ඉලෝන්_මස්ක්

r runner

Member
May 12, 2015
2,396
781
0
විද්‍යා ප්‍රබන්ධ වලින් අපි දකින අනාගත ලෝකය ඇත්ත කරන්න හිතන ඉලෝන් මස්ක් ගැන කරුණු 7ක්







තව අවුරුදු 1000 කින් මිනිස් වර්ගයා ඉවරෙටම ඉවර වෙයිද කියලා කතා කරපු ආටිකල් එකේදී අපි කිව්වා ස්ටීවන් හෝකින්ග්ස් වගේම මේ අනතුර ගැන කියලා රජයට ලියුමකුත් යවන්න හෝකින්ග්ස් එක්ක එකතු වුණු හාදයෙක් ගැන. ඉලෝන් මස්ක්. ඔව්, මේ අමුතු නමක් තියෙන හාදයා ලෝකේ 80 ට ඉන්න සල්ලිකාරයා වීම හින්දා නෙවෙයි හැමෝගේම කතාබහට ලක් වෙන්නේ. මනුස්සයාගේ අදහස් නිසා. ලෝකේ තව ඉස්සරහට තල්ලු කරන්න හේතු වෙච්ච අදහස් නිසා. කොටින්ම කිව්වොත් ඉලෝන් මස්ක් කියන්නේ අනාගතවාදියෙක්, අනාගතය දකින්නෙක්!

1. ඉලෝන් මස්ක්ගේ බැක්ග්‍රවුන්ඩ් එක



pathum-Elon-Musk-aniwa-01.gif
Source – youtube.com




ඉලෝන් මස්ක් දකුණු අප්‍රිකානුවෙක්. 71 අවුරුද්දේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා වල ඉපදුණු මස්ක් ඇත්තටම මල්ටිමිලියනර් කෙනෙක් වෙනවා අවුරුදු තිහ පනින්න කලින්ම. ඒ Zip2 කොම්පැණිය විකිණීමෙන්. මස්ක්ගේ ස්ටාර්ට්-අප් කොම්පැණිය වුණු Zip2 කියන්නේ ඇත්තටම Compaq පරිගණක සමාගමේ කොටස්කරුවෙක්.


මස්ක් කම්පියුටර් ගැන උනන්දු වෙන්න පටන් ගන්නේ අවුරුදු 10 වෙනකොටමයි. අනික් ඒ වයසේ ළමයින්ට වඩා සෑහෙන්න ඉස්සරහින් හිටපු මස්ක් ඒ වෙනකොටත් කම්පියුටර් ප්‍රෝග්‍රැමින් ගැන තනියෙන්ම ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉන් පස්සේ අවුරුදු 12 වෙනකොට තමන්ගේ පළවෙනි සොෆ්ට්වෙයාර් එක, ඇත්තම කිව්වොත් තමන්ම හදපු “බ්ලාස්ටර්” කියන ගේම් එක විකුණනවා. කොහොමහරි අවුරුදු 17 වෙනකොට මස්ක් කැනඩාවට සංක්‍රමණය වෙලා ක්වීන් සරසවියට ඇතුළත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ අනිවාර්ය හමුදා සේවයට බැ‍ඳෙන එකෙන් බේරෙන්න.


ඒත් 92 වෙනකොට මස්ක් ඒක අතෑරලා යනවා පෙනිසිල්වේනියා සරසවියට ව්‍යාපාර සහ භෞතික විද්‍යාව අධ්‍යයනය කරන්න. ඔහු ආර්ථික විද්‍යා උපාධියක් අරගෙන තව භෞතික විද්‍යා උපාධියක් ගන්න එතනම ඉන්නවා.



2. X.com



pathum-Elon-Musk-aniwa-02.jpg
Source – reddit.com




දැන් Zip2 විකුණලා ඉවර වෙලා මස්ක් පටන් ගන්නවා X.com නමින් ඔන්ලයින් මූල්‍ය සේවාවක් නැත්තං ඔන්ලයින් බැංකුවක්. මේ X.com සේවාවත් එක්ක එකතු වෙනවා සෙකියුරිටි සොෆ්ට්වෙයාර් ඩිවලොප් කරපු Confinity සමාගම. ඒක තමයි අද වෙනකොට PayPal දක්වා වර්ධනය වෙලා තියෙන්නේ.


පස්සේ කාලෙක ඊබේ එකෙන් පේපැල් මිලදී ගන්නවා ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වටිනා කොටස් වලට. මේ වෙළඳාම සිද්ධ වෙනකොට මස්ක් පේපැල් කොටස් සීයෙට 11 ක හිමිකාරයෙක්. හිතාගන්න පුලුවන්නේ මේකෙන් මස්ක්ටත් කොයි තරම් වාසියක් වෙන්න ඇතිද කියලා.



3. SpaceX



pathum-Elon-Musk-aniwa-03.jpg
Source – formaspace.com




Space Exploration Technologies Corporation නැතිනම් හැමෝම දන්න විදියට SpaceX කියන්නේ අභ්‍යවකාශයට යන එක සාපේක්ෂව අඩු වියදම් වැඩක් කරන්න සහ අඟහරු මත ජනපද ඇතිකරන එක සැබෑවක් කරන්න හිතාගෙන ඉලෝන් මස්ක් පටන් ගත්තු කොම්පැණිය. වාණිජ වශයෙන් අභ්‍යවකාශ චාරිකා සිදු කරන්න අවශ්‍ය අභ්‍යවකාශ යානා තනන එකත් SpaceX එකේ ප්ලෑනේ කොටසක්.


මේ කොම්පැණිය ඉතිහාසයේ වාර්තාවක් සටහන් කලා 2010 දෙසැම්බර් මාසේදී. ඒ අභ්‍යවකාශ යානාවක් අඩු-පෘතුවි කක්ෂයකට යවලා ආයෙ ගෙන්න ගත්තු පළමුවෙනි පුද්ගලික කොම්පැණිය විදියට. ඉන් පස්සේ 2012 දීත් SpaceX තව වාර්තාවක් තිබ්බා ඒ අයගේ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානාවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතට සහ එයින් පෘතුවියට බඩු ඩිලිවර් කරලා. ඔය කොන්ට්‍රැක්ට් එක නාසා එකෙන් දීලා තිබුණේ.


එතකොට 2017 අවුරුද්දේ නම ආයෙමත් ඇහෙන්න පටන් ගත්තේ ඕර්බිටල් ක්ලාස් රොකට් එකක් පළමු වතාවට නැවත පියාසැරියක යොදවන්න මේ සමාගම සමත් වීම හින්දා.


4. Tesla Motors




pathum-Elon-Musk-aniwa-04.jpg
Source – cleantechnica.com





මුළු ලෝකෙම අවධානය ඉලෝන් මස්ක් වෙතට යොමුවුණු තවත් අවස්ථාවක් තමයි ටෙස්ලා මෝටර්ස් සමාගම පිහි‍ටුවීම. මේකේ සම්පූර්ණ අරමුණ වුනේ මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලකට අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් පොදු වෙළඳපොළට නිෂ්පාදනය කරලා නිකුත් කිරීම. සමාගම 2003 පිහි‍ටුවලා අවුරුදු පහකට පස්සේ, 2008 දී ලිතියම් ඉයෝන් බැටරියකින් වැඩ කරන ස්පෝර්ට්ස් කාර් එකක් වෙන රෝඩ්ස්ටාර් නිෂ්පාදනය කරනවා. මේකට එක චාර්ජ් එකකින් සැතපුම් 250ක් යන්න පුලුවන් විතරක් නෙවෙයි, තත්පර 3.7ක් ඇතුළතදී පැයට සැතපුම් 60 ක් දක්වා වේගයක් ලබාගන්නත් පුලුවන්.



මේ කට්ටියගේ දෙවෙනි කාර් එක වෙච්ච Model S හඳුන්වා දෙන්නේ 2012 දී. 2015 සහ 2016 කියන අවුරුදු දෙකේදීම ලෝකේ වැඩියෙන්ම විකුණුන ඉලෙක්ට්‍රික් කාර් එක වෙන්නේ මේ සෙඩාන් එක තමා. ඔය විද්‍යා ප්‍රබන්ධ වල අපි දකින්නේ ලෝකේ හැමෝම ඉලෙක්ට්‍රික් කාර් පාවිච්චි කරනවා. ලෝකේ ඒ තැනට ගෙනියන්න පුරෝගාමියා වෙන්නේ ටෙස්ලා මෝටර්ස් වෙන්නත් පුලුවන්.




5. Solar City




pathum-Elon-Musk-aniwa-05.jpg
Source – mignews.com.ua





ඉලෝන් මස්ක්ගේ නම සඳහන් වෙන තවත් කම්පැණියක් තමයි SolarCity Corporation කියන්නේ. ඒ සමාගම විශේෂීකරණය වෙලා ඉන්නේ සූර්යබලශක්තිය සම්බන්ධයෙන් තමයි. මේ කට්ටිය ගෙවල් වලට සූර්ය බල ශක්ති පද්ධති, සූර්ය කෝෂ නිෂ්පාදනය සහ සවි කිරීම සඳහා අවසර අරන් ඉන්නේ.



ලෝකේ බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් විදියට සූර්ය බලය ප්‍රධානතම ලෝකේ පුනර්ජනීය බලශක්ති ප්‍රභවය බවට පත් කරන එක සහ ඒක මිනිස්සුන්ටත් වාසිදායක විදියට ලබාදෙන එක මේ සමාගමේ වුවමනාවක්.


6. OpenAI




pathum-Elon-Musk-aniwa-06.jpg
Source – futureoflife.org





දැන් අපි හැමෝම කෘත්‍රිම බුද්ධිය ගැන සෑහෙන්න කතා කරනවනේ. ඉලෝන් මස්ක් වුනත් ඒ ගැන සෑහෙන උනන්දුවක් දක්වනවා. ඇත්තටම OpenAI කියලා ඉලෝන් මස්ක් පටන් ගත්තේ කෘත්‍රිම බුද්ධිය ගැන පර්යේෂණ සිදුකරන ලාභ නොලබන ආයතනයක්. මේ අයගේ ඉලක්කය වෙන්නේ නිකම්ම කෘත්‍රිම බුද්ධියක් හදන එක නෙවෙයි. මිනිස් වර්ගයාට හිතකර, මිනිස් වර්ගයා එක්ක සාමයෙන් ඉන්න පුලුවන්, මිනිස් වර්ගයාට සමස්තයක් විදියට හොඳක් සිදුකරන මිත්‍රශීලී කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරන එක.



ඇයි මෙහෙම සමාගමක් හදන්නේ? ඒකට හේතුව කෘත්‍රිම බුද්ධිය ගැන ඉලෝන් මස්ක් දරණ අදහස. හෝකින්ග්ස් වගේම අනාගතය දකින්නෙක් වෙන ඉලෝන් මස්ක් තරයේම විශ්වාස කරනවා මිනිස් වර්ගයා පරිස්සම් වුනේ නැතිනම් ටර්මිනේටර් ටයිප් එකේ රොබෝලා ඇවිත් ලෝකේ අල්ලගන්න සීන් එකක් වෙලා තමයි නවතින්නේ කියලා. ඉතින් ඒ නිසා මස්ක්ගේ මාස්ටර් ප්ලෑන් එකක් තමයි එහෙම දේකට මුහුණ දෙන්න මිනිස් වර්ගයාව සන්නද්ධ කරලා තියන එක.




7. ඉලෝන් මස්ක්ගේ මාස්ටර් ප්ලෑන්




pathum-Elon-Musk-aniwa-07.gif
Source – youtube.com/SpaceX Interplanetary Transport System





මෙහෙම බැලුවම හිතෙන්නේ ඉලෝන් මස්ක් කියන්නේ අති සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා නේද? හැබැයි ඇත්තටම ඉලෝන් මස්ක් කියන නම රත්තරන් නමක් වෙන්න තියෙන්නේ අනාගතයේදී. වෙනත් විදියකට කිව්වොත් සමහර විට අනාගතේ මිනිස්සු ඉලෝන් මස්ක් වෙනුවෙන් ප්‍රතිමා හදන්නත් බැරි කමක් නෑ. ඇයි අපි එහෙම කියන්නේ.



ඉලෝන් මස්ක්ගේ හැම කොම්පැණියක්ම, හැම ව්‍යාපෘතියක්ම මාස්ටර් ප්ලෑන් එකක කොටස් කියන එක අපිට පේන්න තියෙනවා. උදාහරණ විදියට පෙන්නුවොත් ටෙස්ලා සමාගමෙන් අනාගතයේදී සියලුම වාහන වර්ග ඉලෙක්ට්‍රික් වාහන විදියට නිර්මාණය කරන්න මස්ක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පික්-අප් ට්‍රක්ස් වල ඉඳන් අර කන්ටේනර් අරන් යන දැවැන්ත රිග්ස් දක්වා. එතකොට ජනාකීර්ණ ප්‍රදේශ වලට ඉලෙක්ට්‍රික් බස් පවා දාන්න මස්ක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වාහන වලට අවශ්‍ය විදුලි බලය නිෂ්පාදනය කරන්න තමන්ටම පුලුවන් සූර්ය බල ශක්තිය භාවිතයෙන්. මේකට දැනටමත් ටෙස්ලා සමාගමෙන් “පවර් වෝල්” කියන ගෙදරම තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් දැවැන්ත බැටරිය නිර්මාණය කරලා අවසානයි. ඒ කියන්නේ මේ ප්ලෑන් එක හරියට සිදුවුනොත් ලෝකයේ බලශක්ති අර්බුදය සෑහෙන්න දුරට නිමාවෙනවා විතරක් නෙවෙයි, පරිසර දූෂණයත් හිතාගන්න බැරි විදියට පහත වැටෙනවා.



එතකොට මස්ක් බලාපොරොත්තු වෙනවා ටෙස්ලා කොම්පැණියේ කාර්යක්ෂමතාවය දහගුණයකින් වැඩි කරන්න 2022 වෙනකොට. ඒ කියන්නේ ලෝකේ වැඩි දෙනෙක්ට බොහොම පහසු මිලකට ටෙස්ලා වාහන ලබාගන්න පුලුවන්. ඒ වගේම මිනිස් රියැදුරන්ට වඩා දහගුණයකින් ආරක්ෂාකාරී ඔටෝපයිලට් ඩ්‍රයිවින්ග්, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියකින් පාලනය වෙන රිය පැදවීමේ තාක්ෂණයන් ලෝකයට ගේන්නත් මස්ක් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රේඩාර්, සෝනාර් සහ වෙනත් තාක්ෂණයන් විතරක් නෙවෙයි, මිනිස් වර්ගයාට හානියක් කරන්නෙ නෑ කියලා ෂුවර් කරන්න පුලුවන් කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරන්නත් මස්ක් මහන්සි වෙනවා.



ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට වෙනත් ග්‍රහලෝක වල වාසයට යන්නත් හැකියාව අනාගතයේදී ලැබේවි කියලා ඉලෝන් මස්ක් හිතනවා. ඒකේ පළමුවෙනි පියවර තමයි අඟහරු ජනාවාස කිරීම.





දැන් තේරෙනවා නේද ඉලෝන් මස්ක් කියන්නේ මොන විදියේ හාදයෙක්ද කියලා?


source :- අනිවා Life Today Newsletter (තනිකරම කොපි පේස්ට්. තව එකෙක්ට බලන්න ශෙයා කරපන්):yes::yes::yes:
 

jinapala

Member
May 12, 2017
203
22
0
Paypal patan gatte wen eun dennek ban. Paypal patan aran auruddakata passe tamai Elon Musk eka salli walata gatte.
SpaceX unath Professor kenek tamai molakaru.
ELon Musk karanne profitable innovative ideas buy karana eka. Steve Jobs wage porak.

Elon Musk niyama minihek uu Tesla patent tikath public kalane
 
  • Like
Reactions: r runner

r runner

Member
May 12, 2015
2,396
781
0
Paypal patan gatte wen eun dennek ban. Paypal patan aran auruddakata passe tamai Elon Musk eka salli walata gatte.
SpaceX unath Professor kenek tamai molakaru.
ELon Musk karanne profitable innovative ideas buy karana eka. Steve Jobs wage porak.

Elon Musk niyama minihek uu Tesla patent tikath public kalane

Man e gana danuwath na ban .. but thanks for the details.. Rep added 7+++ ubawa nil kala
 
Last edited:

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ government campus වල ඉන්න එවුන් හදල තියෙන ඒවා එක්ක බැලුවම Elon Musk වගේ එවුන් කැලේ ලු. Elon Musk අගහරු වලට යන්න හිතනකොට අපේ කොල්ලෝ galaxies බර ගානකටම යන්න ප්ලැන් කරලත් ඉවරලු. මෝරා එකේ ලගදි හදපු car එකත් එක්ක බලද්දී tesla කියන්නේ සෙල්ලම්බඩුවක් වගේලු. Stanford University වගේ උපාධි කඩ වලින් degree ගත්ත එවුන් කොහේ හප්පෙන්නද අපේ university වල කොල්ලො එක්ක නේද? Elon Musk ට වගේ කැම්පස් එකේ ඉදිද්දිම රජයෙන් billion ගනන් අපේ කොල්ලොන්ටත් fund කරා නම් අද අපේ එවුන් විශ්වය පුරාම ගිහින් ගෙවල් දොරවල් හදල ඉන්නේ...
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ඉලෝන් මස්ක් තමා ඇත්ත ලෝකේ Iron Man / Tony Stark විදිහට හදුන්වන්නේ

    මේකේ තියන විදිහට ටෙස්ලා නෙවේ වැඩිම sale volume එක තියෙන්නේ Nissan (Nissan power 88 strategy එකේ එකක් තම electrical වාහන කියන segment එකේ leadership එක )

    මෙයාගේ අලුත්ම concept එක තම tunnel transportation එක video එකත් දැන්නම් යටින්

    2025 වෙද්දී Dubai automated කරන්න ඉන්නේ 25% transportation sector එක Taxi එක වගේ හැමදේම.

    එතකොට Tesla Mid term strategy එක 2020 වෙද්දී කාර් 500,000 විකුණන එක. හැබයි Model 3 එකත් එක්ක pre orders නිසා 2018 වෙද්දී target production එක 400,000

    අමතරව 2050 වෙද්දී Nissan target කරනවා Zero emission Zero Fatalities කියන concept එක.. Zero fatalities හදල තියෙන්නේ AI වැඩ කරන වාහන .. මේ වෙද්දී හදල තියෙන්නේ Nissan හැබෙයි Tesla මේ කියන දෙකම මීට කලින් achieve කරයි වගේ...



     
    • Like
    Reactions: r runner

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    where is the hyperloop and the boring company... a real life iron man to see... a character I respect a lot