ඉරනතිව්_දූපත් අල්ලයි
ඉරනතිව් දූපත් වාසීන් යැයි හඳුන්වාගත් පිරිසක් බෝට්ටු 50 කින් ඉරනතිව් දූපතට ගොස් එය අල්ලාගෙන ඇත.මෙම දූපත නාවික හමුදාව භාරයේ තිබිණි.කොටි සංවිධානය ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කර වනසා දැමුවේ මෙම දූපතේ සිටයි.මන්නාරම රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම දූපත අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත.එම දූපතෙන් පිටව යන ලෙස නාවික බලධාරීන් කළ ඉල්ලීමටද මොවුන් එකඟ වී නැත.වන්නි මෙහෙයුමට පෙර කොටි මෙම දූපත අල්ලාගෙන එහි මුහුදු කොටි කඳවුරක් ස්ථාපිත කර තිබුණි.ඉරනතිව් උතුර සහ ඉරනතිව් දකුණ, දූපත් දෙක පිහිටා තිබෙන්නේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරී ප්‍රාදේශීය ලේඛම් ප්රදේශයේය.
1984 පෙබරවාරි මස අලුතෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතිකරන විට ඒවා යාපනය දිස්ත්‍රික්කයෙන් ඉවත්වී කිලිනොච්ච් දිස්ත්‍රික්කයට අයිති විය.ඒවා පිලිවෙලින් වර්ග කිලෝමීටර් 4.22 ක් හා 1.71 ක භූමි ප්‍රමාණයකින් යුක්තය. උතුරු ඉරනතිව් දූපත හා එහි සහෝදර දකුණු දිවයින, ඕලන්ද පාලන සමයේදී, පිලිවෙලින් එන්කුයීසන් හා හූන් යන නම් වලින් හැදින්වූ බව සදහන් වේ.
සිංහලෙන් මේවා එරන්දූව සහ ඌනදූව ලෙස ව්‍යවහාර වෙයි.
ඉරනතිව් දූපත රාජ්‍ය නොවන සංවිධානයක් විසින් බෝට්ටු 50 කින් ඇවිත් ආක්‍රමණය කරයි

Last edited: