ප්‍රධාන හේතුව ශියා සුන්නි ප්‍රශ්නෙ. කන්ඩායම් දෙකක් විදිහට ඉරානෙයි අරාබියයි තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න එක විදිහක් නිසා ඕක තමා ගැටලුවෙ පදනම. හැබැයි ඒක හත්වෙනි ශතවර්ෂෙ තරම් පරණ නිකාය කේස් එකක් නිසා වර්තමානෙ ගැටලුවත් ඒකම කියල හිතන එක වැරදියි.
වර්තමානෙ ලෝකෙත් ඔය සෙක්ටේරියන් ගැටලුවෙ ජායාව තමා තියෙන්නෙ හැබැයි ග්ලෝබල් පොලිටික්ස් එක්ක මිශ්‍ර වෙලා (ඒ කිව්වෙ ඔරිජිනල් ප්‍රශ්නෙම නෙමේ).
නිල වශයෙන් ඔය ගැටලුව අලුත් වෙන අවුරුද්ද තමා 1979. ඊට කලින් ඉරානෙත් අරාබියත් සාමාන්‍යෙන් තිබ්බ චිරාගත විරසකේට වඩා වැඩි යමක් නෑ. ඒත් කොහ්මෙයිනි ඉතාම සින්ගියුලර් විදිහට ඊනියා බටහිර විරෝධී, සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ගැන අයිඩියොලොජියකට වැඩ කරන්න ගත්ත ගමන් සවුදිය ඇතුලෙ නොසන්සුන්තාවක් ආව. අරාබියෙ වහාබි ක්ලරික්ස් කාලෙක ඉඳන් සවුදි ඩයිනස්ටි එකට කිය කිය හිටියෙත් ඔය විදිහෙ ක්‍රමයක්. ඒ අතරෙ වහාබි රැඩිකල් කන්ඩායමක් මක්කමේ දොරවල් වහල බලෙන් අල්ලගෙන කේස් එකක් ආව. එයාල එහෙම කලේ සවුදි රජය අනුගමනය කරමින් තිබ්බ බටහිර ක්‍රමයට විරෝධය පෙන්නන්න. ඉතින් රජාට දැන් ගැලවීමක් ගැලවීමක් නෑ. කවුද වැඩියෙන්ම සාම්ප්‍රදායික කියල පෙන්නන්න තරඟෙ පටන් ගත්තා. මොකද සවුදිය ඊට කලින් තිබුන ප්‍රොග්‍රෙසිව් විදිහට හිටියොත් අරාබි ජනතාව අතින් සවුදි ඩයිනස්ටි එක විවේචනය වෙනව. ඉරානෙ ඇතුලෙ මූලදාර්මික ශියා සංස්කෘතියක් හැදෙන එක බැලන්ස් කරන්න අරාබියෙ වහාබි මධ්‍යස්ථාන වැඩි උනා. පාකිස්තානෙ එහෙම සවුදි ෆන්ඩඩ් පල්ලි, මද්‍රාසා පටන් ගන්නෙ අසූ ගනන් වල.
ඊට පස්සෙ අද දක්වාම ඔය රටවල් දෙක මැද පෙරදිග බලය වෙනුවෙන් කරන යම් යම් දේවල් තමා දකින්න තියෙන්නෙ. ඔය කලාපෙ යම් පොලිටිකල් ගැටලුවක් ඇති උනොත් අදාල ප්‍රදේශයෙ ඉන්නෙ ශියා හෝ සුන්නි ජනතාව කියන එක අනුව ඉරාන් හෝ අරාබිය ඒ ප්‍රශ්නෙ එක්ස්ප්ලොයිට් කරනව. උදාහරණ:
රුසියාව ඇෆ්ගනිස්තානෙ ආක්‍රමනය කරපු වෙලේ ඒකට රෙසිස්ට් කරන්න ඇෆ්ගන් ජනතාව ඇතුලින් හැදුන හැදුන මුජහදීන් ලට අවශ්‍ය ආයුද අරව මේව එක්ක ට්‍රේන් කරන්නෙ අරාබිය පාකිස්තානෙ බෝඩර් හරහා (ඇමරිකාවට අමතරව). මුජහදීන් ල ප්‍රධාන වශයෙන් සුන්නි අදහස් වලට සිම්පතටික් කන්ඩායමක් විදිහට තියාගැනීමෙ වාසිය අරාබියට තිබුන ලේසියෙන් හසුරවන්න පුලුවන් නිසා. තව මුජහදීන්ලට සහය දෙන්න අරාබියෙන් තරුණයො පාකිස්තානෙට යනව. මේ අසූ ගනන්;
යොම් කිපූර් යුද්දෙ එක්ක ලෙබනනෙ ඇතුලට ආපු ආක්‍රමණය අතරෙ ඉරානය කොහ්මෙයිනි ගෙ හමුදාවෙ යම් අංශයක් (IRGC) ලෙබනනේට යවල සාම සාදක හමුදා වලට සුයිසයිඩ් ඇටෑක් කරන්න පොඩි කන්ඩායම් හදනව. මිනිස් බෝම්බ ගැන අදහස පළමුවරට පාවිච්චි වෙනව. ඕවයින් එකක් තමා ටික කාලෙකින් හිස්බොල්ලා විදිහට හැදෙන්නෙ. ලෙබනනේ කියන්නෙ ශියයිට්ස් ලා වැඩිපුර ඉන්න රටක්. මේ 82 83 කාලෙ වගේ;
අර මුජහදීන් ල එක්ක් ෆයිට් කරන්න ගිහින් ටෝරා බෝරා ගුහා වල හිටපු බින් ලාඩන් ඇමරිකාවට ගහනව. සුන්නි ෆයිටර්ස්ල පැත්තෙන් අල් කයිඩා එක විදිහට කැඩිල වෙන් වෙන්නෙත් ඔය කාලෙ. මේගොල්ලො අරාබියටත් කන්ට්‍රෝල් නෑ මෙතනින් එහාට. මේ දෙදාස් ගනන් මුල;
ඉරාක ප්‍රශ්නෙදි තමා මේක හොඳටම පෙනුනෙ. ඉරාකය කියන්නෙ බාගෙට බාගයක් ශියා සුන්නි ජනතාව ඉන්න රටක්. සදාම් කියන්නෙ සුන්නි පක්ෂෙකින් බලයට ආපු, අසූව අනූවදශකෙ පුරාවටම දැඩිව ශියා මිනිස්සුන්ව පීඩනෙට පත් කරමින් හිටපු ඒකාධිපතියෙක්. 2003 සදාම් රජය වැටුනට පස්සෙ ශියා රජයක් ඇති උනා. කොහ්මෙයිනි ඉරාකෙ සංචාරෙකුත් යනවා. මේක තමා අපේ යුගය, අපි සෙකන්ඩ් ක්ලාස් පුරවැසියො විදිහට හිටපු කාලෙ ඉවරයි වගෙ යම් ජයග්‍රාහී හැඟීමක් ඉරාකෙ ශියා මිනිස්සුන්ට ආවා. ඒත් එක්කම රටේ සුන්නි මිනිස්සුන්ට පහරදීම් වෙනව. මේ වෙද්ශි හැදිල තියෙන අල් කයිඩා එකෙන් ශියා දේවසථාන වලට බෝම්බ ගහනව. ඒකට ප්‍රති ප්‍රහාර විදිහට IRGC එකේ උදව් ඇතුව සංවිධානය උන ශියා ෆයිටර්ස්ලා සුන්නි මිනිස්සුන්ව ඔලු පවර් ඩ්‍රිල් කරල මරල දානව. සති ගානක් යනකම් පාරවල් වල තිබිලා දෙපැත්තමෙ අයගෙ මිනී හම්බවෙනව කියල ඒ කාලෙ නිව්ස් එහෙම ගියා. අසූ ගනන් වලට කලින් ඉරාකය කියන්නෙ ඉතාම ලස්සනට ශියා සුන්නි ජනතාව එකට ජීවත් උන් රටක්. නමුත් ඔය කාලෙන් පස්සෙ සෙක්ටේරියන් ගැටලුව ආපහු හරවන්න බැරි තරමට ඇවිලුනා;
මේ එක තැනකවත් ඉරානෙයි අරාබියයි නිල වශයෙන් ෆයිට් කරගන්නෙ නෑ. ටෙරිටරි වල තමන්ට හිතැති ඩිමොග්‍රැෆික් එක අනුව බයි ප්‍රොක්සි යම් පාලනයක් ඇති කරගන්න හදන ක්‍රමයක්.
පලි:
1979...ඕක තමා මැජික් අවුරුද්ද. ඔය අවුරුද්ද මුස්ලිම් ලෝකයට කොච්චර ක්‍රිටිකල්ද කියල තේරුම් ගන්නවනම් මිඩ්ල් ඊස්ට් ප්‍රශ්නයෙ අග මුල තේරෙනව (උත්තර නෑ නමුත් ප්‍රශ්නෙ තේරෙනව).