ඉන්ධන මිල වැඩි කළොත් බස් නෑ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ ප්‍රදේශයේදී අද පැවැත් මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    එහිදී ඔහු කියා සිටියේ ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇති බවයි.

    බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.


    Aruna
     
    • Like
    Reactions: kinkon

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔය කියන්නේ මේවගේ එකක් ගැන. කරන්න පුලුවන්නම් හොදයි. ඉතිරි මාරු කාසි වලට කොන්දා ෂොට් එක දෙන එක නැති කර ගන්න පුළුවන්. සීන් එක තියෙන්නේ PoS එකක් ඕනේ. මුන් එක වැඩ නැහැ කියල මේ වැඩ පිළිවෙල කෙල කරනවා. දැන් මේ වැඩේ අවුරුදු 4-5ක් තිස්සේ ඇදෙනවා.

    https://www.dialog.lk/touch-travel
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බස් කාඩ්පත අනිවාර්යය කිරීම
    මේක නම් කරොත් හොදයි ඒත් ඕක කරන්න දීල බලන් ඉන්න එකක් නම් නෑ අපේ අයියලා හොර කරන්න බැරි වෙන නිසා