ඉරනතිව්_දූපත් අල්ලයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉරනතිව්_දූපත් අල්ලයි

    ඉරනතිව් දූපත රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් බෝට්‌ටු 50 කින් ඇවිත් ආක්‍රමණය කරයි


    ඉරනතිව් දූපත් වාසීන් යැයි හඳුන්වාගත් පිරිසක්‌ බෝට්‌ටු 50 කින් ඉරනතිව් දූපතට ගොස්‌ එය අල්ලාගෙන ඇත.මෙම දූපත නාවික හමුදාව භාරයේ තිබිණි.කොටි සංවිධානය ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වනසා දැමුවේ මෙම දූපතේ සිටයි.මන්නාරම රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මෙම දූපත අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත.එම දූපතෙන් පිටව යන ලෙස නාවික බලධාරීන් කළ ඉල්ලීමටද මොවුන් එකඟ වී නැත.වන්නි මෙහෙයුමට පෙර කොටි මෙම දූපත අල්ලාගෙන එහි මුහුදු කොටි කඳවුරක්‌ ස්‌ථාපිත කර තිබුණි.ඉරනතිව් උතුර සහ ඉරනතිව් දකුණ, දූපත් දෙක පිහිටා තිබෙන්නේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරී ප්‍රාදේශීය ලේඛම් ප්‍රදේශයේය.

    1984 පෙබරවාරි මස අලුතෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතිකරන විට ඒවා යාපනය දිස්ත්‍රික්කයෙන් ඉවත්වී කිලිනොච්ච් දිස්ත්‍රික්කයට අයිති විය.ඒවා පිලිවෙලින් වර්ග කිලෝමීටර් 4.22 ක් හා 1.71 ක භූමි ප්‍රමාණයකින් යුක්තය. උතුරු ඉරනතිව් දූපත හා එහි සහෝදර දකුණු දිවයින, ඕලන්ද පාලන සමයේදී, පිලිවෙලින් එන්කුයීසන් හා හූන් යන නම් වලින් හැදින්වූ බව සදහන් වේ.

    සිංහලෙන් මේවා එරන්දූව සහ ඌනදූව ලෙස ව්‍යවහාර වෙයි.



    iranathiw-bjbvjdd.jpg
     
    Last edited:
    • Like
    Reactions: s.a.s

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මයිනව බලේට ගේන්න ඒ කාලේ මාර පච අතෑරල තියෙන්නෙ මේ වේස බයියො :lol:

    ඔය 60 පැනපු නාකියෝ බන් විශ්‍රාම ගන්න ඕන පාර්ලිමේන්තුවේ. 60න් පස්සේ වයසක අයව ජොබ් වලින් විශ්‍රාම වැටුප් දීල ගෙදර යවන්නේ අන්තිම කාලේ ගෙදරට වෙලා ඉන්න.

    තරුණ අයට ජොබ් ජොබ්ස් නැතිව වේලෙන්නේ. මයිනෝ වගේ නාකි පප්පලා පුටුවලින් යන්නේ නැති හින්දා. එහෙම එකේ අපේ රට දියුණු වෙයිද බන්.

    කිසිම තාක්ෂනයක් නොදන්නා. 60/70 ගණන් වල දැනුම් තියෙන අය කොච්චරක් රාජ්‍ය සේවයේම ඉන්නවද බන් ? ඔන්න ඕකයි.

    මුලින්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඔය නාකියෝ ටික ගෙදර යවන්න ඕන. නාකි උලමෝ කාල කාල තවත් කන්න බලන් ඉන්නවා.
     
    • Sad
    Reactions: hasithayad