ඔහාට එන්න බෑ. ඉර දකුනින් තියන් කෙලිම්මපහලට වරෙන්​
    "

    බොක්ක කූල් උනේ ඒ වෙලාවේ.
    කැප්ටනයත් පිස්සු කෙලින්න ගත්ත උටත් බෝට් එක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි රැල්ල නිසා (කැප්ටන් කාරයාත් බුල කෙලියා , දකුණට යන්න කිව්වම එකා වටේටම ගියා :growl::growl: ) . මේ වෙද්දි මුලු බෝට් එකම වගේ තරගෙට වමනේ දානවා. පල්ලෙහා නම් ගන්න දෙයක් නෑ. උඩ උන් ටික දෙනෙක් නම් බේරිලා හිටිය :(:(

    පස්සේ හිමින් හෙමින් අපි එද්දි නේවි එකෙන් ඩෝරා එකක් එවලා තිබ්බා. නේවි බේස් එකෙන් කිව්වා අපි ඩෝරා එකක් එවනවා එතකන් කෙලින්ම පල්ලෙහාට එන්න කියලා. දැඩි අසාධ්‍ය කවුරුවත් බෝට් එකේ හිටියේ නෑ ඒවෙද්දී ඒකත් අහලා ඒ අය ඩෝරාව එව්වේ. (සී සික් එක හැදිලා අමාරු උන අය ඇරෙන්න. ටිකක් වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ අනිත් ඔක්කොම මැදි වයසේඅය).

    දැන් නම් කට්ටියම හොදටම හෙම්බත්. ඉරත් හෙමින් බැහගෙන යනවා.
    IMG-5655.jpg

    **මුහුදේ ඉදන් ඉර බැහැගෙන යනවා

    ඈතින් දැක්කා ඩෝරා එක එනවා. බෝට් එක ළගට අවාම. ලෙඩ වෙලා නැගිට ගන්න බැරුව හිටපු අය උනත් නැගිට්ලා හුරේ කිව්වා. ඒ තරම් සතුටක් ආවේ (මිහිපිට දෙවිවරු දැක්කා වගේ. ඒක කියන්න තේරෙන්නෙ නෑ)
    IMG-5652.jpg

    **නෙවි එකේ ඩොරාව දැක්ක ගමන්

    නේවි ඩෝරා එක දූපත පේනකන්ම අපේ සයිඩ් එකෙන් ඇවිත් දූපත පේන දුරදි සැලුට් එකකුත් ගහලා හැරිලා ගියා.
    දැන් තමා හිතට නිදහසක් ආවේ

    හෙමින් හෙමින් දූපතට එද්දි 8.30-9 ට විතර ඇති
    පැය 8.30 ක මූදු ගමනක් කොහොම හිතාගන්න පුලුවන් ද??


    ඒ අස්සේ අපේ උන් බය වෙලා. උන්ට කලින් අපි දූපතට එන්න ඕනේ නිසා. ආපු ගමන් මුලු දූපතෙම ඇවිදලා අපිව හොයන්න. ඒත්නැති නිසා හොයලා හොයලා බැරිම තැන කෑම්ප් කරන්න සෙට් උන ප්ලේස් එකක කැම්ප් කරලා. මේ අතර තවත් අදුරන ට්‍රැවල්ගෲප් දෙක තුනකුත් සෙට් වෙලා උනුත් අපිව හොයන කොටම කච්චතිව් යන්න ආව බෝට්ටුවක් පාර වැරදි ලා ඉන්දියානු මුහුදුසීමාවට ඇතුල්වෙලා කියලත් නාවික හමුදාවේ යාත්‍රාවක් ඒක බේරගන්න යනවා කියලත් උන්‍ට ආරංචි උනේ නාවික හමුදාමුරපොලේ අයියෙක්ගෙන්..
    අංක 20 කියලා කිව්වාම උන්ට ඇඩුනේ නැති ටික විතරයි ලු (පොලිස් මුරපලේ කට්ටිය නම්කිවේ. කොඩි ගහ ලග කොල්ලො සෙට් එකත් ඇඩුවා කියලා :rolleyes:
    අන්න ඒක තමා උන්ගේ සහෝදරකම :love::love::love:)

    ඔන්න අපි බැස්ස ගමන් පොලීසියේ නෙවී එකේ අය උපරිමේ සැලකුවා. ඇත්තටම පාන් කියා ගන්නබැරි තත්වෙ හිටියේ. පොලිස් check point එකේ පවා අපිව චෙක් කරන්නෙ නතුව යැව්වේ අංක 20 සෙට් එක නේද කියලා. මූනු දැක්කම පව් කියලා හිතෙන්නැති:confused::confused:

    IMG-5668.jpg

    **දුපතට ඇතුලුවෙන තැන

    හොදම දේ කෑම්පින් බඩු උන් ලග තියෙද්දි උයන පිහින බඩු තිබ්බේ අපි ළග. :yes::yes: අරුන්ට උයාගන්නවත් විදියක් තිබිලා නෑ අපි එනකන්. වෙලාවට තව අදුරන සෙට් එකක් සෙට් වෙලා උන්ට තේකක් හදාගන්න භාජන දීලා තිබ්බා:D:D

    ඔන්න ඔහොමයි අපි දූපතට ගොඩ බැස්සේ.....:cool::cool:

    අපේ මුණු දැක්ක අපේ උන්ට ඇත්තටම දුක හිතුනද සතුටු හිතුනද දන්නේ නෑ :yes::yes:, එත් අපේ උන් ටික ටක් ගාලා තේ එකක් හදලා දීලා අනිත් සෙට් එකත් එකතු කරන් උයන්න ගත්තා. උයලා කාලා ඉවර වෙලා මුහුදේ නාලා එහෙම අපිදේවස්ථානය පැත්තට ගියේ රාත්‍රි පූජාව බලන්නත් එක්ක ..

    IMG-2016.jpg


    IMG-2027.jpg


    IMG-2023.jpg


    ප්‍රධාන වශයෙන් දෙමල දේවමෙහෙය පැවැත්වෙන අතරතුර විටින් විට සිංහල සහ ඉන්ග්‍රීසි භාශාවලින්ද දේශනා පැවැත්වුනා.

    අපේ මූලික අරමුණ වුනේ පහුවදා උදේම පිටවීම සහ එක බෝට්ටුවකට මුලු නඩයම ගොඩවීම. ඒ අනුව පාන්දර ම නැගිටලාජීවිතේ කාපු රසම නූඩ්ල්ස් එක කාලා බඩ පුරවගෙන උදේ 8 30 වෙද්දි දූපතෙන් පිටවුන 3 වන බෝට්ටුවේ හෙවත්නාග ශක්ති බෝට්ටුවේ අපි එන්න පිටත් උනා.

    විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි සියලු පහසුකම් නාවික හමුදාව විසින් සපයනවා. අපි උයන් කෑවට නාවික හමුදාවේන්කෑම පවා සපයනවා . ඒ වගේම ඒවා ඉතා උසස් තත්වයේ තියෙනවා කියන්න පුලුවන් .වතුර බෝතල් , කෑම බත් පාන් වගේ දේවල් ඉතාම හොදින් සපයනවා ඒ කෑම නම් ඇත්තටම ගෙදර හදන කෑම වගේ පිරිසිදුයි රසයි , පානිය ජල ටැංකි වල තියෙන වතුර කිව්ල්රහ ඉතා අඩු යි, තාවකාලික වැසිකිලි පවා ඉදිකරලා තියෙනවා... ශ්‍රී ලංකා නාවික හමුදාව කරන කැපවීම නම් අති විශිෂ්ඨ යි..


    IMG-2017.jpg

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුගේ දේවස්ථානය

    IMG-2013.jpg

    ක්ෂිරපතය කච්චතිව් ඉදන්

    IMG-5699.jpg

    ලාංකිකයන් පිවිසුම

    IMG-2014.jpg

    ඉන්දියානුවන් පිවිසුම

    IMG-5688.jpg

    බැස යන හිරු කච්චතිව් ඉදන්

    IMG-2019.jpg

    නැගෙනා හිරු කච්චතිව් ඉදන්

    IMG-2020.jpg

    ***

    IMG-2021.jpg

    ***

    IMG-2022.jpg

    ***

    IMG-2023.jpg

    **දේවස්ථානය

    IMG-2024.jpg

    ***

    IMG-2026.jpg

    ***
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bmp patta
    /* Copyright (c) 2016 Interaktiva rum Sverige (Interactive rooms Sweden) Website: http://www.interaktivarum.se/en Permission is hereby granted, free of charge, to any person obtaining a copy of this software and associated documentation files (the "Software"), to deal in the Software without restriction, including without limitation the rights to use, copy, modify, merge, publish, distribute, sublicense, and/or sell copies of the Software, and to permit persons to whom the Software is furnished to do so, subject to the following conditions: The above copyright notice and this permission notice shall be included in all copies or substantial portions of the Software. THE SOFTWARE IS PROVIDED "AS IS", WITHOUT WARRANTY OF ANY KIND, EXPRESS OR IMPLIED, INCLUDING BUT NOT LIMITED TO THE WARRANTIES OF MERCHANTABILITY, FITNESS FOR A PARTICULAR PURPOSE AND NONINFRINGEMENT. IN NO EVENT SHALL THE AUTHORS OR COPYRIGHT HOLDERS BE LIABLE FOR ANY CLAIM, DAMAGES OR OTHER LIABILITY, WHETHER IN AN ACTION OF CONTRACT, TORT OR OTHERWISE, ARISING FROM, OUT OF OR IN CONNECTION WITH THE SOFTWARE OR THE USE OR OTHER DEALINGS IN THE SOFTWARE. */ /* The color filters are defined in external SVG file rgblind.svg, located in same folder as this CSS file. Use this CSS file when injecting both the CSS style rules and the SVG filters into the HTML document. */ .protanopia{ filter: url('#protanopia'); -webkit-filter: url('#protanopia'); color-interpolation-filters:sRGB; } .deuteranopia{ filter: url('#deuteranopia'); -webkit-filter: url('#deuteranopia'); color-interpolation-filters:sRGB; }