ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන්



    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන්

    අද පවතින බොහෝ මෝටර් රථ සඳහා හයිඩ්‍රොලික් පවර් ස්ටීරියන් සිස්ටම් වෙනුවට ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් හඳුන්වා දී ඇ‌ති අතර ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් හඳුන්වා දීමට මූලික වූ කරැණු ලෙස,එන්ජිම මත පැටවෙන බර අඩු කිරීම මගින් ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සහ ලෝකයේ ඔයිල් වර්ග භාවිතා කිරීම අඩු කිරීම කියලා කියන්න පුලුවන්.

    ඒ‌ අනුව මුලින්ම ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් කියන එක භාවිතයට එන්නේ 1988 දී Suzuki Cervo මෝටර් රථයත් සමග.ඒ‌ අනුව සෙසු මෝටර රථ නිෂ්පාදකයින් ද ඔවුන්ගේ මෝටර් රථ සඳහා ද ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් භාවිතා කිරීම ආ‌රම්භ කරලා තියෙනවා.

    එන්ජිමේ ක්‍රෑන්ක් පුලියට සම්බන්ධ ඩ්‍රයිව් බෙල්ට් එකක් මගින් ක්‍රියාත්මක වන සාමප්‍රදායික හයිඩ්‍රොලික් පවර් ස්ටීරියන් සිස්ටම් වල දී ස්ටීරියන් වීලය හැර වුවත් නැතත් එක දිගට එන්ජිම මගින් හයිඩ්‍රොලික් පම්ප් එක ක්‍රියාත්මක වෙමින්,හයිඩ්‍රොලික් රෙසවරය හා පම්ප් එක අතර ඔයිල් සංසරණය වෙමින් පවතින නිසා ඒ‌ මගින් මෝටර් රථයේ ඉන්ධන භෝජනය ඉහළයාමට අමතර බලපෑමක් ඇ‌තිවෙනවා.

    ඉලෙක්ට්‍රික් ස්ටීරියන් සිස්ටම් වලට මාරු වීම මගින් එන්ජිම මත පැටවන බර ස්ටීරියන් වීලය හැරවීම් අවස්ථාවන්ට පමණක් සීමා වීම මගින් එන්ජිමට පැටවෙන බර අඩු වීම නිසා වඩා හොඳ ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාවක් ලබා ගත හැකි අතර සමාන්‍යයෙන් එම අගය හයිඩ්‍රොලික් පවර් ස්ටීරියන් වලට වඩා 2.5% ඉන්ධන පරිභෝජනය අඩු වීමක් ලෙස මෝටර් රථ ඉන්ජිනේරැවරැන් පවසනවා.ඉලෙක්ට්‍රික් මෝටරය සහ අනිකුත් උපාංග සඳහා අතිරේක ඉලෙක්ට්‍රික් ලෝඩ් එකක් අවශ්‍ය වන විට පමණක් ඕල්ටර්නේටරය මගින් බර වැඩිවීම තවදුරටත් එන්ජිමට යොදනු ලැබුවත් පැරණි මාදිළියේ හයිඩ්‍රොලික් පොම්ප එක දිගට ක්‍රියාත්මක වන විට ඇ‌ති වන බලපෑමට වඩා අඩු බලපෑමක් ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් මගින් ඇ‌ති කරනු ලබයි.

    කොහොමද ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් එකක් වැඩ කරන්නේ?

    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන්(EPS) එහමත් නැත්නම් ඉලෙක්ට්‍රික් පවර් ඇ‌සිස්ට් ස්ටීරියන්(EPAS)සිස්ටම් වල දී ස්ටීරියන් වීලය හැරවීමේ දී ස්ටීරියන් ඈන්ගල් සෙනේසරය සහ ස්ටීරියන් කොලම් ටොර්ක් සෙන්සර් පිස්ටන් එක මගින්,ස්ටීරියන් කොලම් එක කරකැවීමේ දී ඇ‌තිවෙන කැරකුම් ව්‍යාවර්ථය හඳුනාගෙන ඒ‌ බව පවර් ස්ටීරියන් කොන්ට්‍රෝල් මොඩියුල් එක වෙත ලබාදෙන අතර එහීදී කොන්ට්‍රෝල් මොඩියුල් එක මගින් ස්ටීරියන් කොලම් හෝ ස්ටීරියන් ගියර් මත සවිකර ඇ‌ති ඉලෙක්ට්‍රික් මෝටරය මගින් විවිධ ධාවන තත්වයන්ගේ අවශ්‍යතාවය මත ස්ටීරියන් වීලය හැරවීමට අතමර ව්‍යාවර්ථයක් ඉලෙක්ට්‍රික් මෝටරය හරහා ලබාදෙන අතර මෙහිදී රියදුරා විසින් ස්ටීරියන් වීලය ස්ථාවර අවස්ථාවක තබාගෙන සිටින්නේ නම්,ඉලෙක්ට්‍රික් මෝටරය මගින් ස්ටීරියන් වීලය සඳහා කිසිදු ආ‌කාරයක ආධාරයක් ලබාදෙන්නේ නැහැ.

    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් මගින් ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ වාසිය පමණක් නොව ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් සහ පරිගණකය පාලනය මගින් ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් ක්‍රමය විවිධ තාක්ෂණ සඳහා වැඩසටහන්ගත කළ හැකිරීමේ හැකියාව ද පවතිනවා.උදාහරණ ලෙස;පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම්,ලේන් කීප් ඇ‌සිස්ටන්,එමර්ජස්සි ටර්න් ඇ‌සිස්ට්,ඇ‌ඩප්ටිව් කෲස් කොන්ට්‍රෝල්,ට්‍රැෆික් ජෑම් ඇ‌සිස්ට්,හෑන්ඩ් ඔෆ්/හෑන්ස් ප්‍රී ෆන්ෂන් සහ ඔටෝ පයිලට් වැනි නවීන මෝටර් රථ ඇ‌ක්ටිව් සේෆ්ට් සිස්ටම් සඳහා වැඩසටහන්ගත කිරීමේ හැකියාවන් දැක්විය හැකිය.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    11/09/2017