ඉබෝලා (නම සැදුන හැටි)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉබෝලා (නම සැදුන හැටි)

    අද ලෝකයේ වැඩියෙන්ම කථා බහට ලක්වූ වචනයකි ඉබෝලා. අප‍්‍රිකාවේ සියොරා ලියොන් හී වැසියන්ට වැළඳීමෙන් ව්‍යාප්තවූ මෙම රෝගය හා රෝග කාරකය ලෝකයේ වෙනත් රටවල්ද ආක‍්‍රමණය කිරීමට පටන් ගෙන ඇත
    අද බොහෝ රටවල ගුවන් තොටුපොළ වල ජංගම රෝහල්, රසායනාගාර තාවකාලිකව ඉදිකරමින් ඉබෝලා ගෙන් ජනතාව රැක ගැනීමට වෙහෙසෙමින් සිටී. කුමක්ද? මෙම ඉබෝලා. ඉබෝලා නාමයටද විශේෂත්වයක් ඇත්තේය. වෛරසය මෙන්ම එයද දැන ගැනීම වටින්නේය.
    ඉබෝලා යනු විද්‍යාත්මක නාමයක් නොවේ. බටහිර අප‍්‍රිකාවේ පිහිටි මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදි කොන්ගෝ රාජ්‍යය මැදින් ගලා බසින නිල්වන් නදියකි. මෙම දිය දහර හැදින් වෙන්නේ ඉබෝලා ලෙසය. කෙටියෙන්ම මෙම ගංඟාවේ නම ඉබෝලාය. කොන්ගෝ රාජ්‍ය භාෂාවට අනුව එබෝලා යන්නේ තේරුම ”පිරිසිදු වතුර” යන්නයි. ඉබෝලා වෛරසය ප‍්‍රථමයෙන් සොයා ගත් 1976 දී ප‍්‍රථම රෝගියා හමුවන්නේ මෙම ගංගාව ආශ‍්‍රිත ප‍්‍රදේශයකදීය.
    උතුරු කොන්ගෝවේ පිහිටි යැම්බුකු රෝහලට ප‍්‍රථම රෝගියා ඇතුළු කිරීමෙන් පසු වෛරසය ශරීරගතවු එවැන්නෝ 280ක් විවිධ ප‍්‍රදේශ ආශ‍්‍රිතව සොයා ගැනීමට හැකිවී ඇත්තේය.
    කහ උණ යැයි වෛද්‍යවරුන් ප‍්‍රථමයෙන් අනුමාන කළද එය නිවැරදි නිගමනයක් නොවීය. මේ ගැන සොයා බලා පරීක්ෂණ කිරීමට බෙල්ජියම් ජාතික වෛද්‍යවරු කණ්ඩායමක් කොන්ගෝවට ලගා වුහ.
    ඔවුන්ගේ පරීක්ෂණ හා නිගමන වලට පසු රෝග කාරකය අලූත්ම ගනයේ වෛරසයක් බව සොයා ගත්තේය.
    ප‍්‍රථම රෝගියා හමුවුයේ ඉබෝලා නදිය අසල ගම්මානයකින් බැවින් මෙම වෛද්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වන ඉබෝලා හා ඒඞ්ස් වෛරසය ගැන පරීක්ෂණ සිදුකළ ලෝක ප‍්‍රසිද්ධ උෂ්ණ කලාපීය ක්ෂුද්‍රජීවී විශේෂඥ වූ පීටර් පියොට් නම් විදුවරයා විසින් එම වෛරසය එබෝලා යනුවෙන් නම් කළේය.
    ඉබෝලා ලෝකයා හඳුනා ගන්නේ එසේය. අද සුන්දර නිල්වන් දිය දහරක් ලෝකයම සසළ කර ඇත්තේය. ඉබෝලා රෝගයෙන් හාරදහසක් පමණ දැනට මියගොස් ඇත්තේය.



    Ebola-river1.jpg


    Ebola-river-Map.jpg


    Peter-Piot.jpg