මහින්දගෙ සංවර්ධනය, යුද්ධය, ජාතික ආරක්ෂාව, විදේශ ප්රතිපත්ති හොඳ උනාට ආර්ථික ප්රතිපත්ති එච්චරම හොඳ නෑ. පොහොර සහනාධාරය ගොඩක් හොඳයි. ඒත් 350 ට පෝර දීලා , ගොවියට තව සහන ගොඩක් දීලා වී කිලෝ එකක් නිශ්පාදනය කරන්න රු.30 ක් යනවා නම් අල කිලෝ එකක් නිශ්පාදනයට රු. 60 ක් විතර යනවා නම් ඒක වැඩක් නෑ. පාරිභෝගිකයගෙන් බදු ගහලා ඒ සල්ලි ගොවියන්ට දීලා ගොවියන් කීපදෙනෙක් බේරගන්න මුළු රටම බඩගින්නෙ තියන එක නිවැරදිද? පිටරටින් හාල්, අල, ළූණු කිලෝව රු. 20-30 ට ගෙන්න පුළුවන්. ඒ කියන්නෙ එහේ කිලෝවක නිශ්පාදන වියදම රු. 10 විතරනේ ද? මහින්ද රටේ භාණ්ඩ කර්මාන්ත ඇති කලා මදි. බිස්නස් වලට සහාය දුන්නා මදි.
ආර්ථික ඔස්තාර්ලා යයි කියපු රනිල්, හර්ෂ, රවී ගෙ ආර්ථික ප්රතිපත්ති ඊටත් අන්තයි. උන් වී-50, අල- 80 කරන්න හැදුවා. ඒ වැඩිවෙන මිළ පාලනය කරන්න තෙල්වල බදු අඩු කෙරුවා. ආණ්ඩුවේ සල්ලි හිඳුනා. පාරිභෝගිකයට සෙතක් උනේ නෑ. රටට සල්ලි නෑ දැන්. බිසනස් වලට නීති දාලා, බදු ගහලා මහින්දටත් අන්ත විදියට බිස්නස් වැට්ටුවා.
මහින්දගෙන් අසාධාරණයක් උනේ පාරිභෝගිකයට විතරයි. ආර්ථිකේ 8% වේගෙන් වර්ධනය උනා. ඒත් දැන් යහපාලනෙන් රටේ ආර්ථිකේ බින්දුවටම කඩන් වැටුනා. තව මාසයක් මෙහෙම රට දිව්වොත් ආර්ථිකේ ඍණ වේවි. චන්ද්රිකාගෙ කාලෙත් 2001 දි ආර්ථිකේ ඍණ වෙලා තමයි ආණ්ඩු පෙරළුනේ. ඒත් දැන් මාසයක් ඡන්දෙ කරන්න රටේ සල්ලි නෑ. චීනෙට බැනලා ඇමරිකාවටයි, ඉන්දියාවටයි රට විකුණුවට උන් අපිට සල්ලි දෙන්නෙ නෑ. උදව් කරන්නෙත් නෑ. - FaceBook