ඉන්දීය ක්‍රීඩකයින්ට SLPL තහනම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉන්දීය ක්‍රීඩකයින්ට SLPL තහනම්

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින්ට සහභාගිවීමට අවස්ථාව ලබානොදෙන බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය(BCCI)පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ජුලි මස 19 වන දින ආරම්භ කිරීමට නියමිත මෙම තරගාවලියට ඉන්දියන් ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණ සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටියද, ඒ සඳහා අවසර ලබා නොදීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

    ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ජුලි 17 දින රැස්වී මෙම තීරණය ගෙන ඇති අතර (BCCI) සභාපති ෂෂන්ක් මනෝහර් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධානය කරනුයේ සෝමසෙට් එන්ටර්ට්රේන්මන්ට් වෙන්චර්ස් නම් සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් විසින් බවත් එවැනි පුද්ගලික සමාගමක් විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහා ක්‍රීඩකයින් සහභාගි නොකිරීම මණ්ඩලයේ (BCCI)ප්‍රතිපත්තියක් බවත්ය.

    පසුගිය අප්‍රේල් හා මැයි මාසයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එංගලන්ත සංචාරයේ පුහුණුවීම් වෙනුවෙන් යැයි පවසා නැවත කැඳවනු ලැබිණි.
     

    mangofriend

    Member
    May 20, 2011
    73
    4
    0
    indiawen awath anna hitiye normal playersla tika wetharaiy aka thamaiy unge loku kama kiyannay.....................................apita SLPL gahanna indiawe ponnayo aththatama onay na.............................
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    meke podi case ekak thiyenawa.tikak balapanko.....

    ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ජුලි 17 දින රැස්වී මෙම තීරණය ගෙන ඇති අතර (BCCI) සභාපති ෂෂන්ක් මනෝහර් පවසා ඇත්තේ
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් නිදහස් නොකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ අද පැවැත්වෙන ක්‍රිකට් අතුරු කමිටු රැස්වීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.
    ඉන්දීය ක්‍රිකට් ප්‍රතිපත්ති අනුව පෞද්ගලික සමාගමක් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩකයන් නිදහස් කළ නොහැකි බව එරට ක්‍රිකට් සභාපතිවරයා පවසයි.
    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙළඳ ප්‍රචාරක කටයුතු සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් භාරගෙන තිබුණි.
    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරුණු අවබෝධ කිරීම අද රැස්වීමේදී සැලසුම් කෙරේ.
    ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස 19වැනිදා සිට අගෝස්තු 4වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.