ලංකාවේ තාම ගෝත්රික හැත්තක් ඉන්නවා: පිරිමියා කියන ජීවියා ට ඒ සමාජ වටපිටාව අනුව වෙන දෙයක්. පිරිමි අපිට ලංකාව ඇතුලේ පොඩි වයසේදී ඉදන් අහන්න ලැබෙනවා ගැහැණිය මෙහෙමයි අඳින්නේ, මෙහෙමයි හැසිරෙන්නේ, මේ මේ දේවල් විතරයි කරන්න ඕනේ වගේ දේවල්. එතකොට අපි ඒවා Base කරගෙන mentality එක හදාගන්නවා. අපේ වගේ ගෝත්රික සමාජයක ගැහැණිය කොටු කරපු, සියලු ප්රශ්න ගැහැණිය මත පටවන්න පිරිමින්ව පුරුදු කරපු, ගැහැනියගේ තියන ශරීරයට ස්වභාවිකව තියන, හිරේ කෙස්ගසේ සිට පදයේ නියපොතු දක්වා තියන ස්වභාවික ආකර්ෂණයට එහා මහා ලොකු වරදක් පිටින් ඉපදුනු අය ලෙස හංවඩු ගහපු, එහෙව් පිරිමි ඉන්න සමාජයකට ඔය කොට කලිසන් කෑල්ල මහා ප්රශ්නයක්. මොකද මේකේ කොමෙන්ට කරපු ගොඩක් අයට නගින්න ඇති ඔය ප්රශ්නේ කියවලම. මොකද ඔය කොට කලිසමෙන් නිරාවරණය වෙන ප්රදේශය අපේ අයට මැජික් එකක්. ඒ ගොල්ලෝ නිතර දැකලා නැති නිසා. ඔය සිද්දියේදී නැන්දලා කියන අයත් ඉතින් 21 සියවසට අදාලව expire වෙන අයනේ. ගණන් ගන්න එපා.







