ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා..lyrics

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා..lyrics

    පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
    සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
    හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
    ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා...


    හින වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
    නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
    මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා
    මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා
    මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා....

    හිත රිදවන කතා ගොතා කියන්නට එපා
    මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා
    අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
    ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

    ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා....