කොහේ ගියත් මතක ඇතුව මාස්ක් එක දාගෙන යන්න. සමහර අයට කොවිඩ් කියලා එකක් තිබ්බද කියලවත් වගේ වගක් නෑ. කොරෝනා කාලෙත් හුගක් අය කොරෝනාවලට බයට වඩා හරියට පොලීසියෙන් බේරෙන්න විතරක් හෙල්මට් දානවා වගේනෙ මාස්ක් දැම්මෙ. තමන් විතරක් නෙවේ සනීපාරක්ෂක පුරුදු හරියට පිළිපදින කොට ඒකෙන් අනිත් අයගෙත් ආරක්ෂාව සැලසෙනවා නේද කියන අවංක හැගීමක් මේ රටේ බහුතරයක් දෙනා ළග නෑ අවාසනාවකට.