ඉරානයේ මොකද වෙන්නේ?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉරානයේ මොකද වෙන්නේ?

    OSS4Bp6.jpg

    ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ අසාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ඉරානයට එරෙහිව සිය ප්‍රථම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන්නට අද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමත්විය.අද දින එල්ල වූ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ 12ක් මියගොස් ඇතිබව සවස් කාලයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.

    b2FKlCJ.jpg
    ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ​

    මෙම ද්විත්ව ප්‍රහාරය සම්බන්ධව ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකායේ ඇඟිල්ල දිගුවන්නේ සෞදි අරාබිය දෙසටයි.මෙම ප්‍රහාර දෙක ඉරානයේ පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනිගේ සොහොන් ගැබ ආශ්‍රිතව සිදුව තිබෙන්නේ බදාදා උදෑසන කාලයේය.ප්‍රහාරවලින් 12ක් මියගොස් තිබේ.

    7lEBs8Q.png

    මෙම ප්‍රහාර ටෙහෙරාන් අගනගරයේ සිට කි.මී. කිහිපයක් දකුණින් වූ ප්‍රදේශයක සිදුව තිබේ.ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් බාරගෙන තිබේ.ඉරානයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කල ප්‍රථම වතාව මෙයයි.ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකායට කියන්නේ මෙම ප්‍රහාරය සිදුවන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,ත්‍රස්තවාදයට සහාය දෙන ගල්ෆ් අරාබි රටවල නායකයින් මුණ ගැසීමෙන් සතියකට පසුව බවයි.ඉරානය සමග යහපත් සම්බන්ධතාවයකට සූදානම් වෙමින් සිටි කටාර් රාජ්‍යය රාජ්‍යත්‍රාන්තිකව හුදකලා කිරීමට සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ඊජිප්තුව ආදී කිහිපයක් එක්ව කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල විය.

    s1ZuyeF.jpg
    පාර්ලිමේන්තුවේ සේවය කලවුන් ඉන් පලායන අයුරු​

    PvgQaWu.jpg
    පාර්ලිමේන්තු ප්‍රහාරය අතරතුර ඉරාන ආරක්ෂක නිලධාරීන්​

    7IzqgvE.jpg
    පාර්ලිමේන්තුව තුල සිටි ත්‍රස්තවාදියෙක්ගේ මළ සිරුරක්​

    ටෙහෙරාන් හි පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් මරා දමා තිබේ.කුමේනිගේ සොහොන් ගැඹ ආශ්‍රිතව තවත් ප්‍රහාරයක් සිදුවු අතර ඉන් උයන්පල්ලෙක් මියගොස් තිබේ.එහි සිටි නිලධාරියෙක් ප්‍රකාශ කලේ තුවක්කුකරුවන් 3-4 ගණනක් බටහිර පිවිසුමෙන් ඇතුලුවී දිගට හරහට වෙඩි තැබූ බවත් ප්‍රහාරවලින් උයන්පල්ලෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටින බවයි.

    0ZAH2Kq.jpg
    කුමේනි සොහොන් ගැබ ආශ්‍රිතව සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය​

    Video - Link


    ඉරානයේ උත්තරීතර නායකයා ලෙස හඳුන්වන අයතුල්ලා අලි කමෙනියි කියන්නේ මෙවැනි ගිනි කෙලි වලින් තම රට ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන යන සටන දුර්වල කල නොහැකි බවයි.ඉරාන වාර්තාවලට අනුව නම් ප්‍රහාරවලින් 43 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.මරාගෙන මැරෙන බෝම්බකාරියක් සොහොන් ගැබට පිටතදී බෝම්බයක් පුපුරවාගෙන තිබේ.තවත් ගැහැණියක් අත් බෝම්බ හයක් ගෙන යද්දී අත් අඩංගුවට පත්ව තිබේ.

    TEBWhSo.jpg
    කුමේනි සොහොන් ගැබ තුලට ඇතුල්වූ ඉරාන විශේෂ බලකා සෙබලුන්​

    wNMvJZV.jpg
    සොහොන් ගැබ ආශ්‍රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්​

    nS5f9jF.jpg



    6iVwQgx.jpg
    සොහොන් ගැබ ආශ්‍රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්​

    9CRBgHr.jpg
    බෝම්බය පුපුරවාගැනීමට පෙර මරාදමන ලද දෙවන බෝම්බකරුවාගේ සිරුර​

    පාර්ලිමේන්තුවට කඩාපැන්න ප්‍රහාරකයින් තිදෙනාගෙන් එක් අයෙක් පිස්තෝලයක්ද අනෙක් දෙදෙනා ඒකේ-47 රයිෆල්ද සතුවූ බව අයෙක් රාජ්‍ය රූපවාහිනියට පවසා තිබේ.ඒ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙමින් තිබූ අතර එය සජීවීව විකාශ කරමින් තිබී ඇත.ප්‍රහාරකයින් පාර්ලිමේන්තුව තුල ප්‍රාණඇපකරුවන් තිදෙනෙක් රදවාගෙන සිටින බව මාධ්‍ය වාර්තා කලහ.

    zo0egqS.jpg

    පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රදවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිටතට පෙන්වන තුවක්කුකරුවන්

    තමන් පාර්ලිමේන්තුව තුල බලය අල්ලාගෙන සිටින බව පෙන්වීමට ත්‍රස්තවාදීන් නිකුත් කල වීඩියෝපටයක් - Video

    අරාබි මාධ්‍ය කිහිපයකින් ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට පවරා තිබුණද පැය භාගයකට පසුව එම වාර්තා ඔවුන්ගේ වෙබ් අඩවිවලින් මකා දමා තිබේ.පලමු ප්‍රහාරයෙන් පැය භාගයකට පසුව පාර්ලිමේන්තුවේ සිට කි.මී. 19 දුරින් වූ අයතුල්ලා කුමෙනිගේ සමාධිය තිබෙන ස්ථානයේ වෙඩි තැබීමක් සිදුවිය.එම සිද්ධියෙන්ද කිහිපදෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.අයතුල්ලා රුහොල්ලාහ් කුමෙනි 1979 වර්ෂයේදී ඉරාන විප්ලවය මෙහෙයවන ලදි.

    ZLvlC6T.jpg
    පාර්ලිමේන්තු සංකීර්ණයේ පිරිස් මුදාගැනීම​

    9KJqFhk.jpg
    ප්‍රාණ ඇපයට පත් පුද්ගලයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල අය සිටි බව කියවේ.​

    oK9c7Kk.jpg
    ඉදිරියෙන් පෙන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයයි​

    q0SOPEQ.jpg
    ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ​





    Source:middleeasteye.net

    -HarshaLulzSec-
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පව් බන් මිනිස්සු... :(
    මොන රෙද්දක් බෙදාගන්ඩ බැරුවද බලහන්කො මෙහෙම හැසිරෙන්නෙ...

    ඒ මොනවා උනත් උඹේ පෝස්ට් පට්ට.. :love:

    නිකමට අහන්නේ ටෝටල් රෙප් ගාන කීයද,හිතනවා දාලා තියෙන ඒවගෙ හැටියට හොඳ ගානක් ඇති කියලා :love::D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;21766629 said:
    නිකමට අහන්නේ ටෝටල් රෙප් ගාන කීයද,හිතනවා දාලා තියෙන ඒවගෙ හැටියට හොඳ ගානක් ඇති කියලා :love::D
    උඹත් ඔහොම ත්‍රේඩ් ටිකක් දාහන්.. අනුන්ට හූලන්නෙ නැතුව වේසි..:angry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹත් ඔහොම ත්‍රේඩ් ටිකක් දාහන්.. අනුන්ට හූලන්නෙ නැතුව වේසි..:angry:

    බලහන්කො ඉතින් මනුස්ස කමට දෙයක් ඇහුවම මිනිස්සු අහිංසකයින්ට කියන කතන්දර..:(:(
    පල්කඩ දහතුරා අවලමී ‍තෝ :growl::growl:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Moley[brain] eka adu unama vena vinasayak. Oya mara gena marena ayage target eka mokakdha?? Mayavak pamanai. Ohoma marenne monava laba gannadha ? Mayavak pamanai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mara gena marena bombakaru ge body eka vinasa vela gihilla, Boru mayavan magin Minis jivitha ballata dala thiyena vidiya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mara gena marena aya dinnath unta monavadha hammu venne?? Mara gena marunama siyalu prasna visadenavadha ? Hithanna thibuna Moley mula una hati.
     
    Jun 5, 2017
    68
    5
    0
    මේ තම්බි හැත්ත ඉන්න තැන්වල මොකක් හරි හු#ත්ත ක්නෙ, මොන මඟුලක්ද ඕයි මෙක ,එක්කො උන්ව නැති කරලා දාන්න ඕනෙ,නැත්නම් අපි මේ ලෝකෙ ඇත ඇරලා වෙන ග්‍රහ ලෝකෙකට යන්න ඕනෙ,මුන්ගෙ මේ කැ# ආගම තමා ඔක්කොටම හේතුව,පිස්සු හු#ත්ගෙ පුතාලා
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    pissu hedenawa neda
    lankaweth itin tera un hitiya
    ape army eke support eka dunna nam okun nethi karanna thibba