ශ්‍රී ලංකාව සඳහා අතීතයේ භාවිතා වූ නමක් නොවෙයි ලංකා කියන්නේ එය පසුකාලීනව භාවිතා කල නමක් හින්දු පුරාවෘත සහ රාවනා ප්‍රබන්ද සමග ආපු දෙයක්. මුලිකව මෙය භාවිතා වුනේ මහනුවර යුගයට පසුව. ලංකාවේ නියම නම විදියට බොහෝ භාවිතා වුනේ හෙළය, සිංහලදීප වගේ නම්. ලංකාවේ අතීත අරාබීන් භාවිතා කල නම පවා සෙරන්දිබ් එයත් සිංහලදීප වලින් ආපු නමක් ඒ වගේම සිලෝන් කියන වචනයත් සිංහලදීප වලම ප්‍රබෙදයක්. මේ අනුව ලංකාවේ නියම නම සිංහලදීප විය යුතුයි. නමුත් සිලෝන් කියන එක අපේ බ්‍රෑන්ඩ් නේම් එක එය වෙනස් කිරීම කාලකන්නි වැඩක් අදටත් ලෝකයේ සමහර රටවල අය ශ්‍රීලංකාව කියා රටක් දන්නේ නැහැ නමුත් ඔවුන් සිලෝන් කියලා දුපතක් ඉන්දියන් සාගරයේ තියෙන බව සහ එහි තේ තියෙන බව දන්නවා.(මෙය මගේ අත්දැකීමක්) අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යනවා නම් අප විදේශවල ජනප්‍රිය කරන්න හොඳම නම විදෙස් අයට පහසු නමක්. මගේ අදහස ලංකාවේ දේශීය නම සිංහල දීප වී විදෙස් නම සිලෝන් විය යුතු බවයි. Deutschland සඳහා ජර්මනිය ලෙස ලෝකය ආමන්ත්‍රණය කිරීම සහ Helvetica සඳහා ලෝකයා Switzerland ලෙස කිවීම ලෙස විය යුතුයි.
සීතා එලිය, රාවනා ඇල්ල වගේ නම් මේ රටෙහි ස්ථාන නම් සඳහා භාවිතා කිරීම ඉන්දියන් දෙමල ප්‍රජාව ලංකාවට ආ පසු සිදුවූ දෙයක් මිස ලොකු අතීතයක් ඇති දෙයක් නොවේ ඒ වගේම තමයි ලංකාව කියන නම මේ රට සඳහා භාවිතා කිරීම. හොඳම දේ තමයි අදටත් ලංකාව කියන්නේ අපේ රටේ නම කියලා සනාථ කරන්න අපේ සිංහලුම සීතා එලිය, රාවනා ඇල්ල වගේ ස්ථාන නාම භාවිතා කිරීම.
කොහොම වුනත් ලංකාව සඳහා සිංහලදීප කියලා නිදහසෙන් පසු භාවිතා කළා නම් ජනවාර්ගික අර්බුධය සඳහා ප්‍රධාන ගිනි පුරුක වන්නේ එය. ලංකාව නිදහස ලැබීමට පෙර සිට ඇතැම් දමිල නායකයන්ට අවශ්‍ය වුනා මෙහි දෙමල රටක් පිහිටුවීමට. එහි ප්‍රධාන ඉලක්කය ලෙස දමිල මිනුම්දොරුවන් ඇතුළු සිවිල් සේවකයන් විසින් උතුරු නැගෙනහිර තිබු බොහෝ ස්ථාන නාම දමිලකරණය කරා ඒ එක්කම කඳුකර ප්‍රදේශ වල රාවනා පුරාවුර්තය සමග ගැලපෙන නම් සිංහල උරුවට දැන්මා. මේවා සියල්ලම එකම දේශපාලන චෙස් ක්‍රීඩාවක උපක්‍රම. අපි රැවටිලා ඉන්නවා.