කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යට වෙනුවෙන් ඉන්දීය බැතිමතුන් හා මෙරට බැතිමතුන් 9000කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇති බවට විශ්වාස කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
නාවික හමුදා නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කච්චතිව් මංගල්‍ය සම්බන්ධයෙන් ඊයේ(07/01/2020) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු සාකච්ජාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා එලෙස පැවසුවේය.
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ මෙවර කච්චතිව් මංගල්‍ය එළඹෙන මාර්තු 07 වැනිදා පැවැත්වීමට සංවිධානය කොට ඇති බවයි.
ඉන්දියාව සතුව පැවති කච්චතිව් දූපත 1974 වසරේ මෙරටට පැවරීමෙන් අනතුරුව කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය බැතිමතුන්ද සහභාගිවෙති.
ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ පවතින කච්චතිව් දූපතේ වාර් ෂික දේව මංගල්‍ය වෙනුවෙන් දකුණු ඉන්දීය ධීවර ජනතාව විශාල පිරිසක් සෑම වසරකම සහභාගි වෙති.
ඉන්දීය ධීවර ජනතාව කච්චතිව් දේව පූජාව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසුවන අතර දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ධීවර ජනතාව මංගල්ලය වෙනුවෙන් පැමිණීම සාමාන්‍ය සිරිතය.
මෙවර කච්චතිව් මංගල්‍ය පැවැත්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදුකිරීමට නියමිත අතර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ මංගල්ලයේ කටයුතු සිදුකරනු ලබති.
මංගල්‍ය වෙනුවෙන් සහභාගිවන මෙරට බැතිමතුන් වෙනුවෙන් මාර්තු 06 වැනිදා උදැසන සිට යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික හමුදා බෝට්ටු සේවයක් ක්‍රියාත්මක වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර් යාලය හා නාවික හමුදාව, යානය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන මැදිහත්වීමෙන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සේවා සැපයීමට නියමිතය.