ඉන්දියාව+රුසියාව මිසයිල ගනුදෙනුවකට අත්ස&

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    ඉන්දියාව+රුසියාව මිසයිල ගනුදෙනුවකට අත්ස&

    එක්සත් ජනපදයේ තර්ජන හමුවේ ඉන්දියාව සහ රුසියාව මිසයිල ගනුදෙනුවකට අත්සන් තබති


    _103727038_3d9aa7ee-288c-46df-8f85-a2673124c578.jpg


    සිය S-400 මිසයිල පද්ධතිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබූ බව රුසියාව පවසයි.

    දෙපාර්ශවය එම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ සම්බාධක පනවන බවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තර්ජන එල්ලවෙමින් පවතින අතරවාරයේය.

    රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන ද්මිත්‍රි පෙස්කොෆ් (Dmitry Peskov) පැවසුවේ, අමෙරිකානු ඩොලර් බිලියන 5ක මෙම ගිවිසුම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් ඉදිරියේ දිල්ලි නගරයේදී අත්සන් තැබූ බවය.

    රුසියාව, ඉන්දියාවට අවිආයුධ වැඩියෙන්ම සපයන රට වේ.

    කෙසේ වෙතත්, රුසියාවේ ආරක්ෂක අංශ සමග වෙළෙඳ ගනුදෙනු කරන රටවල් නිතැතින් ම සම්බාධකවලට නතු වන බවට ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.

    රුසියාව විසින් යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියාව පවරා ගැනීම සහ 2016 දී එක්සත් ජනපද ජනාධිපතිවරණයට ඇඟිලි ගැසීමේ චෝදනාව එම අනතුරු ඇඟවීමට හේතුවය.

    එහෙත්, චීනයට එරෙහිව තම බලය නවීකරණය කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කරුණු දක්වන ඉන්දියාවේ අපේක්ෂාව වී ඇත්තේ, ඇමෙරිකාව ඉන්දියාවට විශේෂ සහනයක් දෙනු ඇති බවය.

    මේ අතර, න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති 6ක් සංවර්ධනය කිරීම සඳහා ද ව්ලදිමීර් පූතින්ගේ සංචාරය අතරතුර ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුමකට අත්සන් තැබිණි.






    download (5).png
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ඉන්දියාව එක්ක මේවගේ ඩීල් එකක් දානවනම් දෙන ගානෙන් 50% අපහු ඉන්දියාවේම ආරක්ෂක පරීක්ෂණ ව්‍යාපෘති වලට දෙන්න ඕනලු.. ඒ කිවේ උන්ගේ කැලි ඉන්දියාවේ හදන්න වගේ.