ඉන්දීය ක්‍රීඩකයින්ට SLPL තහනම්
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින්ට සහභාගිවීමට අවස්ථාව ලබානොදෙන බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය(BCCI)පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ජුලි මස 19 වන දින ආරම්භ කිරීමට නියමිත මෙම තරගාවලියට ඉන්දියන් ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණ සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටියද, ඒ සඳහා අවසර ලබා නොදීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ජුලි 17 දින රැස්වී මෙම තීරණය ගෙන ඇති අතර (BCCI) සභාපති ෂෂන්ක් මනෝහර් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධානය කරනුයේ සෝමසෙට් එන්ටර්ට්රේන්මන්ට් වෙන්චර්ස් නම් සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් විසින් බවත් එවැනි පුද්ගලික සමාගමක් විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහා ක්‍රීඩකයින් සහභාගි නොකිරීම මණ්ඩලයේ (BCCI)ප්‍රතිපත්තියක් බවත්ය.
පසුගිය අප්‍රේල් හා මැයි මාසයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එංගලන්ත සංචාරයේ පුහුණුවීම් වෙනුවෙන් යැයි පවසා නැවත කැඳවනු ලැබිණි.