ඉර අවරට යන යාමේ හාවාගල මුදුනේ

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉර අවරට යන යාමේ හාවාගල මුදුනේ

    ඉර අවරට යන යාමේ හාවාගල මුදුනේ...
    :love::love::love:

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයෝ ඔක්කොටම.

    මම ගියපු තවත් ලස්සන සංචාරයක් ගැන කතා කරන්නයි මේ නුල වෙන් කරන්නේ.

    බෙලිහුල්ඔය මායිමේ පිහිටි හාවාගල එහෙම නැත්තම් හාගල කන්දේ ගතකරපු සුන්දරම ගමනක් ගැන කලින් නූලකත් මම විස්තර ගෙනාවා ඔබ සමහර දෙනෙක් දකින්න ඇති.
    මේ යටින් මම ඒ කලින් දාපු නූලේ ලින්ක් එක තියෙනවා. කැමති කෙනෙකුට ගිහින් බලන්න.




    ඉතින් ඒ හාවාගල කන්දට අපි ගියපු දෙවෙනි සංචාරයේ තොරතුරු ටිකක් තමා මේ නූලෙන් ගෙනෙන්නේ.
    2015 අවුරුද්දේ පලවෙනි හාවාගල ගමනෙන් පස්සේ තවත් බොහොම සචාරක ඉසව් වල ගියා, කඳු නැග්ගා, දිය ඇලි බලන්න ගියා සෑහෙන අත්දැකීම් ලැබුනා, මෝඩ වැඩ කළා ,පාඩම් ඉගෙන ගත්තා.

    පළමු ගමනෙන් අවුරුදු දෙකහමාරකට විතර පස්සේ 2017 අවුරුද්දේ අන්තිම කාලේ පෝය දවසකට කලින් තමා මේ ගමන අපි ගියේ.
    ඉතාම හදිස්සියෙන් වගේ සුදානම් කරලා එදා ම හවස ගමන් මලුත් ලැස්ති කරගෙන රෑ බස් එකේ පිටත් වුනු ගමනක්.
    මමත් තව ගමේ මිත්‍රයෝ දෙන්නෙකුත් තමා කණ්ඩායම. අපි 3 දෙනයි.
    පුරුදු විදිහටම කොළඹින් බදුල්ල බස් එකක නැගිලා බෙලිහුල්ඔය කිට්ටුව පඹහින්නෙන් බහිද්දී පාන්දර යාමය ඉවර වෙලත් නෑ.
    පාන්දර සීතලටත් එක්ක පඹහින්න කඩෙන් රොටියක් කාලා තේ කහට උගුරක් බීලා හිමින් සීරුවේ බෙලිහුල්ඔය නගරයට එද්දී යාන්තන් පහන් එලිය වැටුනා.
    ගමන පටන් ගන්න ලඳුයාය බස් එක එනකම් තරමක් වෙලා තිබුණු නිසා ඕනේ කරන අඩුම කුඩුම ටිකකුත් අරගෙන බෙලිහුල්ඔය ශා. මරියා දේවස්තානයටත් ගොඩ වැදිලම ආවා.
    මේ කියන කාලේ නිරිත දිග මෝසම සක්‍රිය වෙලා තිබුණු නැති නිසා ගොඩක් පළාත් වලට සෑහෙන තද පෑවිල්ලක් තිබ්බේ.
    ඒක නිසා අමතරව ලොකු වතුර බෝතලයකුත් අරගෙන උදේ පිටත් වෙන පලවෙනි බස් එකෙන් ලඳුයාය ගමට ඇවිත් පරණ පුරුදු පාරෙන්ම ගමන පටන් ගත්තා.

    r0tprV9.jpg

    ඈතින් යාන්තම් ඉර මෝදු වේගෙන එනවා


    dXgOKOL.jpg

    බෙලිහුල්ඔය ශා. මරියා දේවස්තානයටත් ගොඩ වැදිලම ආවා.


    Uudp9jQ.jpg

    ගමන පටන් ගන්න කලින්


    Jl3Lejv.jpg


    GcsvBFC.jpg


    නමුත් කලින් වතාවේ වගේ තේ යාය පැත්තෙන් මාන තලාව දිගේ උඩට යනවා වෙනුවට අපි කැලේ මැදින් තියෙන නියමිත අඩි පාරෙන් තමා මුදුනට ගියේ.
    ඒක නිසා වැඩි වෙලාවක් මහන්සියක් නැතුවම දවල් ඉර මුදුන් වෙන්න කිට්ටු කරලා අපි කන්ද මුදුනට ආවා.

    1gxW3O6.jpg


    AqQUJnG.jpg


    thBRvaO.jpg


    y96Mr1G.jpg

    කලින් වතාවේ දැකපු ගලගම දිය ඇල්ල මෙදා පාර යද්දී හොඳටම හිඳිලා.

    hWBaEnq.jpg


    v7hgYYL.jpg

    කන්දේ මුදුනට කිට්ටුයි දැන්

    JzV2A2N.jpg


    7G0TXur.jpg

    දවල් ඉර මුදුන් වෙන්න කලින් කන්දේ මුදුනට ඇවිත් හොඳ විවේකයක් ගත්තා.කුඩාරම හදන්න උත්සහා කලේ නෑ මොකද ඒ වෙලාවේදී සෑහෙන රස්නයක් තිබුණු නිසා


    ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් විවේකයක් අරගෙන අපි අරගෙන ආපු පාන් ටිකක් කාලා බඩු මුට්ටු එහෙම්මම තියෙද්දී වතුර සෙවීමේ ගවේෂණයක යෙදුනා.
    ඒ අතරේ රෑට උයන්නයි, ගිනි මැලයකටයි අවශ්‍ය දර ටිකකුත් හොයා ගත්තා.
    වතුර සෙවීමේ කාර්යය තමයි අමාරු වුනේ.
    කන්ද මුදුනේ තිබුණු පොඩි වතුර වලවල් සෑහෙන වගේ හිඳිලා. එකක් දෙකක් විතරමයි තිබුනේ.නමුත් එව්වයෙත් බොන්න, උයන්න තරමේ සුදුසු වතුර නෙමේ තිබුනේ.
    එක නිසා හිස් වතුර බෝතල් ටිකකුත් අරගෙන වතුර මුලාශ්‍රයක් සෙවීමේ කටයුත්ත මම බාර ගත්තා.කන්දේ මුදුනෙන් පටන් ගන්න සිඳුණු දිය පාරක් ඔස්සේ විනාඩි විස්සක් විතර පහලට ගිහින් වතුර සීරාව තිබුණු තැනකින් බෝතල් ටික පුරවගන්න හැකි වුනා.

    R5UBXWE.jpg

    දර එකතු කරන ගමන්

    6NIE2Vd.jpg


    Mk44dTu.jpg

    බෙලිහුල්ඔය නගරය

    FwPYveA.jpg


    uvNTBHU.jpg

    සමනල වැව ජලාශය

    EJf4KeM.jpg

    වතුර සෙවීමේ මෙහෙයුමට සුදානමින්

    KlDvtNh.jpg

    පැය බාගයක් කිට්ටු වෙලාවක් ඇවිදලා හොයා ගන්න හැකි වුනු වතුර සීරාව. වෙලාවේ හැටියට සෑහෙන ප්‍රයෝජනවත් වුනා.ආපහු හවසත් වතුර අරන් එන්න සිද්ද වුනා.

    Dia4v7o.jpg


    9TtsloZ.jpg


    oN6Svtw.jpg


    PJixAAu.jpg


    GE9lprh.jpg

    කලින් වතාවේ අපි පල්ලම් බැස්සේ මේ පෙන මාන තලාව දිගේ.ඈතින් පේන්නේ ආදර කන්ද වන්ගෙඩිගල කඳු යාය.

    2vUYsix.jpg

    බෙලිහුල්ඔය ශු. මරියා පල්ලිය


    q8IirD6.jpg


    ඔහොම කන්ද වටේ සුන්දරත්වය බලපු අපි හවස් වෙද්දී ආපහු වතුර බෝතල් පුරවාගෙන කුඩාරමත් අටවාගෙන රෑට අවශ්‍ය කරන කෑම බීම උයන්න තමා සුදානම් වුනේ.
    හැන්දෑවේ ඉර බහින්නත් බොහොම කිට්ටුයි.
    වටින් ගොඩින් අහස ගිනියම් කරගෙන ඉර බහින්න ලැස්ති වෙද්දී අහස තලය පුරා ඇඳුනු සිතුවම මගේ ජීවිතේ දැකපු ලස්සනම සැන්දෑවක් කියල කියන්න පුළුවන්.
    ඒක ඒ තරමටම ලස්සනයි.
    බටහිරින් ඉර බහිද්දී ගිනියම් වුනු බටහිර අහසත්, දම්, තැඹිලි ,නිල් පාටින් වර්ණ ගැන්වුණු නැගෙනහිර අහසත් දැක්කම අපිට ඇස් අදහා ගන්න බැරි වුනා.
    ඒ මොහොත ජීවිතේ විඳපු සුන්දරම අවස්තාවක්.

    Qf3s0pr.jpg


    A7l85bO.jpg

    බටහිර අහස් කුසෙන් ඉර අවරට යන හෝරාවේ

    Nf0uSVy.jpg


    IvcTjZV.jpg


    LEShHIt.jpg


    LkOr9xB.jpg


    ZoFFuYd.jpg


    f08zgsx.jpg


    Ehey6mq.jpg

    නැගෙනහිර අහසේ ඇඳුනු සිතුවම්

    ඉතින් ඒ සුන්දරත්වය ඇස් දෙකෙන්ම දැකපු මොහොත අපි ඔක්කොගෙම සිත් පැහැර ගත්තා.
    නමුත් ඉතින් කාලය බොහොම වේගයෙන් ගියා.ඉක්මනින්ම කළුවර වැටුණු නිසා අපි ගිනි මැලයක් එහෙම සුදානම් කරලා, රෑට නූඩ්ල්ස් එකක් හදාගෙන
    රෑ කෑම වේලට සුදානම් වුනා.
    එදා රාත්‍රිය අපි බොහොම විශේෂ සංග්‍රහයකින් තමා සප්පායම් වුනේ.එදා අපි අලුත් අත්හදා බැලීමක් කළා.
    ඒ තමයි තැඹිලි වයින්, චොකලට් සහ කෝපි. ඇත්තටම ඒ වට්ටෝරු තුන හොඳින්ම ගැලපුනා.ඇඟේ මහන්සිය නිවෙනවා විතරක්ම නෙමේ, හොඳ ප්‍රබෝධයක් දැනෙනවා.
    එදා රාත්‍රියේ තවත් විශේෂ සිදුවීමක් වුනා.

    ඒ තමයි, රෑ අපි කෑම කාලා පොඩි කතාවක් දාගෙන ඉන්න අතරේ 9 විතර අපිට ඈතින් හූ හඬක් ඇහුනා.ටිකක් වෙලා අතරින් පතර සද්දේ ඇහුනු නිසා කොහොම හරි අපි ටිකක් කන්දේ අනිත් මායිමට ඇවිත් ටෝච් එක ගහමින් පිළිතුරු හූවක් දුන්නා.
    මෙන්න ටික වෙලාවකින් 7,8 දෙනෙකුගේ නඩයක් එනවා.පස්සේ ඉතින් ඒ කට්ටියටත් කුඩාරම අටවන්න සහයෝගයක් දීලා, රාත්‍රිය ගෙවෙන යාමයේ නින්දට වැටුනා.

    dH2Nz6e.jpg

    පෝය දවසට කලින් හඳ

    n0CUKYh.jpg

    අපේ විශේෂ රාත්‍රී පානය - වයින්, චොකලට් සහ කෝපි

    DLpAElD.jpg


    කොහොම හරි ඉතින් රාත්‍රිය ගෙවිලා පහුවෙනිදා පාන්දරම නැගිට්ටේ ලස්සන ඉර උදාවක් බලන්න හිතේ අදහස් කරගෙන. නමුත් ඉතින් සොබාව ධර්මයා ඒ අවස්තාව අපිට දුන්නේ නෑ.
    අහස වලාකුළු වලින් වැහිලා තිබුනේ.ටිකක් වෙලා ගියාට පස්සේ තමා අහස පැහැදිලි වුනේ.

    FxxHj3T.jpg


    FKKGhaO.jpg


    PRkMUyg.jpg


    6PprJMD.jpg

    අහස වලාකුළු තිබුණු නිසා ලස්සන ඉර උදාවක් දකින්න ලැබුනේ නෑ.

    5CXbcWn.jpg


    BKEHJGp.jpg


    vxFjEZv.jpg


    Zw4WWwv.jpg

    කලින් දවසේ ගත්තු පොඩි ආතල් එකක්

    කලින් දා රෑ ආපු නඩෙත් අපිට කලින් උදෙන්ම පිටත් වුනා.
    ඉතින් උදේටත් කෑම එකක් හදාගෙන කාලා, කඳවුරු බිමත් අස්පස් කරලා ඉවර වෙද්දී උදේ 9 විතර වුනා.
    ඊට පස්සේ ආපු පාරෙන්ම ගිහිං ලඳුයාය ගමට බහිද්දී දවල් 12 විතර කිට්ටුයි.
    ආපසු ගමනේදී නම් සැරින් සැරේ මීදුමක් එහෙමත් පාත් වුනා.
    ඉතින් ගමට ඇවිත් පහල කඩයක් ගාව බිස්කට් එකක් එහෙම කද්දී මෙන්න හම්බුනා අපේ පරණ යාලුවෙක්.
    ඒ තමයි කලින් වතාවේ අපිත් එක්ක කන්දේ ආපු අපේ බලු යාලුවා.ඉතින් එයාටත් පොඩ්ඩක් වෙලා කතා කරලා,
    ගමේ පීල්ලකින් නාලා දවල් වෙද්දී බෙලිහුල්ඔය ට ගිහින් එතනින් හවස් වෙද්දී කොළඹට ඇවිත් බොහොම සාර්ථක ගමනක් ඒ විදිහට නිමා කළා.

    nNCOMh2.jpg

    ආපහු ගමනේදී නම් මීදුම ටිකක් තිබුනා


    a8LGnVL.jpg


    OkNvqdA.jpg


    B44sI70.jpg


    X9Yk0s5.jpg


    E1D8cSw.jpg

    ආපේ පරණ යාලුවා නැවතත් දකින්න ලැබුනා


    ඉතින් ඔය විදිහට අපේ හාවාගල දෙවනි සංචාරයත් සාර්ථකව අවසන් වුනා.
    තවත් නූලකින් මේ වගේ සුන්දර සංචාරක ඉසව්වක තොරතුරු අරගෙන එන්නම්.:yes:


    සංචාරක ඉසව්ව - බෙලිහුල්ඔය, හාවාගල
    සිතියම් - නැත
    කණ්ඩායමේ පිරිස - 03 යි.
    ගමන් ආරම්භය ප්‍රවාහන මාධ්‍යය - කොළඹ බදුල්ල බසයෙන් බෙලිහුල්ඔය සහ එතනින් ලඳුයාය ඉහල ගලගම බසයෙන්.
    සැලකිය යුතු කරුණු - වර්තමානය වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හාවාගල අවසරයකින් තොරව සංචාරය සඳහා ලබා නොදෙයි.
    අනවසරයෙන් ඇතුළු වන්නන්ට මුදලින් රු. 20 000 දක්වා දඩ නියම කෙරේ.
    හාවාගල අයත් වන්නේ සමනල අඩවිය අධි රක්ෂිත කලාපයටයි.

    ( අපේ සිංහලු 50, 60 පිටින් නඩ ගිහින් ගමේ මිනිස්සු එක්ක ප්‍රශ්න දාගෙන, වතුර ජරා කරලා, කුණු දාලා ඇවිත් ගමේ මිනිස්සු තරහා කරගෙන නිසා ගම්මු දැන් පිටින් එන උදවිය කන්දේ යනවට අකමැතියි.
    වන සංරක්ෂණයට නීතිමය අයිතියක් සහිත භූමියක් නිසා දැන් තහනම් කලාපයක් කරලා තියෙන්නේ )
    :sorry::sorry::sorry:


     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    හැමදාම වගේ නයිස් :love:

    උඹ ටිකක් සුදු උනානම් ඩික්ටේටර් වගේ :lol::rofl:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සුපිරි බන් :):)

    කන්ද මුදුනේ තැඹිලි වයින් එක්ක චෝකොලට් සහ ගිනි මැලේ :love::love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :growl::growl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Dia4v7o.jpg


    හාවාගල මුදුනේදී හමුවූ.. නිට්ටෑවෙක්...
    Rep +++++