ඉලෙක්ට්‍රික් වැඩ්ඩෙක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉලෙක්ට්‍රික් වැඩ්ඩෙක්

    කියපන්කො දන්නවනම් rpm එක අඩු වැඩි කරන්න පලුවන් මෝටරයක් හදාගන්න විදිහක්.. කඩෙන් ගන්න තියෙයි ද... rpm එක අඩු power එක ටිකක් වැඩි එකක් ඕනි.. කීයක් වගෙ වෙයිද... මේසෙ උඩ තියන්න පුලුවන් පොඩි වෙසක් කූඩුවක් වගෙ එකක් කරකන්න....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    එහෙම එකකට නම් සාමාන්‍ය මෝටරේක RPM එක අඩු කරලා හරියන්නෙ නැහැ ඉලෙක්ට්‍රිකලි RPM එක අඩුකරොත් ටෝක් එකත් අඩු වෙනවා

    සාමාන්‍ය භාවිතේදි RPM එක ඇජස් කරනවා බ්‍රශ්ලස් මෝටර් වල ඒ උනාට ඒවයෙ තියෙන්නෙ හයි RPM ඒවයින් වෙසක් කූඩු කරකවන්න බැහැ

    ඕන නම් ස්ටෙපර් මෝටරයක් යූස් කරන්න පුලුවන් ඒකෙ ලොකු RPM එකක් ගන්න බැහැ ඒත් වෙසක් කූඩුවක් කරකවන්න පුලුවන් ලොකු බරක් ඇදගන්නත් පුලුවන් ආර්ඩුයිනෝ එකක් යූස් කරලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන් ඒකට ස්ටෙපර් ඩ්‍රයිවර් බෝඩ් එකකුත් ඕන වෙසක් කූඩුවක් කරකවන්න වගේ දේකට නම් වියදම වැඩි වෙයි

    ඕකට හොදම වැඩේ තමයි ගියර් යූස් කරලා RPM එක අඩු කරන එක එතකොට ටෝක් එකත් වැඩි වෙනවා හදපු ගියර් මෝටර් තියනවා සරලවම වෝල්ටේජ් එක අඩු වැඩි කරලා RPM එක අඩු වැඩි කරගන්න පුලුවන් යම් තාක් දුරකට සමහර ගියර් මෝටර් තියනවා එකම RPM එකක් තියන ඒවා එවායෙ වෝල්ටේජ් එක වෙනස් කරා කියලා RPM එක වෙනස් වෙන්නෙ නැහැ

    මට හිතෙන විදියට ඕකට තියන සරලම විසදුම තමයි
    පොඩි සර්වෝ මෝටරයක් යූස් කරන එක, ඒක ඇතුලෙ ගියර් සිස්ටම් එකකුත් තියනවා, සාමාන්‍යෙන් සර්වෝ එකක් ඩ්‍රයිව් කරන්න කන්ට්‍රෝල් සර්කිට් එකක් ඕන, ආර්ඩුයිනෝ එකක් හරි පික් එකක් වගේ, ඒ උනාට සර්වෝ මෝටරයක් සම්පූර්ණ වටයක්ම කැරකෙන්නෙ නැහැ ඒකෙ එක ගියර් එකක පොඩි ලොක් එකක් තියනවා ඒක කපලා දාල ඒකෙ තියන ඩ්‍රයිවර් සර්කිට් එක අයින් කරාම ආර්ඩුයිනෝ එකක් නැතුව පොඩි RPM එකකින් කැරකෙන වෙසක් කූඩුවක් වගේ දෙයක් කරකවාගන්න පර්ෆෙක්ට් මෝටරයක් ලැබෙනවා

    ඉස්සර නම් අපි පොඩි වෙසක් කූඩු කරකවන්න ගන්නෙ පරන වයින් ඔරලෝසුවක ඇතුලෙ තියන ගියර් සෙට් එක, ඒකෙ තියන කටු ටික ගලවලා වයින් කරන දුන්නඑහෙම අයින් කරලා එකකින් එකක කරකවන දැතිරෝද තුනක් විතරක් ඉතුරු කරගෙන පොඩිම ගියර් එකට රබර් පටියක් දාල මෝටරේකින් කරකවනවා ලොකුම ගියර් එකෙන් වෙසක් කූඩුව කරකවනවා
     

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    කියපන්කො දන්නවනම් rpm එක අඩු වැඩි කරන්න පලුවන් මෝටරයක් හදාගන්න විදිහක්.. කඩෙන් ගන්න තියෙයි ද... rpm එක අඩු power එක ටිකක් වැඩි එකක් ඕනි.. කීයක් වගෙ වෙයිද... මේසෙ උඩ තියන්න පුලුවන් පොඩි වෙසක් කූඩුවක් වගෙ එකක් කරකන්න....

    ගියර් මෝටර් එකක් ගන්න. ඒක තමයි ලේසිම වැඩේ.:cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ස්ටෙපර් මොටර් එකක් දාලා ආර්ඩුඉනො කරාගනම්
    RPM ඔනි විදිහටහ් හදාගන්නහ් පුලුවන්
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,116
    494
    113
    Gampaha
    Stepper motor use karanna. Nema 24 wage ekak athi wei. L298 and Arduino use karala control karanna puluwan