ඉන්දියාව රොකට්ටුවක් සාර්ථකව අත්හදා බලයි!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉන්දියාව රොකට්ටුවක් සාර්ථකව අත්හදා බලයි!

    ඉන්දියාව, දේශීයව නිර්මාණය කරන ලද ටොන් 8ක් උඩුගුවනට ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවක් සාර්ථකව අත්හදා බලයි!

    270px-Gslv-mkiii-x-14.jpg



    තාක්ශණික තොරතුරු


    විශාලත්වය: උසින් මීටර් 43, විශ්කම්භය මීටර් 4

    පියාසර අදියර: 3කි

    එන්ජින් වර්ග:
    ප්‍රථම අදියර - S-200 ඝණ ඉන්ධන බූස්ටර් එන්ජින් 2කි (ඉන්දියාවේ නිර්මාණය කරනලදී). මේ බූස්ටර් තත්පර 130ක් ක්‍රියාත්මකවේ. එක් බූස්ටරයක් මීටර් 25ක් දිගින් යුතු අතර ටොන් 200ක ඝණ ඉන්ධන පුරවා ඇත.

    දෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත "L-110 විකාස්" මාදිලියේ ද්‍රව එන්ජින් පද්ධතිය. ටොන් 110ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය. පද්ධතිය එන්ජින් 2කින් යුක්තය. ප්‍රථම අදියරේ බූස්ටර් එන්ජින් දල්වා තත්පර 113කින් දෙවන අදියර ක්‍රියාත්මකවීම අරඹයි.

    තෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත C-25 ද්‍රව හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කරන එන්ජිම. ටොන් 25ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය.

    උඩුගුවනට ගෙනයා හැකි බර:
    පහල පෘථිවි කක්ශයට (කිලෝමීටර් 160ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 8ක බරක් ඔසවාගෙන යා හැකිය.

    භූකේන්ද්‍රීය ස්ථායි කක්ශයට (කිලෝමීටර් 35,000-46,000ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 4ක් ගෙනයා හැකිය.

    ISRO-successfully-launched-GSLV-Mark-III-%E2%80%93-X.jpg


    මෙම සාර්ථක අත්හදා බැලීමත් සමග භූ කේන්ද්‍රීය ස්ථායි කක්ශයකට (Geosynchronous Transfer Orbit) චන්ද්‍රිකාවක් ගෙනයා හැකි බලසම්පන්න රොකට්ටු ඇති රටවල් කිහිපය (අමෙරිකාව, රුසියාව, යුරෝපා සංගමය හා චීනය) අතරට ඉන්දියාවත් එකතුවන අතර ඩොලර් බිලියන 300ක් පමණ වටිනාකමකින් යුතු, ලෝක චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ කර්මාන්තයේ තරඟකරුවෙකු වීමට ඉන්දියාව මගපාදාගෙන තිබෙනවා. Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark III ලෙස නම්කොට ඇති මෙම රොකට්ටුව අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටුවා ඇති ස්තිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කොට තිබෙනවා. ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට ප්‍රභල දායකත්වයක් සැපයිමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා පියවරගෙන ඇති අතර එහි වාර්ශික මූල්‍ය සැපයුම ඩොලර් බිලියනක් දක්වා ඉහල දමා තිබෙනවා.
    3fb527e3-6b9b-4cf5-ae84-7910f9d3c4c6Wallpaper2.JPG



    චන්ද්‍රිකා උඩුගුවනට ගෙනයාමට අමතරව දැනට සැළසුම් අවස්ථාවේ තිබෙන, ඉන්දීය අභ්‍යවකාශගාමියෙකු උඩුගුවනට යැවීමේ ව්‍යාපෘතියේ වැදගත් දායකත්වයක් මෙම රොකට්ටුවට තිබෙනවා. ඉන්දීය අභ්‍යවකාශගාමීන් රැගත් කැප්සූලය අභ්‍යවකාශය වෙත රැගෙන යනු ඇත්තේ මෙම රොකට්ටුව මගිනුයි. මෙම අත්හදාබැලීමේ පියාසැරියේදී GSLV Mark III රොකට්ටුව අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශයට රැගෙනයා හැකි කැප්සූලයක්ද පරියේශණ කටයුතු සඳහා උඩුගුවනට ගෙනගොස් තිබෙනවා.
    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/...blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපිත් හෙට අනිදාට යවයි රොකට් එකක් .චන්ද්‍රිකාවකුත් යැව්වෙ නැති වෙන්න හරි .........
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    indiyawa guwana jaya ganiddi aduma tharame apata nagarika thada badaya jaya ganna wath ape ela marga wala hari haman boat service ekak patan ganna beri wela tiyenawa :)