ඉරිදාට කමණි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විසඳුම

    ’ඈ බං සෝමවතී, උඹ අද තවත් ජෝග්ගුවක් කඩලා නේද?’ කුස්සියට ආ දීපානි ඇසුවේ අතුගාමින් සිටි මෙහෙකාරිය දෙස රවා බලමිනි.
    ’කමක් නෑ නෝනා, ඒකෙ අලාබෙ මගෙ පඩියෙන් කපා ගන්න.’ හිතුවක්කාර ගැහැනියක වන සෝමාවති තම ස්වාමි දුව දෙස නොබලාම කීවාය.
    ’උඹට මාසෙකට ගෙවන්නෙ රුපියල් හත්සිය පනහයි. ඔය ජෝග්ගුව මහත්තයා පිටරට ඉඳලා ගෙනා එකක්. ඒක රුපියල් දාහකට වඩා වටිනවා.’ දීපානි තරහින් කීවාය.
    ’ඉතින් නෝනා, මගෙ පඩිය එක්දාස් පන්සීයක් කරලා ඒකෙන් ජෝග්ගුවේ අලාබෙ කපා ගන්නකො. ඉවරයිනෙ.’ සෝමාවතී කීවාය.

    :eek:

    කලින් එන්ඩ එපායැ

    ’මේ කාලකණ්ණි ලෙඩේ හොඳ කරගන්ඩ කියල මං දොස්තර මහත්තුරුන්ට ලක්ෂ ගාණක් දීලා තියෙනවා. ඒ හින්දා දැන් මං අන්තිම දුප්පතෙක්, දොස්තර මහත්තයො.’ දීර්ඝ කලක් තිස්සේ සුව නොවී පවත්නා තම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි කොළඹගේ වෛද්‍යවරයා හට කීවේය.
    ’මට බොහොම කනගාටුයි. මීට කලිනුයි ඔහේ මං ගාවට එන්න තිබුණෙ. දැන් නං මට කරන්න කිසිම දෙයක් නැහැ.’ වෛද්‍ය ගුණසේකර කීවේය.

    :angry:

    ඉරිදාට කමණි

    මගේ හිතේ ඔයාට තියෙන ආදරේ වචනවලින් කියල නිම කරන්ඩ බැහැ කමණි.’ චමිල දුරකථනයෙන් කීවේය.
    ’මං කමණි නෙමෙයි, මම රමණි.’ දුරකථනයේ අනෙක් කොනින් කියැවුණි.
    ’අං... මට වැරදුණා. සොරි රමණි. මම හිතුවේ අද ඉරිදා කියල.’ චමිල වහා කීවේය.

    :love:

    දෙවරක් රැවටීම

    විභාගය ඇරැඹී ටික වේලාවක් ගිය පසු එක් ශිෂ්‍යයෙක් තමාට දකුණු පසින් සිටි සිසුවා හට පෙනෙන අයුරින් රෝල් කළ කඩදාසි කැබැල්ලක් තම මේසය මත තබනු විභාග පරීක්ෂකවරයාගේ නෙත ගැටිණ. ඔහු වහා එතැනට පැමිණ කඩදාසි කැබැල්ල දිග හැර බැලීය.
    ’රැවටුණා නේද?’ යනුවෙන් එහි ලියා තිබිණ. විභාග පරීක්ෂක වරයා සිසුවා දෙස රවා බලමින් යන්නට ගියේය.
    විභාගය අවසන් වීමට පැය භාගයකට පමණ පෙර ඉහත සිසුවා කොළ කැබැල්ලක් අතේ ගුලි කරගෙන හොරගල් අහුලනවා හදිසියේම විභාග පරීක්ෂකවරයා දුටුවේය. ඔහු වහාම එතැනට කඩා වැදී සිසුවාගේ අතින් කඩදාසි කැබැල්ල ඩැහැගෙන ජයග්‍රාහී විලාසයකින් එය දිග හැරියේය.
    ’ආයිත් සැරයක් රැවටුණා නේද?’ එහි ලොකු අකුරින් ලියා තිබුණි.

    :rofl:

    තවත් බාසාවක් ද?

    ’මොනවද පුතා උඹ විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න දේවල්?’ සති අන්තයේ නිවෙසට පැමිණි තම පුතා ගෙන් හෙක්ටර් ඇසීය.
    ’ප්‍රංශයි, ජර්මනුයි, ජන සන්නිවේදනයයි.’ පුතා කීවේය.
    ’ජනසන්නිවේදනයෙන් ‘සුබ උදෑසනක් වේවා!’ කියන්නෙ කොහොම ද?’ පියා ඇසීය.

    :shocked:

    ඔය කොහේ ද?

    රෝහල් සේවය සඳහා අලුතින් පැමිණි තරුණ හෙදියක් විවේක කාලයේදී වෛද්‍යවරුන්ගේ විවේක කාමරයට හිස පොවා බලද්දී එහි වාඩිවී පුවත් පතක් බලමින් සිටි තැනැත්තා දෙස බලා ආචාරශීලී ලෙස සිනාසී මෙසේ කීවාය.
    ’ඩොක්ටර් මගෙ මේ උරහිස දැන් දවස් කීපෙක ඉඳලා රිදෙනවා.’
    ’ඔන්න ඔතනින් පොඩ්ඩක් ඇලවෙන්න බලන්න. මං මසාජ් කරන්නං.’ අනෙකා පුවත්පත පසෙකින් තබා නැගිටිමින් කීවේය.
    ඇය අසල තිබු ඇඳේ ඇලවූවාය. මඳ වේලාවකින් ඇය ඔහු දෙස බලා ලැජ්ජාවෙන් මෙන් මෙසේ කීවාය.
    ’ඩොක්ටර්, ඔය මසාජ් කරන්නෙ මගෙ උරහිස නෙමෙයිනෙ.’
    ’කමක් නෑ, මම දොස්තර නෙමෙයිනෙ.’ ඔහු කීවේය.

    :shocked:

    එඩ්වඩ් චන්ද්‍රසිරි
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හැමෝටම බලාගන්න මං මේක නැවතත් උඩට ගත්තා.