නදී ගැන හොයලා බලන්න ඕන කියලා හිතලා ඒ පැත්තෙ යනකොට අර කොල්ලා හම්බ වුනා. කොල්ල විස්තර දන්නෙත් නෑ. ඌ මගෙන් විස්තර ඇහුවම මම විස්තරේ කිව්වා නැවැත්තුවා කියලා. ඌ මට බැන්නා. නදී කියන්නෙ 1000 කින් හොයා ගන්න බැරි කෙල්ලෙක්.. උඹත් කැම්පස් නිසයි නදීට හොඳ කලක් යයි කියලා හිතලයි ඌ අයින් වුනේ.. හැබැයි නදී ගෑනියෙක් වුන කතාව කිව්වෙ මට එපා කරවලා ඌටම සෙට් වෙන්න ඕන නිසා කියලා ඌ කිව්වා. කොහොම හරි වුන දේ වුනා.. නදී මට මගහැරුණා..
ඌ මට උගේ නම්බර් එක දිලා කිව්වා නදී ගැන විස්තරයක් දැන ගත්තොත් ඌට කියන්න කියලා ඌ නම්බර් එකත් දුන්නා. කාලය කෙමෙන් ගලා ගියා... නදී කොලඹ ඉන්නවා කියලා යාලුවොන්ගෙ මාර්ගෙන් දැන ගන්න ලැබුනා. මමත් අර කොල්ලත් නිසා නදීගෙ පවුලෙ ප්රශ්නත් නිසා නදී කොලඹ නැන්දා කෙනෙක්ගෙ ගෙදර නැවතිලා ඉන්නවා කියලා ආරන්චි වුනා.
අවුරුදු 3ක් ගෙවිලා ගියා. මම සෞක්ය අංශයෙ ඉහල පෙලේ රැකියාවකට සෙට් වුනා. කොලබට ආවා. කොලඹට ආවම නදී මතක් වුනා.. පරන නම්බර් යාලුවො ඔක්කොගෙන්ම අහලා බලන්න ඕන වුනා. හෙව්ව හෙව්ව කිසි කෙනෙක්ගෙන් තොරතුරක් ගන්න බැරි වුනා. මට 100% ශුවර් එකක් තිබ්බා කලින් කොල්ලා දන්නවා අති කියලා. උගෙත් නම්බර් එක අමාරුවෙන් හොයාගෙන ඌට කතා කරා... ඌට මාව මතක නෑ.. පස්සෙ දැන ගත්තෙ ඌ ගංජා ගහලා මොලෙ කේස් වෙලා. උගෙන් ඇහුවට වැඩක් නෑ නෙ.. හොයන්න යන්න වෙලාවකුත් නෑ.
කිව්වට විශ්වාස කරපන් මම කාසල් එකෙ රෙජිස්ට්රි පවා බලපු කාලයක් තිබ්බා..බබෙක් වත් හම්බ වෙන්න ඇවිල්ලා ද කියලා...
හොයා ගන්න බැරි වුනා....
දවසක් හදිසියෙම වෙඩින් එකකට යන්න ඕන වෙලා කොලඹට නුදුරු රෙදි කඩේකට රිංගුවා.
නදී ඉන්නවා ඇතුලෙ... තනියම නෙවෙයි ඩ්රයිවර් එක්ක...
කිසිම වෙනසක් නැතුව වෙනදා වගේම කතා කලා. වෙනදා වගේම ආදරේ හිතුනා.. දැන් ලස්සනයි මාර විදියට... විස්තර ඇහුවම කිව්වා එයා මේ ශොප් එකට ලේඩිස් අයිටම් දානවා.. එයාට ගාමන්ට් ෆැක්ටරි දෙකක් තියෙනවා. බොහොම පොඩියට කරගෙන යනවා කියලා... ඩ්රයිවර් එක්ක ආවා කිව්වම මට මහා පරාජිත හැඟීමක් ආවා.. ආපු වැඩෙ බාගෙට කරගෙන මම යනවා කියලා කිව්වම මගෙ පස්සෙන් එලියට ආවා.. අර තියෙන්නෙ මගෙ ජීප් එක කියලා කියා සෙරෙන්ටෝ 2017 එකක් පෙන්නුවා.
ෆෝන් නම්බර් එක අරගෙන ඇවිල්ලා දවසක කෝල් කලා නදීට...
අර කොල්ලගෙ සින් එකෙන් පස්සෙ කිසිම කොල්ලෙක් ගැන හිතල නෑ...පස්සෙන් ඇවිල්ලා තියෙන අයටත් කැමති වෙලා නෑ.. මම නිසා...
දැන් බන්න්දින්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවම ඔව් කිව්වා. පුද්ගලික බැංකුවක සහකාර කළමණාකාර වරයෙක්...
දෙන්නා එකතු වෙලා පොඩි ගාමන්ට් එකක් දාගෙන... කොලඹ තියෙන හැම රෙදි කඩයකම නදීගෙ රෙදි තියෙනවා.. නදී කැම්පස් එකෙන් පස්සෙ ෆැශන් ඩිසයින් ජොබ් එකකට ගිහින්. එතනින් ගත්ත දේවල් එක්ක ජීවිතෙ ගොඩ නගාගෙන ගිහින්... ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම ඌ සෙට් වෙලා තියෙන්නෙ..
මම ඇහුවා කාටද වැඩියෙන්ම ආදරේ කියලා... ඉස්සරවෙලාම කොල්ලට කිව්වා.
ඇයි කියලා ඇහුවම ඌ මට එහෙම කර නිසා තමා මම මේකෙ යන්නෙ කියලා ජීප් එක පෙන්නුවා.
එතකොට මම ?
ඔයාට ආදරේ කල එක්කෙනෙක් විතරයි මම කියලා නදී හිනා වුනා...
End -
Moral of the story
මිනිස්සුන්ට කොහේවත් වරදින්නෙ නෑ... නිවැරදි මාර්ගය පෙන්නුම් කරනවා විතරයි....
Issela kiwwe monaragala kiyala ne?
Monaragala wunata Badulle uge contacts - Ganja Pots
------
Post added on Sep 22, 2021 at 4:51 PM