ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ
චම්පික රණවක කියනවා ඇහුනා 2008 ඉඳන් තුන් වතාවක් මහින්ද ඉන්දියාවත් එක්ක සීපා ගිවිසුම ගහන්න ගියා ඒ හැම වතාවෙම හෙළ උරුමෙ විරුද්ධ වුන නිසා එයා ඒක අකුල ගත්තලු. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුමේ වාසි ලංකාවටලු. එදා ගහන්න ගිය ගිවිසුමේ වාසි ඉන්දියාවටලු. ඒක නිසා දැන් එක හොඳයිලු. ඉතින් අනේ ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ නිසා උන් තමන්ට වාසි ගිවිසුම ගහන්න ගිය මහින්දව එලවලා තමන්ට අවාසි ගිවිසුමක් ගහන්න යන සිරිසේන රනිල් දෙමුහුන් ආණ්ඩුව බලයට පත් කර ගත්තා. ගොන් යක්කු!
ඉන්දියාව වගේ රටවල් එක්ක ගිවිසුම් නොගැහැව්වොත් අපේ රටට අනාගතේ අභියෝගවලට මුහුණ දෙන්න බෑ ලු. යථාර්තය ඒකලු. මේ ගහන්න යන ගිවිසුමෙන් ලංකාවේ කිසිම වෘත්තිය ක්ෂේත්‍රයකට අනතුරක් වෙන්න දෙන්නෙ නෑලු. හෙළ උරුමෙ එතුමන්ලා ඒක වග බලා ගන්නවා කියලා කිවා. පළාත් සභාවක ඇමතිකම රැක ගන්න එක වගේ ලොකු දේවල් වලදී හෙළ උරුමෙට ආණ්ඩුවට බලපෑමක් කර ගන්න බැරි වුනාට රට වල දෙකක් අතර ගහන මේ වගේ ගිවිසුමක් වගේ පොඩි දේකදී හෙළ උරුමට ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්. ඔව්.