මාව අද මහපාරේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා බන් බයිසිකලේ ලෙස්සල. වැඩේ කියන්නෙ මගෙ full face හෙල්මෙට් එක අපේ මාමා ඉල්ලන් ගියා. මම ටවුන් එකට ගියේ බත් දන්සලක් දෙනවා මගෙ යාලුවෝ ටිකක්. කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ. ඒත් මම වැස්සේම ගියා බයික් එකෙන් ඇරල දාල වාහන අස්සෙන් අස්සෙන් දාල. කැරි ලදරම් කාර් කට්ටක් එක පාරට break කරා උට හරවන්න ඕන පාර මිස් වෙලා. මාත් break කරා. එක පාරටම break කරපු නිසා ලෙස්සල රූටල ගිහින් ගෙම්බා වගේ පතබෑ වුණා(break combine වෙන්නෙ නෑ බන් මගෙ rear break ගොඩක් යට තියෙන්නේ. adjust කර ගන්න ඕන) කට ගිහින් පොළවේ වැදුනා. වැලමිටේ සුදුහම පෑදිලා ලේ වැක්කෙරෙනවා.
මහපාරේ යන මිනිස්සු මට උදවු කරා මාර විදිහට. ළඟ ගෙදරකින් වතුර එකක් ගෙනත් දුන්න බොන්න. දත් ටිකට කිසි අවුලක් නෑ. තොල හිල් වෙලා බන්. වතුර බොද්දි වතුර බින්දුව බින්දුව අර තොල පසාරු වෙච්ච තැනින් එනවා. දැන් අර තුවාලේ වේදනාවට උණ ගැනිල ඉන්නේ. අම්මට කිව්වෙත් නෑ. හැබැයි මොන දේ වුණත් මම දන්සලට ගිහින් කන අයට බත් බෙදලා, පෝලිම් හදල, ළමයි හම්බෙන්න ඉන්න අම්මලට බත් ඔතල ඒ වැඩ ටික කරා තුවාල පිටින්ම. අතේ සුදුහම පෑදිලා අඟල් දෙකක විතර තුවාලයක් තියෙනවා. තොල හිල් වෙලා දත් පාරකට. දනිස්ස තුවාලයි. දකුණු අත උස්සන්න අමාරුයි. තුවාලේ වේදනාව නිසා දැන් උණ double වෙලා මාව ගැහෙනවා.
මට උදවු කරන්න ආපු අය නම් දෙවිවරු.
මම එයාලට ගොඩක් ස්තුඋති කරලා ආවේ.
උබලා බයික් වල යනවා නම් වැස්ස දවස් වල හෙමින් යන්න. Break adjust කරගන්න අමතක කරන්න එපා. උණ බන් අම්මව නැගිට්ටවන්න හිතෙන්නේ නෑ. උදේට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගන්නවා. තොලට මැහුම් දෙකක් තුනක් වත් දාන්න වෙයි වගේ. තොල leak. උදව්වට ආපු අය දෙවියෝ.
උබලා බයික් වල යනවා නම් වැස්ස දවස් වල හෙමින් යන්න. Break adjust කරගන්න අමතක කරන්න එපා. උණ බන් අම්මව නැගිට්ටවන්න හිතෙන්නේ නෑ. උදේට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගන්නවා. තොලට මැහුම් දෙකක් තුනක් වත් දාන්න වෙයි වගේ. තොල leak. උදව්වට ආපු අය දෙවියෝ.

