ඉබ්බො හදන එකත් පට්ට ආතල් මචන්.
මම අවුරුදු 11දි විතර ඉබ්බෙක් ඇති කලා. ඒ ගල් ඉබ්බෙක්. පොරගෙ ඔලුවෙ ලුමිනස් තැබිලි තිත් තිත් තිබුනා.
මම ලොකු ටයර් එකක් බිමට පෙරලලා, ඒකට වතුර පුරවලා, මැදට සුදු වැලි දාලා, ඉබ්බට ගෙයක් හදලා දුන්නා.
ඉබ්බා එයාට කැමති වෙලාවට වතුරෙ ඉන්නවා. අනිත් වෙලාවට මැද තියෙන වැලි ගොඩේ ඉන්නවා. ටයර් එක ලොකු නිසා එයාට එලියට පනින්න බෑ.
මෙහෙම ටික කාලයක් ඉබ්බා හොදට හිටියා. ඒත් එක දවසක් බලද්දි ඉබ්බා ආගිය අතක් නෑ.
එදා අපේ වත්ත සුද්ද කරන්න කොල්ලො කට්ටියක් ඇවිල්ලා හිටියා. සමහර විට එයාල අරන් යන්න ඇති.