ඉන්ධන නාස්ති කරන නරක පුරුදු...

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පැටියා;9558173 said:
    OD ස්විච් එකෙන් වෙන්නේ Over Drive(4 වන ගියරය) ගියර් එක On/Off කරන එක. එන්ජින් එකෙන් වැඩි බලයක් ඕනෙ වෙලාවට (කදු සහිත පාරක), ට්‍රැෆික් අධික වෙලාවට (වේගය නිතර අඩු වැඩි වෙන වෙලාවට) OD ස්විච් එක Off කරලා තියනවානම් හොදයි. මොකද එකනොට 3වන ගියර් එකෙන් එහාට ගියර් වැටෙන්නෙ නෑ. වැඩි වේග වලට යනවානම් OD ස්විච් එක On කරන්න. වැඩි වේග වලදී OD ස්විච් එක Off කරලා පාවිච්චි කලොත් නිකං එන්ජින් එක රේස් වෙන නිසා ඉන්ධන හානියක් වෙනවා. :D

    Thanks machoo
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    අද කාලයේ ඉන්ධන ඉතිරි කර ගැනීම පෙරට වඩා වැදගත් වී ඇත.

    පෙට්‍රල් වාහනයක් නම් අප යන සෑම කිලෝමීටරයකටම විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා පෙට්‍රල් වාහන හිමිකරුවන් මේ ගැන වඩා උනන්දුය.

    Vitz වැනි කුඩා කාර් වලට අනවශ්‍ය තරම් වැදගත්කමක් හිමිවී ඇත්තේ මේ නිසාය. එහෙත් ඉන්ධන ඉතිරියට වැඩි වශයෙන් බලපාන්නේ ධාවන පුරුදුය (Driving habits). නරක පුරුදු දෙකක් ගැන පමණක් කියමි.

    1. වාහනය නැවතීමට D දමා සිටීම - මෙය මෙරට බොහෝ රියදුරන් කරන දෙයකි. මාර්ග සංඥාවක් ළඟ නැවැත්වීමට සිදුවූ විට Manual වාහනයක රියදුරා ගියරය Neutral කර තබයි. එහෙත් Auto gear වාහනයක රියදුරා ගියරය N ස්ථානයට ගෙන ඒමට තිබෙන කම්මැළිකමට එය D ස්ථානයේම තබා තිරිංග තද කරගෙන සිටී.

    මෙය හරියට තිරික්කලයක් ගහක බැඳ ගොනාට තලමින් ඉදිරියට දැක්කවීමට උත්සහ කිරීම වැනිය. (එනම් වාහනය ඉදිරියට යාමට තැත් කරද්දී තිරිංගයෙන් වලකාගෙන සිටීම ). :rolleyes:

    Auto Gear වාහනයක ගියරය D සිට N දක්වා මාරු කිරීමට ගියරයේ ඇති බොත්තම තද කිරීම අවශ්‍ය නොවේ. මෙය බොහෝ දෙනා නොදනී. සමහර අය බොත්තම තද කිරීමට ඇති කම්මැළි කමට මෙම ක්‍රියාවට පුරුදු වී ඇත.

    2. ඉදිරිය නොබලා තමන්ගේ ලෝකයේ යාම - බොහෝ රියදුරන් ඉදිරියේ රතු සංඥාවක් දැක දැකත් කඩාගෙන බිඳගෙන අහළ පහළ සියලු දෙනා පසු කරගෙන ගොස් බ්‍රේක් ගසා වාහනය මාර්ග සංඥාව ළඟ නවතා ගනී. (මින් බලපොරොත්තු වන්නේ අහවල් දෙයක් දැයි නොතේරේ. වැඩිම වුනොත් තත්පර කීපයක වාසියකි.):baffled:

    මේ අනවශ්‍ය Accelerations සහ Decelerations නිසා විශාළ ඉන්ධන නාස්තියක් සිදුවේ.

    තමන්ට ඉදිරියට යා නොහැකි ළෙස බාධකයක් ඉදිරියෙන් දුටු විට තමා යන වේගයෙන්ම ගමන් කිරීම හෝ ක්‍රමයෙන් අඩුවන වේගයකින් යාම නුවණට හුරුය. මින් කාලය නාස්ති නොවේ.

    සමහරු ගියරය Neutral කර වේගය අඩුවන්නට හරිති. (අධික වේගයන් සඳහා මෙය නොකරන්න. වාහනයේ පාලනය නැති විය හැක ).

    ඉන්ධන ඉතිරියට තරමක් අනතුරුදායක ක්‍රමද ඇත. වාහනයක ගියරය
    Neutral කර බෑවුම් පාරවල යාම මින් එකකි. අධික වේගයකින් නොයන්නේ නම් වාහනයේ පාලනය නැති වීමේ අවදානම අඩුය. Manual වාහනවල සිට Auto වෙතට මාරු වූ අය Auto වාහන සඳහාද මෙය කරති. මෙය ඉතා පහසුය. වාහනය ඉදිරියට යද්දීම D සිට N දක්වා ලීවරය මාරු කළ හැක (බොත්තම තද කිරීම අවශ්‍ය නොවේ ).

    මින් Auto ගියර පද්ධ්‍රතියට හානියක් වන බවක් අසා නැත. කෙසේ වුවත් හදිසියකදී ඉක්මනින් ගියරයට මාරු කිරීමට හැකි වේගයකින් යන්න.:)

    අනෙකුත් ක්‍රම- උදය කාලයේ ඉන්ධන මිළදී ගැනීම, ටැංකිය 40%-50% පමණ පුරවා (100% නොව ) ගමන් කිරීම, අවශ්‍ය විටක පමණක් AC භාවිතා කිරීම, අධික සූර්‍යතාපය ඇති තැනක වාහනය නොනැවැත්වීම, ටයර වල හොඳින් සුලං පුරවා තැබීම, පැයට සැ. 60 ඉක්මවා නොයාම, බැටරිය හොඳින් නඩත්තු කිරීම, Tint කිරීමෙන් AC අඩු කර ගැනීම, Traffic අඩු කාලයේ වාහනය ඉවතට ගැනීම, නිසි කළට සේවා කිරීම, RPM 1800-2200 වැනි අගයකදී පමණක් ගියර මාරු කිරීම, Overdrive බොත්තම තද කර තැබීම, වේගය වැඩි කිරීමට අදහස් නොකරන්නේ නම් RPM 1500-2000 අගයක එන්ජිම පවත්වාගෙන යාම.

    කෙසේ වෙතත් මේ සියල්ලටම වඩා අනවශ්‍ය ලෙස වාහනය මතම යැපීමෙන් වැළකීම වැදගත්ය. දින පහක් රාජකාරියට වාහනයේම නොයා එක දිනක්වත් බස් රථයට/දෙපා වලට මාරු වීමෙන් ඉන්ධන ඉතිරියට මෙන්ම ශරීරයේ සෞඛ්‍යටද යහපතක් වේ.:yes:

    The following statement is false

    ඉන්ධන ඉතිරියට තරමක් අනතුරුදායක ක්‍රමද ඇත. වාහනයක ගියරය Neutral කර බෑවුම් පාරවල යාම මින් එකකි. අධික වේගයකින් නොයන්නේ නම් වාහනයේ පාලනය නැති වීමේ අවදානම අඩුය. Manual වාහනවල සිට Auto වෙතට මාරු වූ අය Auto වාහන සඳහාද මෙය කරති. මෙය ඉතා පහසුය. වාහනය ඉදිරියට යද්දීම D සිට N දක්වා ලීවරය මාරු කළ හැක (බොත්තම තද කිරීම අවශ්‍ය නොවේ ).

    coz this will harm ur gear box in future.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෙසේ වෙතත් මේ සියල්ලටම වඩා අනවශ්‍ය ලෙස වාහනය මතම යැපීමෙන් වැළකීම වැදගත්ය. දින පහක් රාජකාරියට වාහනයේම නොයා එක දිනක්වත් බස් රථයට/දෙපා වලට මාරු වීමෙන් ඉන්ධන ඉතිරියට මෙන්ම ශරීරයේ සෞඛ්‍යටද යහපතක් වේ.

    :yes::yes::yes::yes: